❥︎03

386 132 49
                                    

"එයාව අපිට තියාගන්න පුලුවන් පුතා.ඒත් හැමදේම ලීගලි වෙන්න ඕනේ.අනික එයා එයාගේ නැනීට ගොඩක් ආදරෙයි වගේ.නැනීත් එයාව හොදට බලාගෙන තියෙනවා කියලා පේනවා.ඒ නිසා ඔයා නැනීවත් හොයා ගන්න බලන්න.මේ දරුවා ඔයාට හම්බුනේ හොද වෙලාවට පුතේ.නැත්තන් මොනවයින් මොනවා වෙයිද?" ටේහ්‍යුන්ගේ ඔම්මා කිව්වේ ළග හිටපු ටෙඩියවත් තුරුල් කරන ඩුවට් එකට ගුලි වෙලා සැපට නිදන් ඉන්න ලස්සන පුලුං බෝලේ දිහා බලාගෙන.

ටේහ්‍යුන් ජන්කුක් එක්ක එයාගේ ගෙදරට ආවත් එක්කම වගේ ජන්කුක් එයාගේ රියල් ඒජ් එකට ආවා.ඒ වෙලාවේ තමන් ඉන්නේ කොහෙද මොනවද වෙන්නේ කියලා හොදටම බය වුනු ජන්කුක් එක දිගට අඩන්න ගත්තේ තමන්ගේ ගෙදරදි වුනු දේවලුත් මතක් වෙලා වෙන්න ඇති.

කොහොමහරි ටේහ්‍යුන්ගේ ඔම්මා ඉක්මනට එතනට ඇවිල්ලා ජන්කුක්ව සන්සුන් කරපු නිසා හැමදේම හොදින් සිද්ද වුනා.

ජන්කුක්ගේ කතාව අහපු ඔම්මා අමාරුවෙන් කදුලු හංගන් ඉන්නවා ටේහ්‍යුන් නොදැක්කා නෙමේ.ඒවගේම අනවශ්‍ය ප්‍රශ්න අහලා ඒ අහිංසකයගේ හිත රිද්දන්නත් ටේහ්‍යුන්ගේ ඔම්මට ඕනේ වුනේ නැහැ.
අඩලා අඩලම මහන්සියට ඉබේම නින්ද ගිය ජන්කුක්ව තමන්ගේ කාමරේට ගෙනියපු ටේහ්‍යුන් එයාව පරිස්සමින් ඇද උඩ තියලා ඒ ඇස්වල කදුලු පිහදැම්මේ ආයි කවදාවත් ඒ ඇස්වලට කදුලු ගේන්නෑ කියන බලාපොරොත්තුවෙන්.

"මේ දරුවගේ මූන බලාගෙන ඒ දෙමාපියෝ කොහොම මෙහෙම දෙයක් කළාද දන්නේ නැහැ" ටේහ්‍යුන්ගේ ඔම්මා කිව්වේ සුරංගනාවකගේ වගේ ලස්සන හුරතල් මූන දිහා බලන්.

"එහෙම තමා හනී.තමන්ගේ ලෙයින් උපන් දරුවවත් කුනු කූඩෙට විසි කරලා යන මේ කාලේ මේ වගේ දේවල් පුදුමයක් නෙමේ.කෝමවුනත් ඔයා මේ දරුවව ගෙදර අරන් ආපු එක හොදයි ටේහ්‍යුන්.ඔයාට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න පුතේ.ඕනම දේකට ඔම්මයි අප්පයි ඔයාට ඉන්නවා." ටේහ්‍යුන්ගේ අප්පා ටේහ්‍යුන්ගේ පිටට තට්ටු කළා.

"තෑන්ක්‍ යූ අප්පා."ඔම්මවයි අප්පවයි බදාගත්තු ටේහ්‍යුන් හිමින් සැරේ මිමිනුවා.

....................................................

"නැනී බනා මිල්ක්" ඇස් දෙකත් පිහිද පිහිද මුමුනමින් පහලට ආපු ජන්කුක්ගේ ඇස් එකපාරට ලොකු වුනේ සාලේ හිටපු ටේහ්‍යුනුයි එයාගේ ඔම්මවයි අප්පවයි දැකලා.
බය වුනු පාර ජන්කුක් ටිකෙන් ටික පස්සට යන්න පටන් ගත්තා.

Sad Song| [Oneshot]Where stories live. Discover now