01 - කික්බොක්සිං ශූරතාවය

168 21 14
                                    

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

වර්ෂයකට වතාවක්, බීජීං ක්‍රීඩාංගණයේදී චීන සහ එක්සත් ජනපද පොලීසි සඳහා නිදහස් සටන් තරඟාවලියක් පැවැත්වේ.

"පෙරදින අප තෝරාගැනීමේ වටය පැවැත්වූ අතර බොහෝ කටුක තරඟවාර වලින් පසුව අවසන් මහා තරඟය සඳහා තරඟකරුවන් දහසය දෙනෙකු තෝරාගෙන ඇත." සත්කාරක විසින් මෙම දහසය දෙනාගේ නම් එක දිගට හඬනගා නිවේදනය කළේය.

"ජෝයි, ජොව් හුවාචියැන්ග්, බ්‍රවුන්, දායි ගාඕ ගාඕ, ෂියා යාඕ. ඇන්ඩර්සන්...."

නිල ඇඳුමින් සැරසුණු පොලිස් භටයන් දහසය දෙනෙක් සටන් වළල්ල තුළට ගියෝය. චීන ජාතිකයන් අට දෙනෙකු, ඇමරිකානුවන් අට දෙනෙකු ලෙස සිටි තරඟකරුවන් මුහුණට මුහුණලා සියල්ලෝම දැඩි කෝණයකින් යුතුව එකිනෙකාට හිස නමා ආචාර කළහ. එක්සත් ජනපද ප්‍රාන්ත කණ්ඩායමේ තුන්වෙනි ස්ථානයේ සිටි බ්‍රවුන් අංශක අනූවක පමණ කෝණයකට නැවී ෂියා යාඕගේ හිසේ සිට දෙපා දක්වා නිහඬව නිරීක්ෂණය කළේය. සල්ලාල නමුත් නුවණැති සිනහවක් ඔහුගේ මුවෙන් පහළ විය. වෙඩි තැබීමකින් තරඟයේ ආරම්භය සනිටුහන් විය. තරඟකරුවන් මුහුණට මුහුණලා සිටින අතර සෑම වටයකින්ම ජයග්‍රාහකයා ඊළඟ සටනට පිවිසෙනු ඇත.

චීන පොලිසිය සහ එක්සත් ජනපද පොලිස් බලකාය අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම කික් බොක්සිං තරඟාවලිය පෙරදිග හා අපරදිග සටන් කලාවන් දෙකක හමුවකි. අතිශයින් දරුණු සතුරෙකු පරාජය කිරීම සඳහා පාදවල චලනයන් කෙරෙහි චීන පොලිසිය අවධානය යොමු කිරීමට උත්සාහ කරයි. අනෙක් අතට ඇමරිකානුවන් සාමාන්‍යයෙන් මරණීය පහරවල් එල්ල කිරීමට තම හස්තය භාවිතා කරති. කෙසේ වෙතත්, බ්‍රවුන් ඒවායින් හොඳම දක්ෂයාය.

පළමු තරඟය බ්‍රවුන්ට එරෙහිව ජොව් හුවාචියැන්ග් ය.

පළමු සටනට අවතීර්ණ වූ බ්‍රවුන්, ජොව් හුවාචියැන්ග්ව පරාජය කළ අතර සරල පහරක් මඟින් හුවාචියැන්ග් බිම වැටුනේය. කෙටි මිනිත්තු කිහිපයකදී බ්‍රවුන් සිය චලනයන් සුමට ලෙස පෙන්වූ අතර, ඉඳහිට ප්‍රේක්ෂකයන්ගෙන් අත්පොළසන් හඬක් නැගෙන්නට විය. කිසිදු සැකයකින් තොරව බ්‍රවුන් පළමු ජයග්‍රහණය ලබාගත්තේය. තරඟවාර හතකට පසුවත් තරඟකරුවන් අට දෙනෙකු රැඳී සිටි අතර එහි ඇමරිකානුවන් තිදෙනෙක් සහ ෂියා යාඕද ඇතුළුව චීන ජාතිකයින් පස් දෙනෙක් සිටියහ.

Advance Bravely ( Sinhala Translation )Donde viven las historias. Descúbrelo ahora