සුරංගනා කතා එක

145 26 18
                                    

ඒ වනාහි මහා වොස්මෙඩ් රාජධානියේ ස්වර්නමය යුගයක් විය.දයානුකම්පිත හදවතින් රට වැසියා පාලනය කල මහා සයිරස් රජතුමා සහ නෝවා රැජිනගේ ආශිර්වාදයෙන් එකල්හි වස්සානයට හිනැහී සුපිපෙන මල් වලින්ද, ග්‍රීස්මයට අතග නැවී බර වෙන සරුසාර අස්වැනෙන්ද , සරත් කාලයේ රත් පැහැයෙන් දිදුළන තුරුලතාවන්ගෙන්ද, සිසිරයේ සැවොම ආදරයෙන් වැලඳගන්නා ශීත හිම පියලිවලින් ද රාජධානිය අලංකෘත වී තිබිණි.

තවද ඒ සැමටත් වඩා රාජ්‍යයේ පිබිඳෙන හිරු රැස හා බලාපොරොත්තතුවේ නියමුවානන් වූයේ උස්මිටි කම් නොතකා සැමට දඟකාර සිනහවක් තිළිණ කරමින් මහා ජවයකින් අගනුවර සැම තැන දුව පනින නිබිස්කි කුමරුවායි.ඔහුගේ නිල් දෙනයන සැමට මහා සාගරය සිහිපත් කරන අපූර්ව සේයාවක් විය.

වොස්මෙඩීන් මාලිඟාව වචනේ අර්ථ සමාපත්තියෙන්ම දෙව්ලොවට නොදෙවෙනි නිමැවුමක් විය.ඉමක් කොනක් නොපෙනෙන හරිත යායක් වූ රාජකීය උද්‍යානය සෑම සෘතුවකම විකසිත වී හිනැහෙන මල් වලින් පිරී තිබිණි.මකර රාජධානියේ අනර්ඝ මලින් වැසීයන පෲනස් ශාකයේ පටන් හිම නොදියෙන දිවයිනෙන් ත්‍යාග ලද ඇල්ස්‍රෝ මේරි මල් කැකුළිය දක්වා ලෝකයේ නෙක නෙක් දේශයෙන් ත්‍යාග ලද විවිධාකාරයේ තුරුලතාවෝ මාලිග උයන්පල්ලන්ගේ මනා රැකවරණයෙන් ඝාම්භීරව අතුපතර විදහා ජීවය බෙදූහ.

රන්වන් හිරු රැසින් රාජකීය උද්‍යානය කිමිදී ගිලී තිබූ සන්ධ්‍යාවක රාජකීය මව් රැජින හෙලේනා තම රන්වන් හුයෙන් ගෙත්තම් කල දම් පැහැ දිගු ගමුවේ ගෙත්තම් රටා සමඟ සෙල්ලම් කරන හුරුබුහුටි මුණුපුරා නිබිස්කි උකුලේ හොවා හිස ආදරයෙන් පිරිමදිමින් සිටියාය..

"අත්තම්මේ...අපේ රාජධානිය ඉවර වෙන්නේ කොහෙන්ද???"

එක වරම මිත්තණියනියගේ උකුලෙන් හිස ඉවතට ගත් නිබිස්කි ඈස් විදහා විමසුවේය.

"අපේ රාජධානිය ඉවර වෙන්නේ උතුරු මුහුදෙන් නේ මගේ පුතේ.."

හෙලේනා තම වියපත් මුහුනේ ඇති රටා විදහා කරුණාවෙන් සිනාසෙමින් පිළිතුරු දුන්නාය.

ඉඳින් දැන් නිබිස්කිට විශාල ගැටලුවකි.

"මුහුද??? මුහුද කියන්නේ මොකක්ද අත්තම්මේ??"

"ම්ම්ම්...මුහුද කියන්නේද??මුහුද කියන්නේ නිල් පාට වතුරෙන් හැදිච්ච පොළොවේ තියෙන මහ විසාල අහසක් වගේ එකක්"

"ඇත්තද?????? මුහුදේ මොනාද අත්තම්මේ තියෙන්නේ??"

නිබිස්කි නැවතත් තම කුතුහලයෙන් පිරි නිල්පාට දෑස විහිදා ඇසුවේය..

"මුහුදේද...ම්ම්ම් මුහුදේ ගොඩක් ලස්සන දේවල් තියෙනවා මගේ පුතේ...පාට පාට මාලු ,මහා විශාල මුහුදු පැලෑටි,එතකොට මුතු බෙල්ලෝ තව ඉතිං කොච්චර දේවල්නම් තියෙනවා ද????"

හෙලේනා තම දෑස අවරගිරට යොමුකරමින් මුහුදේ ගිල යන හිරුගේ ලස්සන හදවතින් ගෙත්තම් කරමින් කීවාය.

"මුහුදේ මිනිස්සු නැද්ද අත්තම්මේ???"

නිබිස්කිට තවත් ප්‍රශ්නයකි.

"මුහුඳේ මිනිස්සු නෑ මගේ පුතේ...මුහුඳේ ඉන්නේ දිය කිඳුරෝ දිය කිඳුරියෝ.."

"දිය කිඳුරියෝ????"

 Ciao Amore Donde viven las historias. Descúbrelo ahora