ප්‍රථම හමුව.

66 15 21
                                    

සඳවතියගෙන් හා තරු කැට වලින් පාර අසාගෙන තාලියා ඒ ගීතවත් ස්වර ඇසෙන දිසාවට පිහිනා ගියාය.අපූර්ව රිද්මයකට ඇගේ රන්වන් වරළ ජල තළය දෙපළු කරමින් ඉදිරියට ඇදුනි.අවසානයේ ඈ ඒ ගීතවත් නාදය එන ඉසව්ව මුහුණලෑවාය.

ඒ අපූර්ව සත්වයා තල්මහෙක් තරම් විය.වෙනසකට වුයේ මේ අපූර්ව සත්වයාගේ වැඩි කොටසක් ජල තලයට උඩින් වීම පමණි.ඒ සත්වයාගේ වරල් පිහිටා තිබුනේ ලොඩියෙකුගේ මෙන් ශරීරයේ මැද කොටසේය.වරල් හුලඟේ ගිලී පිහිනා යන සේයාවක් පෙනෙන්නට තිබිණි.මේ සත්වයා මතුපිට ලා කහ පැහැ එලියක් විහිඳ දෙමින් අහස් කුස කරා යන සේයාවකුත් තාලියා දුටුවාය.

කවුරුන්ද මේ අපූර්ව සත්වයා???

ඈ කුහුලෙන් සිතුවාය.

මේ අමුතු සත්වයා තාලියාගේ සිතට බියකුඳු එක් කරලන්නට සමත් වූ නමුඳු ඒ ගීතවත් නාදය නම් වඩ වඩාත් තීව්‍රව ඇසෙන්නට විය.තාලියා හෙමිහිට තව තවත් ලං වූවාය.

තාලියාගේ ඒ අපූර්ව ජීවියා වනාහි අනෙකෙකු නොව සයිරස් රජුගේ අණින් ආශිර්වාද අතැතිව උතුරු තොටුපළ පාලනයට දියඹට නිබිස්කි කැටුව පිටත් වූ ත්‍රිසේයා නෞකාව විය.එදින නෞකාවට තවත් එක හුදකලා දිනයක්ම නොවීය.
වොස්මෙඩ් රාජ්‍යයේ බලාපොරොත්තුව මෙන්ම අභිමානය වූ නිබිස්කි කුමරුවාන්ගේ ජන්ම දිනයයි.මිහිමත සියලුම කුමරියන්ගේ සිහින කුමරා වූ ඔහු තම මවගේ සිතැවිල්ලටත් පියාණන්ගේ සාඩම්බරයටත් හේතුවෙමින් සරණ මංගල්‍යයක් ප්‍රතික්ශේප කර නිරන්තර සතුරු හමුදාවන්ගෙන් බැටකන උතුරු තොටුපල පාලනයට අවසර පැතීය.එවන් සාඩම්බර රාජ්‍යයක ඔටුන්න හිමි කුමරුවානන් වුවත් නැවට බට තැන් පටන් සියළු නැවියන් සමඟ එක්ව නැව මෙහෙයවීමට තරම් නිහතමානී වූ තම කුමරුවානන්ගේ විසි එක්වන ජන්මදිනය ඉඳින් මේ නාවුකයන් අත් හරීවිද?

ප්‍රීතිය සමරනු වස් සියලු නෞකාවේ සිටි සියළුම නාවිකයෝ රම් සප්පායමෙන් පසුවෙන් කළ තුටු ගීත ගායනාව තාලියාගේ සිත් බැඳගෙන තිබිණි.

නැව් බඳට තරමක ඈතින් සයුරු රළක සැඟවී මේ අපූර්ව සත්වයා දෙස බැලූ තාලියාගේ දෑස් යොමුවූයේ නාවුකයන් මැද සතුටින් සිනාසෙමින් තාල තබන කඩවසම් නිබිස්කි වෙතටයි.

"කවුද ඔහු???ඔහුගේ දෑස.... ඔහුගේ දෑස් හරියට මහ මුහුද වගේ.."

නට නටා ගී කියන නාවුකයන් දෙස නැව් තට්ටුවේ සිට මන්දිස්මතයක් දරා බලා සිටින නිබිස්කිගේ නිල් පැහැති දෑස, ඉටිපන්ඳම් එලියෙන් දිලෙසෙන කලුපාට සෙවනැලි මැද පෙනෙන ඔහුගේ රුව,නැව් තට්ටුවේ ආරුක්කුවට අත් තබා ගැනීමෙන් සුදු කපු කමිසියට හා හම් කලිසමට මොනවට කැපී පෙනෙන ඔහුගේ ඝන මස් පිඬු, තඹ පැහයට කැරලි ගැසුණු ඔහුගේ හිසකෙස් දෙස තාලියා වශී වී බලාසිටියාය.

"මේ මනුශ්‍යයෙක්ද????"

ඉඳින් ඒ කොළ පැහැ දෑසට නිල් පැහැ දෑස ඇස ගැටුණි.

 Ciao Amore Donde viven las historias. Descúbrelo ahora