වැළපෙන සයුර

285 44 21
                                    

නන්නාඳුනන එක්තරා දවසක...

ඒ වනාහී වලාකුළු එක් වී කැරලි ගසා පිබිදෙන්නට තතනන හිරු ගිලගත් උදෑසනක් විය.ගොම්මන් එලිය කපාගෙන එලියට ඒමට තතණන හිරු රැස් අතරින් ජය ගත් ලා කිරණක් බිඳිත්තක් තම උණුසුම බෙදා දුනි.සයුරු තෙර නම් ස්වකීය නොපනත්කම් වසා ගැනීමට සිල් ගත් ලීලාවෙන් නිසල වී තිබිණි.

නමුදු සිඳු හදවතේ විලාපය, හෝ..හෝ..හෝ.. ස්වරයෙන් හෙමි හෙමින් රැළි හඬවමින් දෝංකාර දුනි.කාල වැලිතලාවේ කළුගල් වල හැපි හැපී පෙන නඟන රැළි රටා මැව්වේ මිනී පෙට්ටියක සුදු සළු තිර සිහිකරවමිනි.

සාගරයේ වැළපුම් සත්සර අසා සොවින් බර වූ මුහුදු ලිහිණියෝ දුක්බරිත හඳැතිව නිහඬවම දුක නිවාලන්නට ඔහේ පියාඹා ගියහ.

කෙසේවතුඳු මේ වැලපෙන සයුර හුදකලාවෙන්ම නොහී.කව්දෝ නොදන්නා ආගන්තුකයෙක් මූදූ දියෙන් තෙතබරිතවූ වස්ත්‍රයෙන් කාල වැලිතලාවේ මුනිතව හේ අවදි කිරලීමට පැමිණෙන ආපසු යන මුහුදු රැළි සමඟම උඩපහළ යමින් පාවෙමින් තිබිණි.දිගු ඇසිපිය එකිනෙක් වෙන්වීමට නොහී ඔහුගේ දෑස් වසා තිබූ මේ අතරතුරේ දී පිත්තල පැහැයෙන් යුත් කෙහෙරැළි කිහිපයක් ඔහුගේ මුහුණත සැඟවීමට තැත් කරමින් සිටියහ.මල් පෙත්‍තක අඟ රැඳි තුශාර බිඳිත්තක් සේ ඔහුගේ ජීවය යන්තමින් නොවැටී ඉන්නට වෙර දරමින් තිබෙන සේයාවක් පෙනෙන්නට තිබිණි.

ඒ යාමයේම හදිසියේ වෙරළ කෙලවරින් ලා හිරු රැස් පැරදලීමට සමත් දීප්තිමත් සිනාවක සේයාවක් ඇඳී ගියේය.ඒ කිංකිණි සිනාව කාල වැළිතලාවේ රටා අඳිමින් මූසල රළ පෙල හට සොම්නස තිළිණ කරමින් දිවයමින් එමින් තිබිණි.

එක්වරම ...දීප්තිමත් සිනහවට ආගන්තුකයාව ඇස ගැටිණි.
.
.
.
.
.
.
.
.
.
.
එනමුඳු කවුරුත්ම නොඳන්නා මුත් මේ අතරතුරේ ගල් පර අතරේ ඉකිබිඳිමින් හුන් හුදකලා කොළපාට දෑසක් සුසුම් කන්ඳක් පපුතුරේ හොවාගෙන නැවතත් සිඳු තුරුළතට නික්මිණි.

 Ciao Amore Tempat cerita menjadi hidup. Temukan sekarang