Chapter 01

193 22 0
                                    

The Destiny Chapter 01... 🍂✨

💜 - කවුරුන්ද කවුලුව අසල සිටින්නේ...? වහාම එලියට පැමිනෙන්න

💙 - Yan Da Fu...

(කුමක්ද? ඒ ඔහුගේ කටහඩ... ඒ ඔහුමද වසර ගණනකට පසු...?)
💜 - Yu mingye....?

💙 - ඔහ්.. වසර ගණනක් ගෙවි ගියත් මගේ කටහඩ එකපාරින් ඔබට අදුනගන්න පුලුවන් නේද?

(කෙසේ අමතක කරන්නද? වසර 10ක් තිස්සේ මාගේ ඒකපාර්ශ්වික ආදරේ ඔබ වෙනකොට...)
💜 - ඔබ මෙහෙ...? කුමක් සදහාද පැමිණියේ...?

💙 - ඔබ මගෙ හොදම සහ එකම මිතුරා... මා හට ගැටලුවක් තිබෙනවා එය ඔබ හා බෙදාගැනිමට මා කැමතියි...

💜 - පවසන්න...

💙 - මදක් ඉන්න... සැමවිටම අනෙකුන් සමග තරහෙන් කෝපයෙන් දැඩිව සිටින ඔබගේ මුවේ මෙතරම් අලංකාර මදහසක්...? මම අදමයි දුටුවේ ඔබගේ සිනහව මෙතරම් අලංකාරද...?

💜 - හිස් වචන නොපවසන්න ඔබ පැමිනි කාරණාව පවසන්න...

💙 - ඔබ වෙනස් වන්නේ නැත එදා මෙන්ම අදත් ඔබගේ නොනැසී පවතින දුශ්ටකම... එසේනම් මා පවසන්නම්... මා හට යමෙකු පිලිබද ආදරයක් ඇතිවී තිබෙනවා...

💜 - කුමක්ද...?
(ඔහු... ඔහු පවසන්නේ මා පිලිබදවද...? මාගේ සිහිනයන් සැබෑ වේවිද?)

💙 - ඔබ ඇයව හොදින් හදුනනවා

(ඇය...? ඔහු කුමක්ද පවසන්න සැරසෙන්නේ...?)

💙 - Yan da fu...?

💜 - ඔහ්... පවසන්න මා මනෝභාවයකින් නොවෙයි සිටියේ... කවුරුන්ද ඇය..?

💙 - Feng Wu, Yu නිකාය නායකගේ දියණිය...

(මා සිහින සියල්ල ගගට කැපු ඉනි මෙන් විය ඔහු....)

💙 - Yan da fu...?

💜 - ඔහ්.. මට ඇය මතකයි... ඉතින්... ගැටලුව කුමක්ද...?

💙 - කිසිවක් නැත... ඇය මා ඇයට කැමති බව නොදනී... මට ඔබේ උදව් අවශ්‍යයි ඇයට මාගේ ආදරය පිලිබදව පැවසිමට... ඔබට හැකිද..?

💜 - නිසැකවම... මා ඔබට නොකරන උපකාරයක් තිබේද...? කුමක්ද මා කලයුතු...?

💙 - ඔබ මා සමඟ Darknight පැමිනිය යුතුයි...

💜 - නමුත් ඔබ දන්නවා මට මෙහි රාජකාරි ඔහොමයක් තිබෙන බව...

💙 - මා ඔබගෙ පියාගෙන් අවසර ලබාගත්තා... ගැටලුවක් වන්නේ නැත ඔබ එනතුරු ඔහු එය බලාගනී...

💜 - හොදයි.... එසේනම් මා පැමිණෙන්නම්...

💙 - හෙට දිනයේදී yu නිකාය තුල උත්සවයක් පැවැත්වෙනවා... Darknight නිකායට ආරධනා ලැබී තිබෙනවා... ඔබ පැමිනීමෙන් ඔවුන් පුදුමයට පත්වේවි... ප්‍රධාන නිකායක නායකයෙකුගේ පුතෙකු එහි පැමිනේයැයි ඔවුන් නොසිතනු ඇත...

💜 - මාගේ අනන්‍යතාවය හෙලි නොකරන්න... ඔවුන්ට මා අදුනාගත නොහැකී... ඔබගේ කාර්යය එයින් පහසු වනු ඇත..

💙 - එයත් සැබෑවක්... ඔබ පැමිනි බව දැනගෙන ඇය මට නොව ඔබට පෙම් කලහොත්... හහ් හහ් හා....

💜 - නැවතත් හිස් වචන...

💙 - හොදයි අප පිටවෙමු...

එදින සවස Darknight හීදී....

🖤 - Yan da fu ලමා මාස්ටර්...

💜 - නිකාය නායකතුමනී...

🖤 - ඔබ මෙහෙ...

💜 - Yu mingye හා එක්ව මාහට කිරීමට කාර්යයක් තිබේ....

🖤 - එසේද...? හොදමයි මා ඔබගේ කුටිය සූදානම් කලා... එහි විවේක ගන්න... ඔබට අපගේ සංග්‍රහයන්ගේ අඩුවක් තිබෙනම් සමාවන්න...

💜 - නැත... එය ගැටලුවක් නොවේ ඔබට ස්තූතීයි නිකාය නායකතුමනී...
_____________________________________________________

💙 - හෙට උදෑසනම අප පිටත් විය යුතුයි...

💜 - හ්ම්ම්ම් ඔබ කලබලයෙන්...?

💙 - එසේයි... ඇය මට අකමැති වේවිද?

💜 - ඔබට අකමැති වන්නේ කවුරුන්ද...? Darknight හී සෑම යුවතියකගෙම සිහිනය ඔබ නොවේද...?

💙 - ඔබ මා ලැජ්ජාවට පත් කරනවා...

💜 - එසේ නොවේ මා පවසූවේ සත්‍යයි... බියනොවන්න ඇය ඔබට කැමතිවනු ඇත...

💙 - මාත් සිතනවා... එසේනම් ඔබ විවේක ගන්න හෙට උදෑසන හමුවෙමු... සුභ රාත්‍රියක්...

💜 - සුභ රාත්‍රියක්....
_____________________________________________________

💙 - Yan da fu ඔබ සූදානම්ද....?

💜 - එසේය... අප දැන්ම පිටවනවාද...?

💙 - එසේය...

💜 - හොදමයි... මා මාගේ අසිපත රැගෙන පැමිනෙන්නම්...

💙 - එපා... ඔවුන් ඔබව අසිපතින් හදුනාගනීවී...

💜 - නමුත් අසිපත නොමැතිව....

💙 - එහිදී ගැටලුවක් සිදුනොවනු ඇත... ඇරත් මා හට ඔබ ආරක්ශාකල නොහැකිද....?

💜 - හොදයි.... එසේනම් පිටවෙමු...
_____________________________________________________

බෝරින් තමා කොහොමද දැනගත්තේ? 😑
හෙට 02 කොටස දෙන්නම් 💜💙 එහෙනම් මම ගියා... 🍂✨

THE DESTINY... (Completed) (Yandafu✗Yumingye)Where stories live. Discover now