The Destiny Chapter 08...✨🍂
💜 - yan da fu
💙 - yu mingye
💚 - holy sect leader
💛 - feng wu
🖤 - darknight sect leaderyu mingye ඔසවාගත් පුද්ගලයා ඔහුවත් රැගෙන අතුවලින් වසා සඟවා තිබූ දොරටුවකින් ඇතුලු විය... ඇතුලුවූ විගස නැවතත් කොල අතුවලින් එය ආවරණය කර දොරටුව අගුලු දැමූ ඔහු yu mingye ගෙන ගොස් කුටියක තිබූ ඇදක් මත තැබීය...
අධික රුධිර වහනය හේතුවෙන් සිහි මුර්ජාවී සිටින yu mingyeට ඔහු බෙහෙත් කලේය... කැපුම් වෙලුම් පට වලින් ආවරණය කර සීරීම් මත ඖශධ ගැල්වූ ඔහු විටින් විට ජලය ගෙන yu mingyeගේ සිරුර පිරිසිදු කරන්නට විය...
දින තුනකට පසු....
💙 - හ්හ්හ්ම්ම්ම් මා මේ සිටින්නේ කොහේද...?
ඔබට සිහිය ඇවිත්....
💙 - ඔබ.... ඔබ කවුරුන්ද....?
ඔබට ඉන් පලක් නැත... නැගි සිටීමට උත්සහ නොදරන්න... ඔබට තවමත් අසාධ්‍යයි...
මුහුණ සලුවකින් ආවරණය කරගෙන සිටි ඔහුව yu mingye හට අදුනගත නොහැකි විය... කවුරුන්ද ඔහු...?
_____________________________________________________🖤 - දින කිහිපයක සිට yu mingye අතුරුදහන් අප ඔහු සොයාගත යුතුය....
⭐ - කදු මුදුනේ බොහෝ මලසිරුරු අපට හමුවුනා නිකාය නායකතුමනී...
🖤 - එසේද...? එහි කිසිදු හෝඩුවාවක් නැතිද...?
⭐ - නැත...
🖤 - දිගටම සොයන්න...
_____________________________________________________ආහාර ගන්න...
💙 - ඇයි ඔබ මට උදව් කරන්නේ...
හිස් වචන වලින් පලක් නැත... ආහාර ගන්න...
💙 - හ්ම්ම්...
ඔබගේ තුවාල වේදනා ගෙනදෙනවද තවම...?
💙 - නැත... දැන් යම්තාක් දුරට එය සුවයි... ස්තූතී ඔබට...
ස්තූති අවශ්‍ය නැත...
💙 - ඔබ ඇයි සැමගෙන් සැගවී මෙහි සිටින්නේ...? yan da fu...?
මුව ආවරණය කර තිබූ සලුව ඔහු ඉවත් කලේය...
💜 - ඔබ මා අදුනගෙන...
💙 - කුඩාකල සිට එකට සිටි මට නොහැකිද ඔබේ ස්පර්ශය පවා හදුනාගැනීමට...? මගෙන් සැගවෙන්නේ කුමක් නිසාද..?
💜 - විවේක ගන්න... මා පිටවෙන්නම්...
_____________________________________________________ඔහු වෙනස් වන්නේ නැත... පරණ දුශ්ටයාමයි... නමුත් කිසිවක් බලාපොරොත්තු නොවී ඔහු මෙසේ කරන්නේ ඇයි...? සැමවිටම මා කරදර වලින් මුදාගන්නේ ඔහුය... නමුත් ඔහු කලබව කිසිදාක පිලිගන්නේද නැත...
💙 - yan da fu...
💜 - මා ඔබට විවේක ගන්නා ලෙස පැවසුවා නොවෙද...?
💙 - කම් නැත... මා හට පවසන්න කිසිවෙකුටත් ඔබව සොයාගත නොහැකිව තිබියදී මට අනතුරක් වූ විගස ඔබ පැමිණෙන්නේ කෙසේද..?
💜 - විමසීමට හේතුව කුමක්ද...?
💙 - මා හට දැනගැනීමට අවශ්‍යයි...
💜 - මා සැමවිටම සිටියේ ඔබ අසල...
💙 - කුමක්ද..?
💜 - එසේය... ඔබ සමග ඔබට නොපෙන්නෙන්න...
💙 - මා පිලිබද මෙතරම් වදවීමට හේතුව කුමක්ද..?
💜 -...........
💙 - නැතිනම් ඔබ ඔබේ නිල්සද ආරක්ශා කරනවාද...?
💜 - කුමක්ද...?
💙 - ඔබගේ නිල්සද මා නොවේද...? දැන් මට සියල්ල වැටහෙනවා... ඔබ මෙලෙස මලානික ලෙස වෙනස් වූයේ මා ඇයට ආලය කරන බව ඔබට පැවසූ පසුවයි... ඔබ මට ආලය කරනවා...?
💜 -................
💙 - පිලිතුරු දෙන්න...
💜 - හ්ම්ම්ම්
💙 - කුමක්ද? හ්ම්ම්ම්?
Yu mingye ඔහු දෙසට ඇදගත් yan da fu, yu mingyeගේ තොල් තම තොල් වලින් ස්පර්ශ කලේය...
💜 - පිලිතුර ලැබුනාද...?
💙 -.............
💜 - පවසන්න... තවත් මා උන්මත්තකයෙකු නොකරන්න... මෙතරම් කලක් ඔබට මා ආලය කලා ඔබට නොවැටහුනේ කෙසේද..?
💙 - yan da fu... ඔබේ ඇස්වල කදුලු... මා කිසිදිනක ඔබ අඩනවා දැක නෑ...
💜 - හ්ම්ම්ම්
yu mingye, yan da fuව තදින් තුරුලු කරගත්තේය...
💙 - ඔබට මාද ආලය කරමි...
_____________________________________________________දින සති මාස අවුරුදු ගනන් ගතවිය... ඔවුන් දෙදෙනාගේ ආලය නිමක් නොවීය... නිල් සද දම් හිරුකිරණ සමග දිවා රෑ බැබලීය... Holy නිකාය නායකගේ ඇවෑමෙන් පසු yan da fu holy නිකාය නායක බවට පත්විය... ඉතා හොද පාලනයක් ගෙන ගිය ඔහු yu mingye සරණ පාවා ගත්තේය...
දෛවය විසින් සියල්ල තීරණය කරනු ඇත... ඔබට යමෙක් හමුවීමට ඇත්නම් අහම්බෙන් හෝ ඔහු ඔබ අසලට පැමිනෙනු ඇත...
කෙතරම් දුක් කම්කටොලු වින්දද නොලැබීමට ඇති අයෙකුනම් වෙන් වනු ඇත...
එසේනම් The Destiny හෙවත් දෛවය මෙලෙසින් නිමාව දකිනු ඇත...
ඔබට සුභ දවසක්... 🌞🤍 මම ඔබේ Xiao Xingchen 🤍
YOU ARE READING
THE DESTINY... (Completed) (Yandafu✗Yumingye)
Historical Fiction❤️xuanyang💛 ❤️haoyang💛 💛Yu mingye💙yan da fu💜