2.

749 188 3
                                    

ටේයොන් පුරුද්දක් විදියට අඳුරන්නේ නැති අංකවලින් එන කෝල්වලට පිළිතුරු දෙන්න යන්නේ නැහැ.ඒත් ටේයොන් කෝල් එක ඉස්සුවා.මොකද එයාට ඒ වෙලාවෙ හිතුණා.

"යෝබොසේයෝ"

"බෙයා.මාව මතකද?"

ටේයොන් මොහොතක් ගොළුවුණා.අවුරුදු ගාණකට කලින් තමන් දාලා ආපු ඒ කටහඬ ආයිත් ටේ ට ඇහෙන්න ගත්තා.ආයිත් බෙයාට ඒ කටහඬ පණ පෙව්වා.

"කු..කුකී"

ටේයොන් කැඩුණු වදනින් පිළිතුරු දුන්නා.ජන්කුක්ගේ කටහඬ ඉදිරියේ ටේයොන්ගේ ශක්තිමත් ගැඹුරු කටහඬත් හීන වෙලා ගිහින්.

"හ්ම්ම්.ඒ මම තමයි.ඔයාට කොහොමද ඉතින්"

අනික් පැත්තෙන් මඳ සිනා හඬක් එක්ක ඇසුණේ ජන්කුක්ගේ කටහඬ.ඒත් වෙනසක් නොපෙන්වා ඉන්න ටේයොන් උත්සාහ කළා.

"වරදක් නෑ කියලා ඔයාට තේරෙනවනේ"

ටේයොන් තමන්ගේ ගර්වය හිතට නඟා ගන්න උත්සාහ කළා.ඒත් ඒක ජන්කුක් ඉදිරියේ නාස්ති වෙලා යයි.

"ඔහ්...මේ වළහා ටිකක් දරුණු වෙලා වගේ.මම ටෙලිවිශන් එකේ එහෙම දැක්කා.දැන් හරි ගණං නේද තමුසෙගේ?"

ජන්කුක් උත්තර දුන්නා.

"හ්ම්ම් එහෙම තමයි"

ටේයොන් හිනා වුණා.

"කොහොමද ජීවිතේ?"

ජන්කුක් ඇහුවා.

"කියන්න තරම් හොඳකුත් නරකකුත් නෑ"

ටේ පිළිතුරු දුන්නා.

"ආහ්..මට නම් පේන්නෙ නෑ නරකක් නෑ කියලා"

ජන්කුක්ගේ හිනා හඬ ටේයොන්ට ඇසුනා.

"ඔයාට කොහොමද කුකී"

"මම දැන් කෝකියෙක්.මට හෝටලයක් තියෙනවා.වෙලාවක එන්න.මම ආසයි මගෙ යාළුවට මගේ අතින්ම මොනවා හරි හදලා දෙන්න"

ජන්කුක් කිව්වා.

"හ්ම්ම්.මම එන්නම්"

ටේයොන් කිව්වා.

"හරි.එහෙනම් මිත්‍රයා මම තියනවා.දෙවි පිහිටයි"

"දෙවි පිහිටයි"

කුකී කෝල් එක කට් කළා.

ටේයොන්ට සැහැල්ලුවක් එක්ක දැනුණේ නොසන්සුන් කමක්.

වළාකුළු අතරින් නිල් හඳ පායලා තිබුණා.ටේයොන් ඒ හඳ දිහා බලාගෙන ලොකු හුස්මක් ඉහළට ඇද්දා.




NEXT PART --->

Moonlight ♡ [Completed]Where stories live. Discover now