තමන්ගේ මවට දුරකථන ඇමතුමක් දීපු ටේ කිව්වා තමන්ට එන්න බැරි වෙයි කියලා.ටේයොන් ජන්කුක් කතා කරලා කියපු ලිපිනය හොයා ගෙන යන්න පටන් ගත්තා.
ටේයොන් කියන්නේ කාටවත් පොළඹවා ගන්න බැරි කෙනෙක් වුනත් ඔහුව අද ඉබේටම මේ දෙයට පෙළඹුනා.
ටේයොන් අදාළ ආපන ශාලාවේ දොර ළඟට ගිහින් බලාගෙන හිටියා.
OPEN
එහෙම බෝඩ් එකක් එළියෙන් එල්ලිලා තිබුණා.ආපන ශාලාවෙ ගොඩක් මිනිස්සු හිටියත් ටේ එයාලට අඳුරගන්න බැරි වෙන්න ජැකට් එකක් දාලා මාස්ක් එකක් දාලා හිටියෙ.
ටේ ගිහින් පුටුවකින් වාඩි වුනා.ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට එයා දැක්කා සූපවේදී ඇඳුමක් ඇඳපු පිරිමි කෙනෙක් බැක් ඩෝ එකෙන් කෑම ට්රේ එකක් අරගෙන එනවා.
ඔව්.ඒ හිටියේ ටේ තාමත් බලාගෙන ඉන්න කෙනා.ජියොන් ජන්කුක්.
අවුරුදු දහයකට පස්සේ ටේ ජන්කුක්ව පැහැදිලිව දැක්කා.
වෙනදට වඩා ගොඩක් කඩවසම්.කෝකියෙක්ට වඩා ජන්කුක්ට තිබුනේ නළුවෙක්ගේ පෙනුමක්.පාරිභෝගිකයන්ට කතා කරපු විදියෙන් එයා හරිම ආචාරශීලී කෙනෙක් කියලා පෙනුනේ.
ටේයොන් දැක්කා එයා තමන් ගාවට එනවා.මාස්ක් එකක් දාලා හිටියත් ටේව අඳුරගන්න ජන්කුක්ට පුළුවන් වුණා.
"ටේ!!"
"ඔයා මොනවා හරි බොනවද?"
ජන්කුක් බිම්බැප් බෝල් එකක් ගෙනත් ටේයොන්ගේ ඉදිරියෙන් තියන ගමන් ඇහුවා.
"එපා.ඕන නෑ"
ටේයොන් කිව්වා.
ඒත් ජන්කුක් ආයිත් ගිහින් රෙඩ් වයින් බෝතලයක් අරගෙන ආවා.
"එහෙම බෑ.අවුරුදු දහයකට පස්සෙ මට තමුසෙව හම්බුණේ ආ.නිකං යන්න පුළුවන්ද එහෙම"
ජන්කුක් තමන්ගේ ඒප්රන් එක ගලවලා වයින් බෝතලේ විවර කළා.
"මම බඳින්න යන්නේ"
ජන්කුක් කිව්වා.
"හ්ම්ම්.නියමයි"
ටේයොන් වැඩි කතාවක් නැතුව කිව්වා.
"මේ ඉන්නේ එයා"
ජන්කුක් තමන්ගේ පර්ස් එකේ තිබුණු ෆොටෝ එකක් පෙන්නුවා.
"මේ ජෝජිනා නේද?අර අපේ පන්තියේ හිටියේ"
ටේයොන් ඇහුවා.
"ඔව් එයා තමයි.ඒක අපේ අම්මා ගෙනාපු යෝජනාවක්"
ජන්කුක් කිව්වා.
"ඒත් ඔයා ඇයි මට කතා කලේ"
ටේයොන් ජන්කුක්ගෙන් ඇහුවා.
"ආ..."
"ඇයි ඔයා මට එන්න කිව්වේ"
ටේයොන් ඇහුවා.එයා ටික වෙලාවක් ජන්කුක්ගේ ඇස් දිහා කෙලින් බලාගෙන හිටියා.
"මට මේ සින්දුව ඇහුනා.ඒක ඔයාගෙ සින්දුවක්"
මම දිග ලිපියක් සඳ වෙත ලිව්වා.
නමුත් එය ඔබ තරම් දීප්තිමත් නැහැ.
ඒත් මම පුංචි ඉටිපන්දමක් පත්තු කලා.
නමක් නැති කුරුල්ලෙක් උද්යානයේ ගායනා කරනවා.
"ඔබ කොහෙද?"ඇයි ඔබ අඬන්නේ..?
මෙහි සිටින්නේ මම සහ ඔබ පමණයි.ඔබේ කටහඬ රාත්රිය තරම් ගැඹුරුයි.
පියවරෙන් පියවර එය තද රතු උදෑසනක් ගෙන එයිසඳ නින්දට වැටෙන විට අලුයම උදාවෙයි
නමුත් ඒ නිල් එළිය මා සමඟම ඉතුරු වෙයිපියවරෙන් පියවර තබමින් අදත් මම අවැසි ලෙස ජීවත් වෙනවා.
නමුත් හිරු මගේ හුස්ම හිර කරමින් පවතී.
ලෝකය මාගේ සියල්ල උදුරාගෙන ඇත.
විකල්පයක් නොමැතිව සඳ එළිය යටතේ මම මාගේ විසිරී ගිය ආත්මය ලබාගත්තා.
මම ඔබට සඳේ දරුවා ලෙස ආමන්ත්රණය කරන්නම්.
අප සඳෙහි දරුවන්.
හිමිදිරියේ සීතල වාතයෙන් අපි හුස්ම ගනිමු.
ඔව්.අපි එකට ජීවත් වී එකට මියයමු.
නමුත් දැන් ඔබේ ඇස් විවර කරන්න.
නමුත් සෑම චිත්රපටයකම දෙබසක් වගේ සඳ එළිය යටතේ ලෝකය නිල් පැහැතිය.(4'O CLOCK SONG BY V AND RM/SINHALA MEANING)
ජන්කුක් ඒ ගීතය වාදනය කිරීමට සැලැස්වුවා.
"මම ඔබට සඳ දරුවා කියා ආමන්ත්රණය කරන්නම්.
අපි සඳෙහි දරුවන් වන්නෙමු"ජන්කුක් කිව්වා.
"අපි හඳේ දරුවෝ වුණු එකට ඔයා එච්චර කැමතිද ටේයොන්"
NEXT PART --->
YOU ARE READING
Moonlight ♡ [Completed]
Fanfiction"මෙච්චර කාලෙකට මාව ස්පර්ශ කරන්න පුළුවන් වුණු එකම කෙනා ඔයා විතරයි ජන්කුක්" TAEKOOK SINHALA මෙම රසික ප්රබන්ධය 2016 හොඳම සිනමා පටය ලෙස ඇකඩමි සම්මාන ලැබූ "MOONLIGHT" චිත්රපටය මත පදනම්ව ඇත. මා විසින් කතාවට ගැළපෙන ලෙස පිටපතෙහි යම් යම් වෙනස්කම් සිදු කර ඇ...