4.

1K 201 28
                                    

ජන්කුක්ගේ නිරුවත් පපුව මත ටේයොන් තම හිස තබාගෙන හිටියා.ජන්කුක්ගේ හදගැස්ම ටේයොන්ට ගොඩක් ලඟින් ඇහුණා.අවුරුදු ගණනාවකට පස්සේ ටේයොන් හොයපු ඒ උණුසුම එයාට ලැබුණා.වෙන අය ඉදිරියේ සෑහෙන්න සංකීර්ණ විදියට හැසිරුණු ටේයොන් අද ජන්කුක් ළඟ පුංචි පූස් පැටියෙක් වගේ හීලෑ වෙලා.

"අදත් එදා වගේ හඳ පායලා"

ජන්කුක් කිව්වා.

"හ්ම්ම්ම්"

"හැමදේම ආයිත් සිද්ධ වෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද ටේයොන්"

ජන්කුක් ඇහුවා.

"ඉදිරියට වෙන දේවල් කාලය තීරණය කරයි නේද?අතීතයේ සිදු වුණු දේවල් මේ මොහොත වෙද්දි හරි ගැස්සිලා ඉවරයි.අපි අනාගතය ගැන හිතන්නේ නැතුව මේ මොහොත ගැන විතරක් හිතමු"

ටේයොන් කෙඳිරුවා.

ජන්කුක් හෙමින් සැරේ ටේයොන් දෙසට හැරුණා.

"ඔයා චිත්‍රයක් වගේ ටේයොන්.වෙනදට වඩා ඔයා ගොඩක් වෙනස් වෙලා"

ජන්කුක් ටේයොන්ගේ නිරුවත් පපුව දිගේ ඇඟිලි ගෙනියන ගමන් ඇහුවා.

"මම වෙනස් වුණේ නැහැ.මාව වෙනස් කලා"

ටේයොන් කිව්වා.

"ඒ කිව්වේ"

"මගේ හදවත ඇතුළේ තිබුණු ඔයා වෙනුවෙන් තිබ්බ හැඟීම මාව වෙනස් කළා.මේ හැම ටැටූ එකකම තියෙන්නේ අපි දෙන්නගේ මතක.මට ඒ මතකත් එක්ක සදහටම ජීවත් වෙන්න ඕන කළා"

ටේයොන් මිමිණුවා.

"ඔයා මට ගොඩක් ආදරේ කලාද බෙයා"

"ඒක ආදරයකටත් වඩා කැපකිරීමක් ජන්කුක්"

ටේයොන් මඳක් සිනාසුනා.

"ඔයා මම වෙනුවෙන් කැප වුණා ඇති"

ජන්කුක් කිව්වා.

"හ්ම්ම්.මට ඒක තේරෙනවා"

ටේයොන් මඳ සිනාවක් මවා ගනිමින් ජන්කුක්ගේ හිස පිරිමදින්න පටන් ගත්තා.

"හිමිදිරියේ සීතල වාතයෙන් අපි හුස්ම ගනිමු.
ඔව්.අපි එකට ජීවත් වී එකට මියයමු"

"මම ඔයා වෙනුවෙන් කැපවෙන්නම්.මැරෙනකම්"

ජන්කුක් කිව්වා.

ටේයොන්ගේ ඇස් දෙකේ මැවුනේ හිනාවක්.ඒ සතුටින් දිලිසෙන්න පටන් ගත්තා.

ජන්කුක් සෙමින් ටේයොන්ගේ දෙතොල් නැවතත් තමන්ගේ අණසකට නතුකරගත්තා.ටේයොන් ඒ පහසට අවනත වෙලා තමන්ගේ ඇස් දෙක පියාගත්තා.මුහුදු වෙරළේ තිබුණු නිවාඩු නිකේතනයේ කාමරයෙන් පිටත වළා පිරිවරාගෙන සිටි සඳ වළාකුළු සමඟම වැහිලා ගියේ මේ ආදරවන්තයන්ගේ අනුරාගී මොහොතට ඉඩ දෙමින්.එදා රාත්‍රියේ ජන්කුක් ආයිත් ටේයොන්ව තමන්ගේ කරගත්තා.

හෝරා දෙකකට පමණ පස්සේ ජන්කුක්ගේ පසෙකින් ටේයොන් වැතිරිලා හිටියා.සුළු හතියක් සමඟ වුණත් දෙන්නම සිටියේ සතුටින් කියලා කියන්න පුළුවන්.

"මාව කෙනෙක්ට ස්පර්ශ කරන්න පුළුවන් වුණේ දෙපාරයි.ඒ ඔයාට විතරයි කුකී"

ජන්කුක් දෙසට හැරුණු ටේ ඔහුව වැළඳ ගත්තා.ඔහුගේ මුහුණේ රැඳිලා තිබුණේ මඳ සිනාවක්.

"ඔයාගේ හිනාව විරල වුණත් එදා වගේම ලස්සනයි ටේ.හරියට වළාකුළු නැති අහසක හඳ එළිය වගේ"

ජන්කුක් කිව්වා.

"ඔබ නිවැරදි නම් බලාසිටින්න.කාලය ඔබට සතුටු දායක පිළිතුරක් ලබා දෙයි"

THE END

Moonlight ♡ [Completed]Where stories live. Discover now