3. කාලෙකට පස්සේ ....

234 33 4
                                    

වසර 5 කට පසු......

"චේවොනා, ඉරොනා, .... තාම නිදිද ළමයෝ, අද වැඩට යන්නේ නැද්ද, මොකද තාම කරන්නේ...."

උදේම ඇහැරුනේ අම්මගේ කටේ සද්ද එලාම් එකෙන්, ඊයේ රෑ වෙනකම්ම පරණ මැසේජ් වගයක් බල බල හිටපු නිසා නිදා ගද්දි පරක්කු වුනා.

"ආහ්..... අම්මේ.... මේ නැගිට්ටා...."

 

"හරි ෂෝක් , බලන්න කීයද වෙලාව කියලා, හොඳටම පරක්කුයි නේද..."

එතකොටයි මං වෙලාව දැක්කේ, ඇඳෙන් නැඟිට්ටා නෙමේ අර මොකාද එකා වගේ පැන්නා,

කියන්න සතුටුයි මහී කත සිප වැළඳගෙනම තමා නැඟිට්ටේ.

අද ටිකක් කලින් එන්න කියලා ඊයේ මඟින් මගටම බොසත් කිව්වේ අළුතින් එන ඩිලිවරි එකේ වැඩ වැඩි නිසා.

ඔන්න ඉතිං බලන්න කලින් යනවාමයි කියලා හිතන දවස් වලට වෙනදටත් වඩා පරක්කු වෙනව. ඒක තමා ලෝ ඔෆ් නේචර් කියන්නේ.

දඩ බඩ ගාලා ලෑස්ති වෙලා එළියට බහිනවත් එක්කම අපෙ අම්මගේ සුපුරුදු බැනිල්ල, සුපුරුදු සී ඩී එක ප්ලේ වුනා.

🤱 අයිගෝ මොනාද මේ හැමදාම ඇදගෙන යන ඇදුම් වල හැටි, කෙල්ලෙක් කියලා පේන්නේ නෑ වැරදිලාවත්...

👩 අනේ අම්මේ මං මේ වැඩට යන්නේ, අනික මං අදින්නේ මං කරන වැඩට ගැලපෙන විදිහට, නැතුව මේ ගවුම් පටලන් ගිහින් ඔතන කෙල්ල වගේ නැලවෙන්න ගිහින් වටේ පිටේ තියෙන මොකක හරි පැටලිලා මට මොනා හරි වුනොත් එහෙම, කැමතිද ඒකට, අනික ඔයාටම තමා වදේ....

ඒ ටික කිව්වා විතරයි ඔන්න එයාගෙ සද්දේ වැහුනා.

👩 අම්මේ මං යනෝ, හවසට එනෝ...

කියාගෙනම බයික් එකට නැගලා ආතල් එකට සින්දුවකුත් කියාගෙනම ගියා, සමා වෙන්න ඉගිල්ලුනා කිව්වොත් නිවැරදි.

හරියටම විනාඩි 5ක් තියෙද්දි පැමිණීම ලකුණු කරලා කෙළින්ම ගියේ ගබඩාව පැත්තට....

👩 බොස්, ඩිලිවරි එක ආවද...

🧓 ආ චේවොනා, හොඳ වෙලාවට ඔයා ආවේ, ඉක්මනටම මේ ටික චෙක් කරලා රිලීස් කරන්න, අද මේ ඕඩර් එක යවන්නම ඕනි, මොකද අපිත් එක්ක අළුතින් ඇග්‍රිමන්ට් සයින් කරපු කොම්පැණි එකේ ඕඩර් එක, තේරුනානේ....

👩 ඕකෙ බොස්, මං බලන්නම්....

🌸🌸🌸🌸🌸

මං චේවොන්, මං ගැන කියනවා නම්, මගෙ පවුලේ ඉන්නේ මායි අම්මයි විතරයි, මීට අවුරුදු 10 කට විතර කලින් මගේ අප්පා නැති වුනා ඇක්සිඩෙන්ට් එකකින්,

ඒ කාලේ අපිට යමක් කමක් තිබුනත්, අප්පා නැති වෙද්දි එයාගේ ව්‍යාපාර ඔක්කොම එයාගේ අයියලා මල්ලිලා ආක්‍රමණය කලා,

මාවයි අම්මවයි පාරට ඇදලා දැම්මේ අපේ ගෙවල් වලිනුත් එලවලයි,

ඒ වෙද්දි මගේ කොලේජ් ඉවර වෙන්නත් තව අවුරුදු 3ක්ම තිබ්බා, අම්මා ගොඩාක් මහන්සි වෙලා මට ඉගැන්නුවා ,

දැන් මං වැඩ කරන කම්පැණි එකේ මට රස්සාවක් අරන් දුන්නෙත් අප්පගේ පරණ හොදම යාළුවෙක්, එයා යටතේ තමා මං වැඩ කරන්නේ,

එයා මට සළකන්නේ එයාගෙම දුවෙකුට වගේ මොකද එයාලාට ළමයි හිටියේ නැති නිසා මාව එයාලට එයාලගෙම දුවෙක් වගේ දැනෙන්නා කියලා මං දන්නවා.

මේ කම්පැණි එකේ නියම අයිතිය තියෙන්නේ මිස්ටර් පාර්ක්ට, එයාව මං දෙපාරකට වඩා දැකලා නෑ,

අපේ කම්පැණි එකෙන් කරන්නේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් බිස්නස්, ඒ කියන්නේ අපේ කම්පැණි එක හරහා තමා භාණ්ඩ හා සේවා හුවමාරු වෙන්නේ,

දෙයියන්ගෙ පිහිටෙන්, මේ රස්සාව නිසා අම්මයි මායි කාටවත් අත නොපා ජීවත් වෙනවා.

🧓 චේවොනා හරිද යැව්වද,

👩 ඔව් බොස්, ඒ ඔක්කොම හරි

🧓 කම්සහම්නිදා චේවොනා, එහෙනම් ඉතුරු වැඩ ටික බලන්න, ආ මේ ෆයිල් එක මිස්ටර් පාර්ක්ට ගිහින් දෙනවද

👩 හරි ... මං ගිහින් දෙන්නම්...

එහෙම කියලා මං පොඩි විසිල් පාරකුත් ගහගෙනම ලිෆ්ට් එකට ගොඩ වුනා,

මං එක පාරටම ගල් ගැහුනේ ලිෆ්ට් එකේ හිටපු කෙනා දැකලා,

මොහොතකින් මගේ මුළු අතීතයම මගේ ඇස් ඉස්සරහ මැවෙන්න ගත්තා, ඒත් එක්කම මං පපුවත් අල්ලාගෙන ලිෆ්ට් එකෙන් එළියට පැනලා වේගෙන් දුවන්න ගත්තා,

🌸🌸💙💙💙💙💙🌸🌸

ඔන්න ඊළඟ එපියත් දුන්නා,

කවුද ඒ හිටියේ

ඔයාලගෙ අදහස් කියාගෙනම යන්න.

සරන්හේ 💙

3.8.1.18.21.

Nothing Like Us .... [COMPLETED]Where stories live. Discover now