18. මගේ විතරමයි ....

227 34 5
                                    

ඒත් එයාගෙන් කිසි සද්දයක් නෑ, මං ගිහින් එයාගේ ඉස්සරහින් හිට ගත්තේ ඒ මූණට එබෙන ගමන්, එතකොටත් එයා හිටියේ ඇස් පියාගෙන.



👩 චිම් ..... මං දිහා බලන්න මැණික , මාත් එක්ක තරහ වෙලාද, මෙච්චර දවසක් මං ඔයාගෙන් මේ දේවල් හැංඟුවට ආහ්....



ඒත් එයා සද්ද නෑ, තාමත් හිටපු විදිහමයි.



👩 අහන්න පණ, මං ඔයාට මේ හැමදේම කියන්න තමා හිටියේ ඒත් මං හිතුවා ඔයා මට වෛර කරනවා ඇති කියලා,

කියන්න චිම් ඔයා මට එදා ඉදලම කැමති නෑ නේද? මතකද ඉස්සරම ඔයා මාව රිද්දන විදිහ....

මං කොච්චර නම් විදෙව්වද ඔයා නිසා, ඒත් ඒ කිසිම දෙයක් නිසා මගේ හිතේ ඔයාට තියෙන ආදරේ එක දශමයකින්වත් අඩු වුනේ නෑ, වෙනස් වුනේ නෑ, ඒ ආදරේ එදා තිබ්බ වගේමයි අදටත් සමහරවිට ඊටත් වඩා දැන් ආදරෙයි මං...

අනේ ඔහොම ඉන්න එපා චිම්, ඔයා මට ආදරේ නැති වුනාට කමක් නෑ මං දිහා බලල මොනාම හරි කියන්න, මට බැන්නත් කමක් නෑ, මං පොරොන්දු වෙනවා, ඔයාගේ ආදරේ ඔයාට ගෙනත් දෙනවා කියලා.

එහෙම කියලා මං ඉකි ගගහා අඩන්න ගත්තා



එතකොටම එයා හිමීට ඇස් ඇරියා,



🐥 චේ..... මගේ ආදරේ වෙන කවුරුවත් නෙමේ මැණික ඔයාම තමා, ඔයාට දුන්න වේදනාවට හරියන්න මං විදෙව්වා මැණික , මට තේරුමක් තිබ්බේ නෑ මගේ හිතේ ඔයා ගැන තිබ්බ ඒ හැඟීම ගැන, මට ඕනි වුනේ ඒ හැඟීමෙන්, ඒ දැනෙන දේවල් වලින් පැනලා යන්න, කොටින්ම මං ඔයාට ඒ විදිහට නපුරුකම් කරන්න හේතු වුනෙත් මට දැනුන දේවල් තේරුම් ගියේ නැති නිසයි,

ඔයා කොලේජ් එකෙන් ගියාට පස්සේ තමා මං තේරුම් ගත්තේ, මගේ හිතෙත් ඔයා ගැන තිබ්බ ඒ දේවල්, ඒ දැනුන දේවල් කාලයක් තිස්සෙම හිත යට තිබ්බ ආදරේ කියලා,

ඒත් ඒ වෙනකොට මං පරක්කු වැඩි, ඔයා ආපහු හොයන්න බැරි වෙන්න තරම් දුරට ඔයා ගිහින් තිබුනා, ඔයාට මොනාද වුනේ කොහෙද ගියේ කියලා කවුරුත් දැනන් හිටියේ නෑ, මං දවසින් දවස ඔයා ගැන හිත හිත මානසිකව වැටුනා, පිස්සෙක් වගේ ඔයාව හෙව්වා, මාව පිස්සෙක් වුනා මැණික ඒ ඔයාට දුන්න වේදනා වලට දඩුවම වෙන්න ඇති,



මං අවුරුදු ගානක් විදෙව්වා, මාව රට යැව්වේ හොඳ කරගන්න, මං සනීප වුනේ හෙමින් හෙමින්, කොහොම හරි මාව සනීප වේගෙන එද්දි මට මතකෙට ආවේ ඔයාව, ඉතිං මං ආපහු ඔයාව හොයන්න ගත්තා, ඒත් එක්කම මට මග ඇරුන මගේ ඉගේනීමත් මං ආපහු පටන් ගත්තා,



ඒකත් ඔයා නිසා, ඔයාගේ ආදරේ වෙනුවෙන්, ඔයා මං වෙනුවෙන් දැකපු හීන වෙනුවෙන් මං මහන්සි වුනා, ඒත් මං ඔයාව හොයන එක අත ඇරියේ නෑ, දිගටම හෙව්වා,


මුළු රට වටෙව්ම හොයලා හොයලා අන්තිමේදි මං දැන ගත්තා ඔයා අපේම කම්පැණි එකක වැඩ කියලා, තකහනියේම රට ඉදලා මං ආවේ ඔයාව බලන්න, මගේ කළු කොට බතලිව බලන්න, ඒත් එදා ලිෆ්ට් එකේදි ඔයා මගේ ඉස්සරහට එද්දි මං අදුනා ගත්තේ ඔය ඇස් වලින්, ඒත් මගෙ ඉස්සරහ හිටියේ හාත් පසින්ම වෙනස් දඩබ්බර කොලු ටයිප් කෙල්ලෙක්,



මං ඇස් පියාගෙන මතක් කලේ මගේ අහිංසකීව, ඒ මොහොතේ ඉදලා මං හිතන්න ගත්තේ ඔයාලා දෙන්නා දෙන්නෙක් කියලා, එහෙම හිතාගෙන ඔයාට වෙනස්කම් කලා නපුරුකම් කලා, ඒත් එක්කම ඔයාගෙ රිඇක්ශන් නිසා,



මගේ චේ කවදාවත්ම මෙහෙම නැති නිසා හිතට දැනුනෙම ඔයාලා දෙන්න දෙන්නෙක් කියලාමයි, සමහර වෙලාවට මාව අතරමන් වුනා ඒ සිතුවිල්ලේ, ඒත් එක්කම ආපහු මගේ අසනීප තත්ත්වෙ එන්න ගත්තා,


ඒත් ඒ මොනදේ වුනත් ඔයාට වෛර කරන්න බැරි වුනා, හැමතිස්සෙම මගේ හිත ඇතුළෙන් කිව්වෙ ඔයා මගේ චේවොනා කියලා, ආපහු මට තරහා එන්න ගත්තා බොහොම තදින්,

ඒත් එක්කම මං හිතුවා ඔයා දැන් මාව අමතක කරලා ඇති කියලා, ඒ නිසයි වැඩිපුරම ඔයාට නපුරුකම් කරේ,


ඒත් එදා ඔයා අහම්බෙන් වගේ මට චිම් කියල කතා කරද්දි මං ගැන වද වෙද්දි මං දිහා හොරෙන් හොරෙන් බලද්දි ආපහු මට මගේ ඉස්සර චේ මතක් වුනා, එතකොට මට තේරුනා ඔයා තාමත් අදටත් මට ආදරේ කරනවා කියලා, මටම විතරක්, ඒක ඔප්පු වුනා එදා ඔයාව කිඩ්නැප් කරපු වෙලේ මං ඔයාව කිස් කරද්දි ඔයා දුන්න රිඇක්ශන් එකෙනුත්,



ඒත් ප්‍රශ්නේ තිබ්බේ ඔයා ඒ දේ මගෙන් හංගපු එක, ඒ කියන්නේ ඔයාම කවදා හරි මට ඔයා ගැන කියනකම් ඔයාගේ ආදරේ කියනකම්, මං මාව පාලනය කර ගත්තා, ඒ මොහොත එනකම් බලන් හිටියා,

ඉතිං මැණික අපි දැන් මේ ඉන්නේ ඒ අවස්ථාවේ, මගේ මැණික ඇවිත් එයා කවුද කියලා මට කිව්වා, ඔයාම පිළිගත්තා ඔයා මගේ චේ කියලා,



මෙහෙම දුක් වින්දා ඇති මැණික අපි කල් ගත්තා හොදටම වැඩි, තවත් නම් මට මෙහෙම ඉවසන් බලන් ඉන්න බෑ,



ඔයා මගේ, මගේ විතරමයි, හැමදාමත්, අද ඔයාව මගේම කර ගන්න එක කාටවත්ම නවත්තන්න බැරි වෙයි, අඩුම ඔයාටවත් , ඔයා දන්නවා මං ගැන නේද මැණික ......



එහෙම කියලා චිම් මගේ තොල් වලට බර වුනා, ටිකෙන් ටික අපි අපේ ඒ උණුසුමට තුරුල් වුනේ මෙච්චර කාලයක් විදපු හැම වේදනාවකටම හරියන්න වාඩුව අද ගන්න වගේ.....



💙💙💙💙💙💙💙💙💙💙💙💙

අම්මෝ ඇති යන්තම්

ඉවර නෑ, තව තියෙනවා

💙💙💙💙💙💙💙💙💙

3.8.1.18.21

Nothing Like Us .... [COMPLETED]Where stories live. Discover now