17. චිම් ....

193 30 5
                                    



👩 ජිමින්ෂි ... කුමාඕ .... මාව බේරාගත්තට...



එහෙම කියලා මං ජිමින්ෂිගේ කර වටේ අත් යවලා එයාව මගේ ළඟට ලං කරගත්තේ හිමීට, මං දැක්කා එයාගේ ඇස් පුදුමයෙන් ලොකු වෙනවා, ඒ දිහා බලාගෙනම මං මගේ තොල් තිබ්බා ඒ තොල් උඩින්, ඊට පස්සේ මං මගේ ඇස් පියා ගත්තා, තත්පර කිහිපයක් එහෙම ඉන්න ඇති,



ඊළඟ නිමේෂයේ දී මගේ තොල් වලට දැනුනා තෙත ගතියක්, ඒ වෙනකම්ම මං ජිමින්ෂිගේ තොල් වල තොල් තියන් හිටියත් එයා රිඇක්ට් කලේ නෑ,


මං ටක් ගාලා එයාගෙන් ඈත් වෙලා එයා දිහා ඇස් ඇරලා බැලුවේ ඇයි එයා මුකුත්ම නොකර ඉන්නේ කියලා, දෙයියනේ එයා අඩනවා, මගේ චිම් අඩනවා, එයා ඇස් පියාගෙන හිටියට ඒ ඇස් වලින් දිගටම කඳුළු ගලනවා, ඒ කඳුළු වල තෙත තමා මට දැනිලා තියෙන්නේ,



👩 අනේ ජිමින්ෂි මියාන්හේ ... මං මං ඒ දේ කලේ ඔයාව අඩවන්න නෙමේ , ප්ලීස් අඩන්න එපා, මට බනින්න ගහන්න ඕනිම දෙයක් කරන්න, ඒත් මෙහෙම අඩන්න එපා, ඔය ඇස් වල කඳුළු දරාගන්න අමාරුයි මට , අනේ ජිමින්ෂි ප්ලීස් .....



එහෙම කිය කියා මාත් අඩන්න ගත්තා,



ඒත් එක්කම මං හිතුවේ වත් නැති වෙලාවක ජිමින්ෂි මගේ තොල් වලින් අල්ලාගත්තා, හරිම හිමින් පටන් ගත්ත කිස් එක එන්න එන්නම වේගවත් වෙද්දි එයා මාව එයාගෙන් ඈත් කලා...



🐥 චේවොනා ... ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ, ඇයි.... , මං කොච්චර තරහා ගන්න හැදුවත් ඇයි මට දැනෙන්නේ ඔයා මගේමයි කියලා, ඇයි මට හිතෙන්නේ අපි ගොඩාක් කල් ඉදන් දන්නවා කියලා, ඇයි මට හිතෙන්නේ මට කවදාවත්ම අමතක කරන්න බැරි මතකයක් කියලා, ඔයාගේ මේ උණුසුම ඇයි මට මෙච්චර හුරු, ඇයි චේවොනා ඇයි...



👩 සමාවෙන්න ජිමින්ෂි .... මට සමාවෙන්න



මං කරපු දේ ගැන මට පසු තැවීමක් දැනුනා, අපි ආපහු හොටෙල් එකට ඇවිත් රූම්ස් වලට ගියේ දෙන්නට දෙන්නා කිසි කතා බහක් නැතුව, ඒ යද්දි ජිමින්ෂි එක පාරක්වත්, වැරදිලාවත් මං දිහා බැලුවේ නෑ,



මොකද්ද මං දැන් කරන්නේ, තවත් මෙහෙම විදවන්න බෑ , අද මේකේ දෙකෙන් එකක් විසදාගන්න වෙනවා,


එහෙම හිතාගෙන මං කල්පනා කලේ ඊළඟට මොකද කරන්නේ කියලා,



රෑ කෑමට එළියට එන ජිමින්ෂි අද ඒකටවත් එළියට ආවේ නෑ, ඒකත් රූම් එකටම ගෙන්න ගන්නවා මං දැක්කා, මාත් කාලා බීලා ඉවර වෙලා කල්පනා කරලා කල්පනා කරලා, තීරණයක් ගත්තා,



හොද හුස්මක් අරන් හිතට ශක්තිය අරන්, ගියේ ජිමින්ෂි ගේ කාමරේ දොර ඉස්සරහට, විනාඩි 5ක් විතර ඉදලා දොරට තට්ටුවක් දාන පමාවට දොර ඇරිලා කවුරුහරි මාව ඇතුලට ඇදලා අරන් දොරට තියාලා තද කරගත්තේ මොකද වුනේ කවුද කියලා හිතන්නවත් වෙලාවක් නොතියා,



ඒ ජිමින්ෂි, මට හිතුනෙම එයා මං එනකම් බලන් හිටියා කියලා, මගෙ මූණ දිහා බලන් ඉදලා මට පිටුපාලා ගිහින් ජැනේලේ ඉස්සරහා හිටගත්තා,



මාත් ටික වෙලාවක් දොරටම හේත්තු වෙලා ඉදලා හිමින් හිමින් ජිමින්ෂි ගාවට ගිහින් එයාට පිටිපස්සෙන් හිට ගත්තා,



එහෙම්මම මන් එයාගේ වටේ අත් යවලා ඒ පිටට මූණ තියාගෙන එයාව බදා ගත්තා, ඒත් එයා හෙල්ලුනේවත් නෑ, ඒත් මං කතා කරන්න ගත්තා,....



👩 චිම්..... මගේ පණ.... මං.... මං..... මං ..... චේවොනා, ඔයාගේ චේ.....



💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

ඔන්න අදත් ඩබල් අප්ඩේට් එකක් දුන්නා


තව පොඩ්ඩයි ....


බලමු එයාලාගේ ආදරේට මොකද වෙන්නේ කියලා නේද
..


💙💙💙💙💙💙💙💙💙💙💙💙

3.8.1.18.21

Nothing Like Us .... [COMPLETED]Where stories live. Discover now