Chapter 3

503 159 19
                                    

"හෙලෝ"
යුන්ගිගේ කටහඩට අහන්න බලාපොරොත්තුවෙන්  ෆෝන් එක ආන්සර් කෙරුව ජිමින්ට අහන්න ලැබුනේ නුපුරුදු කටහඩක්..
ඒ නිසාම ජිමින් තත්පරයකට දෙකකට මුකුත්ම නොකියා නිහඩවම හටියා.

"හෙලෝ මන් දෝසන් රෝ ස්ට්‍රිට් එකෙන් කතා කරන්නේ, මන් දැන් පීසා ඕඩර් එකක් දාලා පැය දෙකක් විතර වෙනවා ඒත් තාම ඒක ඩිලිවර් කලේ නැහැ නේ.."

ජිමින් ගෙන් ප්‍රතිචාරයක් නැතිපාර
කටහඩේ අයිතිකාරයා කතාකරන්න පටන් ගත්තා.

"මොකක්ද?"

හදිසියේම කඩාගෙන පාත්වුන අගක් මුලක් නැති පීසා කතාව දුකින් හිත රිදවගෙන හිටිය ජිමින්ට තේරුම් ගන්න බැරිඋනා..

"ආහ්..ලාජ් පීසා එකක් වැඩිපුර චීස් දාපු..."

ජිමින් අහපු ප්‍රශ්නේ වැරදියට තේරුම් ගත්ත අමුත්තා උත්තර දුන්නා.

එහා පැත්තේ රිසිවර් එකෙන් පීසා ඕඩර් එක ගැන කියද්දි ජිමින්ට මැවිලා පෙනුනේ හරිම ආදරණීය විදිහට දවස ගතකරන දෙන්නෙක්ව.. දවස පුරාම මහන්සි වෙලා ඇවිත් දෙන්න එක්කම එකතු වෙලා උණුම උණුම කෝපි කෝප්පයක් එක්ක පීසා කෑල්ලක් රස විදින දර්ශනයක් මැවිලා පෙනුනා..සමහරවිට ඒ දෙන්නා කෑම කාලා ඉවරවෙලා මුවී එකකුත් බලයි.
ජිමින්ට තමන් ගැනම ඇති වුනේ අනුකම්පාවක්..ලොකේ හැමෝම සතුටින් , සැනසීමෙන් මේ මන් ඇරුනම, ජිමින්ට හිතුනා.

"සොරි රොන්ග් නම්බර්" උගුරෙන් ආව ලොකු ඉකියකුත් එක්ක ජිමින්ට කියවුනා.ජිමින් ලෑස්ති වුනේ ඒ මොහොතෙම ෆෝන් එක කට් කරන්න.ඒත්....

"හේයි...පොඩ්ඩක් ඉන්න ෆෝන් එක තියන්න එපා..ඔයා අඩනවද?"
කලින් කතා කලාටත් වඩා මෘදු විදිහට ඇහුවම ජිමින් ෆෝන් එක කණට තද කරගෙන ඉකි ගගහා අඩන්න පටන් ගත්තා.ජිමින්ට මේ වේලාවෙදි උවමනා ⁣වුන සැනසිම ඒ කඩහඩේ ඕනාවටත් ගැබ් වෙලා තිබුනම , ජිමින් දෙපාරක් නොහිතම එයාගේ මුළු ජීවිත කතාවම අමුත්තා ඉදිරියේ දිගහැරියා.

"අනේ මට සමාවෙන්න මම ඔයාගේ වෙලාව නාස්ති කලා නේද?..මන් ඔයාව අදුරන්නෙත් නැහැ.."
විනාඩි ගාණක් අඩ අඩම දුක කිව්ව ජිමින් අන්තිමට අඩන එක නතර කරලා එහෙම කිව්වේ ලැජ්ජාවෙන්.

"ඉට්ස් ඕකේ...ඕක මොකක්ද.. අද ඉදන් මන් ඔයාගේ යාළුවෙක් කියලා හිතා ගන්න..
මන් ජන්කුක්.."

Pizza order ||  [Complete]Where stories live. Discover now