Chapter 15

659 162 122
                                    

ගවෙන්ජුවල ඉදන් සෝල් වලට එන ගමන අතර මගදිත් ජිමින් හිටියේ හරි හැටි සිහියකින් නම් නෙවෙයි.
නොදැනුවත්වම පැටලුන මර උගුලෙන් බේරෙන්න විදිහක් කල්පනා කරලම ජිමින්ගේ මනසත් අවුල් වෙලා.

පොලිසියට පැමිණිල්ලක් දැම්මොත්?...

ජීවත්වෙන මනුස්සයෙක්ගෙන් කරදරයක් සිද්ධ  වෙන්න යනවා නම් , ජිමින්ට දෙපාරක් නොහිතම පොලිසියට පැමිණිලි කරන්න තිබුනා.
ඒත් දැන් ජිමින්ට එයාගේ ජීවිතේ බේරගන්න වෙලා තියෙන්නේ මැරුණ කෙනෙක්ගෙන්.....

ගෙවුන අවුරුද්ද පුරාවට ජීවත්ව ඉන්න කෙනෙක්ටත් වඩා ආරක්ෂාවක් , ආදරයක් ලැබුන ජන්කුක්ගෙන් එයාට කරදරයක් නොවෙයි කියලා ජිමින්ගේ හිත කිව්වත්..

ඒත් එයා ජන්කුක්ට වුන පොරොන්දුව ?...

ටැක්සි එක එයාගේ ඩෝර්ම් එක ලගින් නතර කලාට පස්සේ ජිමින් ඉක්මනටම ඇතුලට දුවන්න පටන් ගත්තේ ඉතුරු සල්ලිවත් අරගන්න නවතිනේ නැතුවමයි.

වැඩිවෙලාවක් ගන්නේ නැතුවම ඩෝර්ම් එක ඇතුලට ආව ජිමින් සැනසුම් සුසුමක් හෙලුවා.
කාත්කවුරුත් නැතුව තනියම ජීවත් වුන ජිමින්ට ,ආරක්ෂකාරීම තැන උනේ එයා නතර වෙලා හිටිය ඩෝර්ම් එක..

හැමදෙයක්ම නපුරු  හීනයක් කියලා හිතන්න ජිමින් ඔයා දැන් ඉන්නේ සෝල් වල..

තමන්ටම මුමුණ ගත්ත ජිමින් අඩ අදුරක තිබුන ඩෝර්ම් එකේ ඇතුලට යන්න හැදුවේ අද දවස ඇතුලත සිදුවුන හැම දෙයක්ම අමතක කරලා දාන්න හිතාගෙන වුනත්....

එක පාරටම දොරේ සීනුව නාද වෙන්න ගත්තේ ජිමින්ගේ ඇගේ ලේ සීතල කරලා. ජිමින්ගේ මුළු ඇඟම දියෙන් ගොඩ දැම්ම මාළුවෙක් වගේ ගැහෙනවා.
එන්න එන්නම දෝරේ සීනුව නාදවෙන වේගේ වැඩිවෙන්නේ එළියේ ඉන්න අමුත්තා නොසන්සුන් කියලා හඟවන්න වගේ...
ඇස් වලින් කදුළු කැට කඩාගෙන වැටෙද්දි , ඕනම දෙකට මුණ දෙන්න සුදානමින් ජිමින් දොරේ අගුල් බෝලය අල්ල ගත්තේ වෙව්ලන අත් වලින්..

දොාර ඇරියත් කවුරුත් පේන්න හිටය නැති පාර සැනසුම් සුසුමක් හෙළුව ජිමින් ආපසු කාමරේ දොර වහන්න හදද්දිම තමයි දැක්කේ දොර පාමුල තිබුන සෘජුකෝණාස්‍රාකාර  කඩදාසි පෙට්ටිය...

"පීට්සා පෙට්ටියක්...."

ජිමින් බිමට නැවිලා කඩදාසි පෙට්ටිය අතට ගත්තේ බයෙන්..පෙට්ටියට පිටිපස්සෙන් තිබුනේ පොඩි ස්ටිකි නෝට් එකක්...
"(ලාජ් චිකන් පිට්සා වැඩිපුර චීස් දාපු)
කොහොමද?
මන් හිතනවා ඔයා ඔය පිට්සා එකට කැමති වෙයි කියලා..."

ස්ටිකි නෝට් එක කියවපු ජිමින්ගේ මුණ කඩදාසියක් තරමට සුදුමැලි උනා. බයටම කකුල් දෙකත් පණනැති වේගන එද්දි හැකි තරම් වෙර යොදලා පිට්සා පෙට්ටිය දොරෙන් ඈතට විසි කෙරුව ජිමින් ඇතුලට පැනලා දොර වහගත්තා.

ජන්කුක්!!... එයා ජිමින්ව හොයාගෙන ඇවිත්..

ජිමින්ගේ වේගවත්  හුස්ම හඩ ඇරුනම මුළු ඩෝර්ම්  එකේම තිබුනේ භයානක නිහඩ බවක්...

  හිතේ තිබුන ආත්ම ශක්තිය නැත්තටම නැතිකරලා දාලා  ඊලඟ තත්පරයේදිම ජිමින්ගේ ෆෝන් එක ඩෝර්ම් එක පුරාවටම තිබුන නිහඩ බව බිදිමින් නාද වෙන්න පටන් ගත්තා.

ජිමින් ෆෝන් එක ආන්සර් කරලා කනට තියාගෙන අනිත් අතින් කටවහත්තේ එයාගේ හුස්ම හඩවත් රිසිවර් එකෙන් එහා පැත්තේ ඉන්න කෙනාට ඇහෙන්න  නැතිවෙන්න..

"මාව අදුරගත්තද?"

ජන්කුක්ගේ කටහඩට වෙනදටත් වඩා මෘදුයි. නමුත් වෙනදට ජිමින්ගේ හිතට සහනයක් ගෙනාව කඩහඩේ අද ගැබ්වෙලා තිබුනේ මෘදු බවෙනුත් ඔබ්බට ගිය  වියරුවක්...

"ජිමින්..
මම පොරොන්දු රකින කෙනෙක්!!!.
මන් ඔයාව කවදාවත් අත්හරින්නේ නැහැ.."

ජන්කුක්ගේ බියකරු  හිනාහඩ ෆොන් එකෙන් ඇහෙද්දි ජිමින්ගේ අතින් ෆෝන් එක බයටම අතහැරුනා.

"ජන්කුක්..ඔයා මාත් එක්ක තරහා වෙලා මාව අතහැරියත්..මම නම් ඔයා ජීවිතේට අත්හරින්නේ නැහැ..."

එයාගේම වචන කන්දෙකේ දෝංකාර දෙද්දි ජිමින් පොඩි සෝපාව ලඟ බිමින් වාඩි උනා.


ජිමින්ගේ පොඩි කාමරයේ පැතිරිලා තිබුන මුසල නිහඩතාවය බිදුනේ ෆෝන් එකට ආව මැසේජ් එකේ සද්දෙන්..
ජිමින් දාඩිය පිරුණ අතෙන් ෆෝන් එක අරන් මැසෙජ් එක ඕපන් කලා.

"දොර අරින්න මන් ඇවිත් ඉන්නේ.."

ජීමින්ට තේරුනා එයාට ගැලවීමක් නැති විත්තිය...

End ~




***********************************
Hi

එහෙනම් ඉවර වුනා. හැමදාම ලියන විදිහට නැතුව horror එකක් ලියන්න ඕන උනේ.horror කෙසේවෙතත් funny උනාද මන්දා. 😂
මොනවා හරි කොමෙන්ටුවක් දාන් යන්න..

Jikook omegaverse translate එකක් තියෙනවා දාන්නද?



තැන්කිව් පිට්සා ඔඩරේ සමඟ රැදි සිටයාට..😁💜️❤️
ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!.

Pizza order ||  [Complete]Where stories live. Discover now