පහුවෙනිදා ටෙහියුන්ග් කොලේජ් ගියේ හිත මහා අමුතු හැගීම් ගොඩකින් පිරිලා තියෙද්දි...
"ඒ ටේ..."
"ටේයියෝ..."
"ටේහියුන්ග්..."
"කිම් ටේහියුන්ග්..."
"ඕයි බූරුවෝ...."
දැන් සෑහෙන වෙලාවක ඉදන් මේ හෝබි ටේහියුන්ග්ට කතා කරන්නෙ... ඒත් ටේ ????? ටේ නම් ඉන්නෙ වෙන ලොකෙක වගේ....
'එයාව ආයි දකින්න තිබ්බනම්...'
ටේගෙ හිතේ තිබ්බෙ මේක....
බැරිම තැන හෝබි ටේට හයියෙන් පාරක් ගැහුවමයි ටේ මේ ලෝකෙට ආවෙ..
"ආව්......"
ටේ මූණත් ඇබුල් කරගෙන අහනවා..
"කොහෙද මනුස්සයො මෙච්චර වෙලා හිටියෙ..."
"ම..මන් ආ.. මේ...."
"හරි හරි එකෙන් වැඩක් නෑ අද හවස මොකෝ කරන්නෙ ? යමුද පාක් එක පැත්තෙ ☹️"
"අද.. හා..."
කතා උන විදිහටම ටේයි හෝබියි පාක් ආවා. මේ දෙන්නා සමහර දවස් වලට මෙහෙම පාක් යනවා.. වෙනද වගේම ටේ හිටියෙ හෝබිගෙ අතේ එල්ලිලා....
ඒත් අද වෙනදට වඩා වෙනස්...
එයාල්ගෙ පස්සෙන් කෙනෙක් ෆලෝ කරන ගමන් හෝබිගෙ අවසානෙ හිතින් ප්ලෑන් කරන බව මේ අහිංසකයො දෙන්නගෙන් කවුරුත්ම දැනන් හිටියෙ නෑ....
"ආවු...."
එක පාරටම මුළු ඇගම වැහෙන්න කළු ඇදගත්ත මනුස්සයෙක් හෝබියි ටේගෙයි මැද්දෙන් ගස්සගෙන ගියේ ඒ දෙන්නව දෙපැත්තට විසික් වෙන තරමට...
"ඕයි කොහෙද බල්ලො යන්නෙ ?? පාර බලාගෙන යන්න බැරිද ??"
හෝබි දණිස්සෙ ගෑවුන දූවිලි ටික පිහදාන ගමන් අර මනුස්සයට බනිනවා..
ඒත් ටේ......
වැටිච්ච තැනම ඉදගෙන අර මනුස්සයා යන දිහා බලාගෙන ඉන්නවා...
Tae P.O.V.
ඒ ජැකට් එක....
ඒ තොප්පිය....
ඒ කඩවසම් ඇග....
මේ එයාම තමා......
මේකනම් විශ්වාස කරන්නත් බෑ....
ආයෙත් මට එයාව හම්බුණා.....
එයා කවුද ??
ඇයි එයා සැරෙන් සැරේ මාව මේ විදිහට අතරමං කරන්නෙ.....
හිත ඇතුළෙන් උඩ පනින ගමන් ටේ නම් තාමත් බිම ඉදගෙන කල්පනා කළේ මේ දේවල්....
"ඒ ටේ නැගිටින්නෙ නැද්ද ??"
".........."
"මේ මනුස්සයෝ.. නැගිටිනවකො හලෝ.."
"ආ... ඉන්න.... ආ.. තෑන්ක්යූ හෝබි...."
"මේ ටේ බෙයා.. මොකෝ වෙන්නෙ ?? මන් බලාගෙන.. සැරෙන් සැරේ වෙන වෙන ලෝක වල.... "
"අනීව්.. ඒම එකක් නෑ...."
ටේ පුළුවන් තරම් ලස්සන හුරතල් හිනාවක් දාගත්තෙ හෝබිගෙ ප්රශ්න කිරිල්ලෙන් බේරෙන්න ඕනෙ හින්දා....
මේ දෙන්නා මෙහෙම කතා කර කර පාක් එක පුරා සෙල්ලම් කර කර දිව්වෙ පොඩි ළමයි දෙන්නෙක් වගේ..
ඒත් ඒ හැම මොහොතෙම විටෙක ආදරයෙන් පිරුණු විටෙක කේන්තින් වියරු වැටුණ තවත් ඇස් දෙකක් යොමු වෙලා තිබ්බා කියලා ටේහියුන්ග්වත් හොබිවත් දැනන් හිටියෙ නෑ.....
°
°
°
°
°<€¢>
තාම යන්නෙ පරණ එව්වා... අලුත් අප්ඩේට්ස් තව චැපි දෙක තුනකින් පස්සෙ 😌