"ඔහ්... මොකද මේ මහ රෑ එළියෙ කළේ ඔයා ?"
"........"
ටේහියුන්ගෙ ඒ ප්රශ්නෙටනම් ජන්සොක් ගොළු උනා.
"සොකී ??"
"ස්..සොකී ???"
"හ්ම්ම්.... ඔයාගෙ නම කෙටි කළා... "
"ඒ... ඒක ලස්සනයි.....🥺"
ජන්සොක්ගෙ ඇස් දෙකේ කදුළු පිරෙන දිහා ටේහියුන් බලාගෙන හිටියා.
"මොකෝ මේ ම්ම් ??"
"ම..මට මීට කලින් කවුරුත් නික් නේම් එකක් දාලා නෑ...."
"අයිගො... කෝ දැන් අඩන්නෙ නැතුව ඉන්නකො... මට කියන්න ඔයාගෙ ගෙවල් කොහෙද ? ඔම්මා අප්පා ? ඔයා මොනවා කරන කෙනෙක්ද ?"
"ම..මට ගෙදරක් නෑනෙ...."
"ම්වෝ ? මෙච්චරකල් හිටියෙ කොහෙද එතකොට ?"
"......."
ජන්සොක් බිම බලාගත්තම ටේහියුන්ග් හිතුවා මේ ගැන අහන එකෙන් එයාගෙ සොකීගෙ හිත රිදෙයි කියලා. ඒ නිසා එයා ගෙදර ගැන, ඔම්මා අප්ප ගැන අහන එක නතර කරන්න හිතුවා...
"හරි මට කියන්නකො ඔයා මොනවද කරන්නෙ ? මන් අහන්නෙ ඉගෙන ගන්නවද ? ජොබ් එකක් කරනවද ??"
ජන්සොක් දෙකටම ඔළුව වැනුවෙ නෑ කියන්න..
"එතකොට කන්න බොන්න එහෙම සල්ලි කොහෙන්ද ?"
"ම..මන් එක එක වැඩ කරලා.. ස..සල්ලි හොයා ගන්නෙ.."
ටේහියුන්ට මේ අමුත්තා ගැන දුක හිතුණා.
"ම්ම්ම්... දැන් රෑ වෙලා අපි නිදාගමු."
"න්..නිදාගන්න ?"
"ඔ..ඔව් ඇයි ?"
"ආ.. නෑ නිකන්...."
"එන්න මන් කාමරෙ පෙන්නන්නම්.."
ජන්සොක් ඔළුව වනලා ටේහියුන්ගෙ පස්සෙන් ගියා.
ටේහියුන් එයාගෙ සොකීව guest room එකට එක්කන් ගිහින් guest room එකේ තිබිලා හොයාගත්ත හෝබිගෙ ඇදුමකුත් සොක්ට දීලා ගුඩ් නයිට් විශ් එකකුත් කරලා සාලෙට ඇවිත් කෝපි කොප්ප දෙකත් හෝදලා ඇදට ඇවිත් එයාගෙ අලුත් අමුත්තා ගැන කල්පනා කර කර ඉන්න ගමන්ම නිදාගත්තා.