එදා ටේ කොලේජ් ගිහින් ඇවිත් වොශ් එකක් එහෙම දාන් රාමෙන් එකකුත් හදාගෙන කාලා එහෙම නිදාගන්න ලෑස්ති උනා.
ඒත් ටේ ඇදට නගින්න කලින් කර්ට්න් එක වහන්න ජනේලෙ ළගට යද්දි දැක්කෙ එයා කීයටවත් දකියි කියලා නොහිතපු දෙයක්.
ඔව්.. ඒ Mr.unknown.. එයාගෙ ගේ ඉස්සරහ... මේ වෙනකොට ටේගෙ ගෙදර ලයිට් එකක් දාලා තිබ්බෙ ටේගෙ කාමරේ විතරයි. Mr. Unknown බලන් හිටියෙ ටේගෙ කාමරේ දිහා.
ටේට පොඩි බයක් නොදැණුනාමත් නෙමෙයි... ඒත් ටේ හිත හයිය කරගෙන කර්ට්න් එක හදලා ඇදට පැනලා නිදාගත්තෙ හොද නින්දක් දාන බලාපොරොත්තුවෙන්...
Next Day
ටේහියුන්ග් උදේම නැගිටලා ජනේල් රෙද්ද මෑත් කරලා කලින් දවසෙ Mr.unknown හිටපු තැන බලද්දි එතන කවුරුත් හිටියෙ නැහැ.
'සමහරවිට යන්න ඇති.'
ටේහියුන්ග් බර හුස්මක් පහත දාලා කොලේජ් යන්න ලෑස්ති උනා.
හෝබිත් ටේගෙ ගෙදරට ආවහම දෙන්නත් එක්ක කොලේජ් යන්න පාරට බැස්සා.
ඒත් ටික දුරක් යද්දි ටේට දැණුනෙ තමන්ගෙ පස්සෙන් කවුරුහරි එනවා වගේ. ඒ නිසා එයා දෙතුන් පාරක් පිටිපස්ස හැරිලා බැලුවත් කවුරුත් හිටියෙ නැහැ.
'මේ එයාවත්ද ?'
තමන්ට කියා ගන්න ගමන් ටේහියුන් අවධානෙන් ඉස්සරහට ගියා.
මේ කිසි දෙයක් ගැන හාංකවිසියක්වත් නොදැන හෝබි හෙඩ් සෙට් දෙකක් දාගෙන ඔහේ කෑ ගගහා සින්දු කියන ගමන් ඇවිදන් යනවා.
කොලේජ් එකට ඇවිල්ලා අන්තිම පාරටත් පිටිපස්ස බලපු ටේහියුන්ට දැකගන්න පුළුවන් උනේ පදුරකට මුවා වෙලා තියෙන කළු පාට ලේන්සුවක්..
ඒකෙන් ටේහියුන් දැන ගත්තා මේ ඉන්නෙ එයාගෙ Mr.unknown තමා කියලා.
කට කොණට හිනාවක් නගාගත්තු ටේහියුන් කොලේජ් එක ඇතුළට යන්න ගියේ හිත ඇතුළෙන් අමුතුම සතුටක් දැනෙද්දි.
කොලේජ් ඉවර වෙලා ගෙදර යද්දිත් උදේ වගේම කෙනෙක් පස්සෙන් එනවා වගේ දැනෙද්දි ටේ දැනගත්තා ඒ Mr.unknown කියලා.
වෙන වෙලාවකනම් මෙහෙම කෙනෙක් තමන්ගෙ පස්සෙන් එද්දි කේන්ති යනවා වුණත්, දැන් ඇයි කේන්ති යන්නෙ නැත්තෙ කියන එක ටේහියුන්ටත් පුදුමයක් ගෙනාවා.
ටේහියුන් මේ විදිහට Mr. Unknown තමන්ව ලුහුබදිනවට ආස කළා. ටේහියුන්ගෙ හිතේ දැනටමත් Mr. Unknown ගැන අදහස් ඇති වෙලාවත්ද ?
_________________________________________
කොටයි තමා.... කමක් නැහ් 😌
අදහස් කියන් යන්ඩෝ... ❤️❤️