මැදියම් අහසේ දිලිසෙමින් තිබුනු පුරහද කොහේදෝ ඉදන් ආපු අදුරු වලාකුලකින් වැහුනේ මුලු අහසම අමුතු හුදෙකලා ගතියකින් පුරවන ගමන්..අහස සිපගනිමින් තිබුනු උසම උස ගොඩනැගිලි අතරින් හමාගෙන ආපු සුළගේ සීතල එන්න එන්නම වැඩි වුනේ ලග ලගම එන මහ වරුසාවකට අනාවැකි කියනවා වගේ..
ඒත් සෝල් නුවර තිබුනු උසම ගොඩනැගිලිවලින් එකක රූෆ්ටොප් එකට වෙලා පහළින් පේන සෝල් නගරය දිහා අරමුණක් නැතිව බලාගෙන හිටපු කෙනාටනම් ඒ ගැන ගානක්වත් තිබුනේ නෑ.
සෑහෙන වෙලාවක ඉදන් තමන්ට ආලෝකය දුන්නු හද අදුරු වලාකුලකින් වැහුනු හැටි එයා දැක්කේ නෑ..මුලු ගතම වෙලාගත්තු සීතල එයාට නොදැනුනු තරම්.....
විවිධ වර්ණවල කෘතීම එළිවලින් ආලෝකමත් වුනු කාර්‍යබහුල සෝල් නගරය දිහා අරමුණක් නැතිව බලාගෙන හිටපු ඒ දිලිසෙන ඇස්වල අයිතිකාරයගේ හිත තිබුනේ එතනින් ගොඩාක් ඈත සිතුවිලි මහ හුගක් අතරේ අතරමන් වෙලා.
ඇස්වලින් එලියට එන්න දගලන කදුලු නවත්තගන්න හදන හැම තප්පරයකම එයාට මැවි මැවී පෙනුනේ ඒ ගොඩනැගිල්ලේම සුදුපාට බිත්තිවලින් වටවුනු කාමරයක නිහඩවම වැතිරිලා ඉන්න ඒ කෙනාව....
ටික වෙලාවකට කලින් ඒ තියටර් රූම් එකෙන් එලියට ආපු වෛද්‍යවරයා කියපු දේ එයාට විශ්වාස කරගන්නවත් බැරි තරම්..
~ "පේෂන්ට්ගේ ඉන්ටර්නල් ඉන්ජරීස් නැති තරම්..ඒ වගේම එයාගේ එක්ස්ටර්නල් ඉන්ජරීස් ඒ තරම් බරපතල වුනේත් නෑ.....ඒත්....ඇක්සිඩන්ට් එක නිසා හදිස්සියෙම ඇති වුනු කම්පනයත් එක්ක එයාගේ හාට් එක ගොඩක් වීක් වෙලයි තිබුනේ...අපි උපරිම උත්සාහ කලා..ඒත් අපිට මොකුත් කරන්න පුලුවන් උනේ නෑ මිස්ටර් ........ !වී ආ රියලි සොරි...!" ~
මීට පැය කීපයකට කලින් තමන් ලග උන්නු කෙනා මේ මොහොතෙදි වෛද්‍යවරුන් වටකරගෙන ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නේ තමන් නිසා කියලා මතක් වෙද්දි තව දුරටත් ඒ කදුලු ඇස්වල හිරකරගෙන ඉන්න එයාට පුලුවන් වුනේ නෑ..
ඒ අසුන්දර මතකය ඔහුගේ ඇස් ඉස්සරහ මැවිලා පේන්න ගත්තේ ඒ කදුලුවලට ගලාගෙන යන්න හේතුවක් දෙන ගමන්..
_______________________________________
302 Words
බරපතල නැතිව සාමාන්‍ය විදිහට FF එකක් ලියන්න හිතුනා..😁 වැඩි ලස්සනක් නැතිව ඇති..ඒත් මං රොමෑන්ටික් විදිහට ලියන්න උත්සාහ කලා ළමයි..😎😂
මගේ පළවෙනි JiKook එක..❤ඒ වගේම සම්පූර්ණ කරලම දාන පලවෙනි කොටස් කතාව..🤗
ඔයාලා කැමති වෙයි කියලා හිතනවා..❤
Thank you for clicking on this book lovelies....❤🌼
Plz vote & comment..❤(if it is okay with you..🤗)
Love you sweethearts 💙🌼
Enjoy reading..❤😘-RMP_ Moon-
YOU ARE READING
I K I G A I | JiKook | (Completed)
Fanfiction"ඒත්....මේ පපුවේ..හුස්ම වැටෙනකම්..මං...ඔයාට.... සීරිමක්වත් වෙන්න දෙන්නේ නෑ ජීමින්...!" ජන්කුක් වෙව්ලන කටහඩින් කිව්වේ ජිමින්ගේ ඇස් දිහා බලාගෙනමයි. "මොකද...පාක් ජිමින්ගේ....බොඩිගාඩ්....කියන.... ජොබ් එක....තිබ්බත්...නැතත්...මං තමයි...හැමදාටම..මේ මෝචිගේ...