ජන්කුක් සිහින් හඩින් එහෙම මිමිනුවේ ඇස් ඇරලා එයාගේ වටේටම විශේශ කෙනෙක්ව හොයන ගමන්.ජන්කුක්ට ඒ තරම් වේදනාවක් දැනුනේ නෑ තව දුරටත්..මරනින් නැගිටලා ආපු කෙනෙක්ට දැනෙන්න ඕනි කිසිම වේදනාවක් ඔහුට දැනුනේ නෑ..මොකද එයාගේ හිත තිබුනේ තමන්ට වුනු දේ ගැන අවදානයෙන් නෙමෙයි ජීමින්ව හොයන ගමන්..
"පුතා..ඔයාට මෙච්චර දෙයක් වෙලත් ඔයා තාමත් හොයන්නේ ඔයාගේ ජිමින්වද...?!"
මිසිස් ජියෝන් එහෙම අහද්දි පාක් ජීයොන්ගේ මූනේ ඇදුනේ ප්රශ්නාර්තයක්..
"මොකක්ද.....!"
පාක් ජීවොන්ගේ මුවින් එහෙම.පිටවෙද්දි මෙච්චර වෙලා පැත්තකට වෙලා හිටපු මිස්ටර් ජියෝන් පාක් ජීවොන් දිහා බැලුවේ සුහදශීලීව හිනාවෙන ගමන්.
"ඔව් ජීවෝන්....ඔයා ඔයාගේ පුතාට බොඩිගාඩ් කෙනෙක් ගනිද්දි නිකමටවත් හොයලා බැලුවේ නැද්ද ඒ මනුස්සයා කවුද කියලවත්..අද මුණ ගැහෙනකම්ම ඔයා දැනගෙන හිටියෙ නෑ ජියොන් ජන්කුක් කියන්නේ මේ මගේ..ජියොන් ටේගුක්ගේ තුන්වෙන පුතා කියලා...කොරියාවේ ඉන්න නම්බර් වන් බිස්නස්මන්ගේ බාලම පුතා ඔයාගේ පුතාගේ බොඩිගාඩ් වුනේ ඇයි කියලද ජීවොන් ඔයා හිතන්නේ.......කෝටි ගානක කම්පැනි එකක අයිතිකාරයෙක් වෙලත් මේ මෝඩයා ඔයා ගාව ජොබ් එකක් කරන්න එන්නේ ආසාවට කියලා හිතුවද..."
පාක් ජීවොන් තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉද්දි මේ වෙනකොට ඇදේ වාඩි වෙලා හිටපු ජන්කුක් හැරුනේ ඔහුගේ පැත්තට.
ජීවොන් දාකපු ගමන් ජන්කුක්ගේ මූණ කේන්තියෙන් පුපුරන්න ගත්තේ ඒ බැල්මට ජීවොන් ගැස්සිලා යද්දි.
"තමුන්....තමුන් මොකක්ද මෙතන කරන්නේ.."
ජන්කුක් ජීවොන් දිහා බලාගෙන හිටියේ දවා අලු කරන්න පුලුවන් බැල්මකින්.
"තමුන් ආයෙමත් වතාවක් අර ලීහියුන්ව ජිමින්ගේ ජීවිතේට අරන් එන්න හදන්නේ තමුසෙට මතක නැද්ද මීට කලින් වුනු දේවල්...තමුසේ උගේ කීමට මාව ජොබ් එකෙන් අයින් කලේ ඌ නිසා ජිමින් ආයේ මොකුත් කරගන්න එකක් නෑ කියලා හිතලද ජීවොන්..."
![](https://img.wattpad.com/cover/290919277-288-k595878.jpg)
YOU ARE READING
I K I G A I | JiKook | (Completed)
Fanfiction"ඒත්....මේ පපුවේ..හුස්ම වැටෙනකම්..මං...ඔයාට.... සීරිමක්වත් වෙන්න දෙන්නේ නෑ ජීමින්...!" ජන්කුක් වෙව්ලන කටහඩින් කිව්වේ ජිමින්ගේ ඇස් දිහා බලාගෙනමයි. "මොකද...පාක් ජිමින්ගේ....බොඩිගාඩ්....කියන.... ජොබ් එක....තිබ්බත්...නැතත්...මං තමයි...හැමදාටම..මේ මෝචිගේ...