CHAPTER 04 [ Under Editing ]

137 26 179
                                    


" ආශ්...අපි දැන් මෙතන නිකම් කාලේ කනවා කියලා හිතෙන්නේ ඇයි මට..."

" උබ එහෙනම් වෙනදට කාලේ බීලා ඇති..."

කාර් එකේ ශටර් එකත් පාත් කරගෙන පාරේ එහා පැත්තේ තියෙන පොඩි Nursery එක දිහා බලාගෙන භාවනක යෙදිලා හිටිය Soobin ගේ අවදානේ එක පාර වෙනත් අතකට හැරුණේ Beomgyu ගේ එක විදිහට තියන් ඉන්න බැරි කට හින්දා...කොල්ලෝ දෙන්නා පැයක්..පැය දෙකකටත් වඩා වැඩි වෙලාවක ඉදන් කාර් එකේ තැම්බි තැම්බි ඉස්සරහින් තියෙන Nursery එක දිහා බලන් ඉන්නේ එයාලා බලාපොරොත්තු වෙන රූපේ එළියට එනකම්...

කාලේ තත්තපරෙන් තත්ත්පරේ ගෙවුනත් කොල්ලෝ ප්‍රාර්ථනා කරන කෙනා නම් එන වගක් තිබ්බේ නෑ...එක පාරට Beomgyu ගේ ඇරුණු කට ඒ ක්ෂණයෙන් වැහිලා ගියේ Soobin දුන්න උත්තරේ හින්දා...Soobin අහක බලනකම් ඉදලා එයාට ඇද කරලා කොල්ලා අහක බලාගත්තේ තමන් මොන එහෙකට මෙහෙම ගමනක් ආවද කියලා හිතන ගමන්....

ඇතුළට ගිය එකා දෙන්නා ආයෙත් එළියට ආවා....ඇතුළේ ඉදන් අලුත් මූණු එළියට මතු වුණා...ඒත් කොල්ලෝ දෙන්නා බලාපොරොත්තුවෙන් හිටිය කෙනා නෙමේ....Beomgyu නම් සංසාරේ කළකිරිලා වගේ මූඩ් එකක් හදාගෙන වෙන පැත්තක් බලන් හිටියේ පියවෙන්න ඔන්න මෙන්න තිබුණු ඇස් බොහොම අමාරුවෙන් ඇරගෙන තියාගන්න ගමන්...

සූබින් නම් ෆිල්ම් එකක් දිහා බලනවා වගේ Nursery එකේ Gate එක දිහා බලන් හිටියේ බලාපොරොත්තු සිත් ඇතිව...කොල්ලට මේක කොච්චර අප්පිරිය වැඩක් වුණත් කොල්ලා ආස වුණේ අවසානයක් දකින්න...ඒ අවසානය සතුටුදායක එකක්ද, අසතුටුදායක එකක්ද කියන්න කවුරුත් දැණන් හිටියේ නෑ...ඒත් එයාලට ඕනි වුණේ ඉක්මනටම මේ ප්‍රෙහෙලිකාව විසදලා දාන්න...

" හ්‍යුන්...... මට නිදිමතායි...බඩගිනිත් එක්ක...අනේ හෙට එමු අෆ්ෆා ආයේ...හෙට හිටියේ නැතොත් අනිද්දා එමු..අනිද්දා හිටියේ නැතොත් ඉන් අනිද්දා එමු..ඉන් අනිද්දා හිටියේ නැතොත්...ඊ.....න් අනිද්දා එමු..ඊ.....න් ..අනිද්දා..."

" Beomgyu මේ...පොඩ්ඩක් කට වහන් ඉන්නවද...පටන් ගද්දි මූලාසනේ ගත්තේ නම් කොහොමද..මන් අරක කරන්නම් මේක කරන්නම්..හැච හැච..බක බක...."

Sparks In The Dark : CYJ [ Completed ]Where stories live. Discover now