CHAPTER 03

157 38 272
                                    

" සර් ඔයාගේ ඩ්‍රින්ක් එක...."

යොනජන් වාඩි වෙලා හිටිය ටේබල් එකට ආපු බෝයි කොල්ලට දුන්නේ සොෆ්ට් ඩ්‍රින්ක් එකක්...කොල්ලා ඔලුවෙන් සන් කරේ ඒක එතනින් තියලා යන්න කියලා...එයා නිකටටත් අතක් තියාගෙන බලාගෙන හිටියේ ඩාන්සින් ෆ්ලෝ එකට වෙලා ක්ලබ් එක දෙදරන්න තරම් සද්දෙන් දාලා තිබ්බ වේග රිද්ම සංගීතයට වශී වෙලා වගේ එහා මෙහා පැද්දි පැද්දි නටන කෙල්ලෝ කොල්ලෝ දිහා....

වෙරි මරගාතේ වැටෙන්න ඔන්න මෙන්න ඉන්න කොල්ලෝ, දුහුල් ඇඳුම් ඇදන් ඉන්න කෙල්ලෝ...මේ දර්ශන වලින් හෙම්බත් වෙච්ච කොල්ලාගෙන් පෙණුනේ කළකිරුණු ගතියක්..කොල්ලාට එහා පැත්ත පුටුවට වෙලා හිටිය සූබින් තමන්ගේ ඇස් දෙක එයාගේ අතේ තිබ්බ ඩ්‍රින්ක් එකේම ඔබාගෙන හිටියේ වටේ තියෙන දසුන් වලින් වෙන් වෙලා ඉන්න වගේ හැඟීමකින්...විටින් විටේ යොන්ජන්ගේ දිහාට හැරවෙන කොල්ලාගේ ඇස් වල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක්...

කොල්ලට විතරක් නෙමේ...අනිත් කොල්ලෝ හතර දෙනාටම තිබ්බේ ඒ ප්‍රශ්නේ...කොල්ලා මොන හේතුවකට ක්ලබ් එනවද කියන්න කවුරුත් දැනන් හිටියේ නෑ...හැමෝම හිතුවේ ඕරා නැති වුණා කියලා ඇහුවට පස්සේ කොල්ලාව ඇල්කොහොල් වලින් ඈත් කරලා තියන්න බැරි වෙයි කියලා....ඒත්...මොකක්දෝ මන්දා පුදුමෙකට කොල්ලා එදා හම්බුන කඩේ කෙනාව ආයේ  හම්බෙලා ආව දවසේ ඉදන් හැසුරුණේ මැරිලා ඉපදිච්ච කෙනෙක් වගේ...වෙච්ච කිසි දෙයක් මතක නෑ වගේ.....තමන්ගේ සුපුරුදු ජීවිතේ එක්කම කොල්ලා සෝල් වල තියෙන හැම ක්ලබ් එකටම වගේ මාරුවෙන් මාරුවට දවසින් දවස යන්න ගත්තා....කොල්ලා මේ කරන වැඩ වලින් හති වැටිලා හිටියේ අනිත් කොල්ලා හතර දෙනා....කොල්ලාට ඒකේ ගාණක් තිබ්බේ නැද්ද කොල්ලාට ඒක දැණුනේ නැද්ද මන්දා කොල්ලා හැසිරුණේ අරමුණක් නැති කෙනෙක් වගේ...

අද කොල්ලා වාඩි වෙලා හිටියේ FC Seoul Club එකේ....වීදුරුවේ තියෙන ඩ්‍රින්ක් එකත් තාලෙට පද්දන ගමන්, කොල්ලාගේ තියුණු ඇස් දෙක ක්ලබ් එක වටේ කරණම් ගැහුවේ අවදානෙන්...එහා පැත්තේ පුටුවේ වාඩි වෙලා අතේ තිබ්බ ඩ්‍රින්ක් එකත් එක්කලා හුරතල් වෙවී හිටපු සූබින් හිටියේ බර කල්පනාවක...කොල්ලා කීප වතාවක්ම යොන්ජන්ගෙන් මේ කරන වැඩේ ගැන අහන්න උත්සාහ කරත් කොල්ලාගේ හිත ඇතුළේ තිබ්බේ මැළි කමක් වගේම බයක්...කවුරුත්ම දැනන් හිටියේ නෑ කොල්ලා අල්ලන්න යන අඩව්ව මොකක්ද කියන්න...

Sparks In The Dark : CYJ [ Completed ]Where stories live. Discover now