මුළු වටපිටාවම ඝණ අන්ධකාරයකින් වහගෙන තිබ්බේ හරියට පාලු මූසල රාත්‍රියක සලකුණු හැමෝටම ඉස්මතු කරන්න වගේ...අනෝරා වැස්සකට පස්සේ කිසිම හාවක් හූවක් නැතිවෙන්න පරිසරය පුරා පැතිරිලා තිබ්බේ යාම් තාක් දුරක නිශ්ශබ්දතාවයක්...ඒත් පොළවට විටින් විටින් වැටෙන වැහිබිඳු පරිසරයේ නිහැඬියාව සුනුවිසුනු කරලා දාන්න අසාර්ථක උත්සහයක...පාරේ එක් පසකින් ගලා ගෙන යන වතුර පාර සවන් දෙන්නෙකුට මූසල සංගීත රාවයක් වගේ....
වටේ පිටේ තිබ්බ ගස් වල අතු හුළං පාරට ඇබරෙන්න ගත්තේ විලාප තියෙනවා හා සමානව...මේ පාරේ යනවා කියන්නේ විහින් කරදරේ වැටෙනවා වගේ වැඩක්...පාරේ එක පැත්තක් තිබ්බ නිවි නිවි දැල්වෙන විදුලි පහන් කණුව එතන නොතිබුණා නම් කියා හිතෙන තරමට විකාර රූපි ආරූඪයක් ඒක ඇරගෙන තිබුණේ...
එක වෙලාවකට මුළු පාරම මූසල සොහොන් බිමක් වගේ පේන්නත්, තවත් වෙලාවක කිසිම දෙයක් නොපෙනී යන්නත් ආකාරයෙන් විදුලි පහන් කණුව ආලෝකය සැපයුවේ කිසියම් කෙනෙක් අනුදැනුමක් මත වගේ...
මේ වගේ මූසල රෑක කවුරුහරි මේ පාරේ ඇවිදින්න හිතනවා නම් එයා හොල්මන් වලටත් වඩා ලොකු හොල්මනක් කියලා හිතෙන්න පුළුවන්...කවුද මේ පාරේ තනියම යන්න තරම් නිර්භීත..
ඒත්...
මේ හැම දේම දිහා ඇහැ යවන ගමන් ඉස්සරහ ඇවිදන් එන්නේ අවුරුවු 20 ක විතර පෙණුමක් තියෙන කෙල්ලෙක්...සුදු පාට දිගම දිග ගවුමක් ඇදන් හිටිය කෙල්ලගෙන් දිස් වුනේ වියවුල් පෙණුමක්....ඒ ගවුමේ තැනින් තැන තිබ්බ මඩ පැල්ලම් වලින් ඉස්මතු වුනේ කෙල්ල ලොකු කරදරකට වැටිලා ඇති පාටක්...ඉණෙන් පහළට දික් වෙන කැරලි ගැසුණු කොණ්ඩය අපිළිවෙළ ස්වභාවයක් අරගෙන තිබ්බේ කෙල්ලගේ හැඩ හුරුකම පිස්සියෙක් බවට පරිවර්තනය කරලා...
ක්‍රිස්... ක්‍රීස්..... ක්‍රීස්.....
පරිසරයේ නිහඬ බව මොහොතකින් සුනු විසුණු කරලා දැම්මේ මොකක් හරි දේකින් නිපද වුණු සද්දයක්....ඒ කෙල්ලගේ එත අතක තිබ්බ සූට් කේස් එකේ චූටි රෝද පොළව එක්ක ගැටෙද්දි නැගෙන ශබ්දය....කෙල්ල බෙල්ල හැම පැත්තටන හරවන ගමන් හීන් සීරුවේ ඉස්සරහට ඇවිදන් ආවේ යම් කිසි තැති ගැන්මකින් කියලා බැලූ බැල්මටම පේනවා...ඒත් කෙල්ල පියවර කිහිපයක් ඉස්සරහට ආවේ විදුලි පහන් කණුවේ ආලෝකය එක වතාවක් දැල්වෙන විට විතරයි...මුළු පාළාතම ආයේ අන්ධකාරයට මුවා වෙද්දි කෙල්ල කරන්නේ එක තැනම ගල් පිළිමයක් වගේ නැවතිලා ඇස් තද කරගන්න එක...
YOU ARE READING
Sparks In The Dark : CYJ [ Completed ]
Fiksi Penggemarක්ෂිතිජය තුළ සිද්ධ වන්නා වූ අපූර්වතම සිද්ධිය නම් අන්ධකාරය සහ ප්‍රභාව එක් වර දෘශ්‍ය පථයට මායිම් වීමයි.... එම දැකුම්කළු දර්ශනය රිසි සේ විඳුමට සයුරු නිම්නයට දහසක් දෙනා රැස්වෙලා සිටියදී, එම අපූර්ව සිද්ධිය දැක බලා ගත්තද අන්ධකාරය සහ ප්‍රභාව අතර පවතින්නා ව...