CHAPTER 05

106 25 81
                                    


ඩෝං💥

හියුන්...!!

ලොකු සද්දයක් එක්ක යොන්ජන් වෙන පැත්තකට විසික් වුණේ කවුරු හරි කෙනෙක් කරපු තල්ලුවක් නිසා....මූසල නිහැඩියාවක් හතර වටේම පැතිරිලා තිබ්බේ අවාසනාවක සේයාවක් හැමෝටම ඒත්තු ගන්වන ගමන්...පරිසරයෙන් ඇති වන ස්වභාවික ශබ්ද වලට විතරක් වටපිටාව සීමා වෙලා තිබ්බේ කිසිම කෙනෙක්ගේ සුසුම් පොදක් පිටවෙන සද්දය පවා තමන්ටම විතරක් ඇහෙන විදිහට සීමා කරලා.....

තත්තපරයක්....

දෙකක්....

තුනක්.....

හතරක්...

පහක්....

මුළු වටපිටාවම ගිලගෙන තිබුණේ අර නන්නාදුනන ශක්තිය....මොහොතකට කලින් සවන් වැකුණ සද්දය මොකක්ද කියලා බලන්න හැමෝගෙම තියෙන්නේ මැළි කමක්...ඊටත් වඩා හිතේ තදින් තෙරපෙන මොකක්දෝ පසු බට වීමක්.....

''ආහ්ම්...''

'' Beomgyu....!! ''

යෝන්ජන්ට පිටිපස්සෙන් ඇහුන පොඩි කෙදිරි ගෑම නිසා කොල්ලා පිටිපස්ස බැලුවේ තත්පරයකටත් වඩා වේගයෙන්...ඒ කෙදිරි ගෑම ඇහුණ ගමන්ම කොල්ලා අදුරගත්තා ඒක කාගේද කියන්න.....

ලේ....!!

ඔලුව පිටිපස්සෙන් ගලාගෙන යන තද රතු පාට දියරක් එක්කලා පොඩි කොල්ලා බිම වාඩි වෙලා හිටියේ දණිස් දෙකෙන්...එයාටම අඩි තුන හතරක් පිටිපස්සට වෙන්න ගන් එකත් අතේ තියාගෙන ඒ විදිහටම බලාගෙන හිටියේ මීට කලින් ඇහුන ශබ්දය නිපදවපු නිමැවුම් කරුවා කිව්වොත් හරි...

'' හි...යු...න්...''

පොළව සිපගන්න ආසන්න වෙලා තිබ්බ කයත් අමාරුවෙන් පාලනය කරගන්න ගමන් හිටිය පොඩි කොල්ලාගේ තොල් අතර තෙරපුණ වචනේ පිටවුනේ යෝන්ජන්ට තවත් බලාගෙන ඉන්න බැරි වෙන කොට....අතේ හිටපු රූහාවත් ඉක්මනට බිමින් තියපු කොල්ලා ඉක්මනට ඉස්සරහට යන්න හැදුවත් කොල්ලාගේ මුළු ඇගේම සංවේදනය කොල්ලාගේ අතින් ගිළිහිලා වගේ.....පියවරෙන් පියවර ඉස්සරහට යන යෝන්ජන්ගේ අප්‍රාණික දෙපා කොල්ලාගේ මුළු කදම පාලනය කරේ හරිම අපහසුවෙන්....

Sparks In The Dark : CYJ [ Completed ]Where stories live. Discover now