1

671 103 17
                                    

වෙහෙසකර ගමනක සුළු නිමාවක්. කාර්යබහුල මගක ඇදෙන රියක සිටි ඔහු දෑස් වසා ගත්තේය. නිරතුරුවම ඔහුගේ සිත ඇදීයන මතකයට ඔහුගේ සිත පිය නැගීය.

පිරුණු රෝස පැහැගත් ඇගිලිවලින් සීතලෙන් කුඩා අත්ලට ගුලි වූ වොන් පහක කාසියක්. කෙටි පියවර තබමින් ඔහු ඇදුණේ අඩි පහළොවක පමණ ඉදිරියෙන් වූ පොලිස් ස්ථානය වෙතට. හිම පියලි විසිරී තිබූ බිම ඔහුගේ කුඩා පියවර හා එකව හිම රටාවක් මැව්වේය.

" ඒයි ඔයා ඔහොම නවතින්න "

ආගන්තුක හඩත් සමග සිනාවක් රදවාගෙන ඉදිරියට යමින් සිටි අවුරුදු පහක් වූ ඔහුගේ කුඩා පියවර නැවතුණි. අවුරුදු අටක් පමණ වූ ආගන්තුක හඩෙහි අයිතිකරු හා ඔහුගේ නෙත් එකිනෙක හමුවිය.

" හ්‍යුන් මතද කතා කළේ"

ඔහුගේ කුඩා හඩින් අසන විට ආගන්තුකයා ඔළුව වැනීය.

" ඔයා කොහෙද යන්නේ "

කුඩා වුවත් ඔහුගේ හඩ මදක් ගැඹුරු හඩක් විය.

" මත වුන් පහක කාතියක් හම්බුනා බිම තීලා. මන් මීක පොලිත් අංකල්ට දෙන්නයි නන්නේ. ඉයා මීක අයිතිකාලයාට දෙයි"

අත්ලට ගුලිවී තිබූ කාසිය පෙන්වමින් ඔහු කීය. නොදන්නා අයෙකු වූවත් කුඩා ඔහු,ඔහු සමග කතා කළේ ඔහු කරන්නට යන හොද ක්‍රියාව නිසාමය.

" ඔයා දන්නවද ඔය වොන් පහ මගේ.  "

ඔහු සෘජු වදනින් පවසන විට කුඩා ඔහුගේ දෑස් විශාල විය.

" ඇත්තතම මීක උයාගෙද "

ඔහු ටික වේලාවක් කුඩා ඔහු දෙස බලා සිටියේය. කුඩා ඔහුගේ පිරුණු තොල් සීතල නිසාම රත් පැහැ ගැන්වී ඇති බව ඔහුට හැගුණේය.

" මන් අයිස්ක්‍රීම් ගද්දි ඕක මගේ සාක්කුවෙන් වැටිලා"

එය ඇසීමත් සමග බෝල කරගත් ඇස් සමග කුඩා ඔහු අතෙහි වූ කාසිය ඉදිරියට දිගු කළේය.

" ආ හ්‍යුන් මෙන්න ගන්න. කොහොමහරි හ්‍යුන්ගේ වුන් පහ හම්බුනානී. මට සතුටුයි. "

රත් පැහැ තොල් හා එක්ව ඔහුගේ සිහින් දෑස් ලා තැඹිලි කම්මුල්වවල ගිලුණි. කුඩා ඔහුගේ අතින් ගත් කාසියද ගුලි කරගෙන ඔහු කුඩා ඔහුගේ සිනහව දෙස බලා සිටියේය. කුඩා ඔහු තවමත් සිනහවක පැටලී.

" ඒත්"

" ඒත් ඔයා හොරෙක්. අනුන්ගේ දේවල් හොරකම් කරන "

ඔහුගේ කුඩා සිත කිසිසේත් බලාපොරොත්තු නොවූ වදනකින් ඔහුගේ දෑස් කදුළින් තෙත්ව ගියේය. කුඩා ඔහුගේ දෑස් අගට එක් වූ කදුළු බිදු ඔහුද දුටුවේය

" පුතා "

කුඩා ඔහු මව වෙත දිව ගියේය. මව හා පිටත් වූ කුඩා ඔහු දෙස බලාසිටි ඔහුගේ සිත හිස් හැගීමකින් පිරවුණේය.

" යුන්ගියා මේ වොන් පහ ඇත්තටම ඔයාගේද "

මෙතෙක් වෙලා නිහඩව පසු වූ ඔහුගේ මිතුරා ඇසුවේය. මදවෙලාවක් නිහඩ ඉදිරිය බලාසිටි ඔහුගේ හඩ අවදි විය.

" නැහැ "

කිසිදු තැකීමකින් තොරව ඔහු ඔහුගේ සීතල බැල්ම මිතුරා වෙත යොමු කළේය. ඔහුගේ මේ හැසිරීම මිතුරාට හුරුපුරුදු විය.

" ඒත් යුන්ගියා ඒක නරක වැඩක් "



" යුන්ගියා ඇහෙනවද"

" යුන්ගියා "

" යුන්ගි "

මිතුරාගේ හඩින් ඔහු කල්පනාවෙන් මිදුණේය.


.............................................................................................

අලුත් කතාවක්......😁

මේ චැප්ටර් එකේ ඔහුයි, කුඩා ඔහුයි කියන්නේ දෙන්නෙක් හරිද...

මේ කතාව හනාහකි කියන ප්‍රබන්ධමය රෝගයක් එක්ක ලියවුණු කතාවක්...

හනාහකි යනු

යනු වින්දිතයා ඒකපාර්ශ්වික ආදරයෙන් පෙළෙන විට කැස්ස සමග මල් පෙති පිටවීමේ ප්‍රබන්ධ රෝගයකි.  එය අවසන් වන්නේ ආදරණීයයා තම හැඟීම් නැවත ලබා දෙන විට (ආදරණීය ආදරය පමණි; ශක්තිමත් මිත්‍රත්වය ප්‍රමාණවත් නොවේ) හෝ වින්දිතයා මිය ගිය විටය.  එය ශල්‍යකර්මයකින් එම පැළය ඉවත් කර සුව කළ හැකි නමුත් ශාකය ඉවත් කළ විට, වින්දිතයාගේ ආදරය කෙරෙහි ඇති ආදර හැඟීම් ද අතුරුදහන් වේ.

මුලින්ම අහන්න දෙයක් තියේ......
මගෙ මුල්ම යූසර්නේම් එක chipisii නේ(සමහර අය දන්නවත් ඇති)
ඉතින් ඔයාලා වැඩියෙන්ම කැමති chipisii. නමටද wind road නමටද කියලා කියාගෙන යන්න... 😊

මේක හරිම පොඩි චැප්ටර්ස් තියෙන පොඩි කතාවක්....
අදහස් කියාගෙන යන්නලා 😘

-wind-road-

Delicate || YM || [Completed]Where stories live. Discover now