6

274 92 6
                                        

යුන්ගි ඔහුගේ නව ප්‍රසංගය සදහා ලන්ඩනයට පිටත් විය. අහම්බයක් මෙන් ලන්ඩනයේ දී ඔහුට ජිමින්ව ද මුණගැසුණේ ජිමින් ලන්ඩනයේ තම ‍ඥාතියෙක් පවත්වන මල් ප්‍රදර්ශනයක් නැරඹීමට පැමිණි අතරතුරේ ය.

ඔහු කෙමෙන් කෙමෙන් ජිමින් හා සමීප වීම ඔහුට ගෙන ආවේ වෙනස් හැගීම්වලින් පිරුණ අත්දැකීමක් ය. එහෙත් ඒ හැගීම් හුරුපුරුදු බව ඔහුට නිරතුරුවම සිතෙන්නට විය.

ජිමින්ගේ ආරාධනයෙන් ඔහු ද ‍ඥාති නිවසේ මල් ප්‍රදර්ශනය නැරඹීමට එක්විය. යුරෝපීය කලාවන්ට අනුව තනා තිබූ එම නිවස වටාම දක්නට තිබූයේ විවිධාකාර මල් වර්ගයන්.

ඔහුට මල් පිළිබඳව දැනුමක් නොවූවද මල් වලට උමතුවෙන් මෙන් ඇලුම් කරන ජිමින් සියුම් ලෙස මල් නිරීක්ෂණය කරන අයුරු ඔහු බලා සිටියේ අවධානයෙන්.

" ඔයා දන්නවාද මිස්ට යුන්ගි. මේ රෝසස් ඇත්තටම අයත් වෙන්නේ චීනෙට. චයිනීස් රෝසස්, රෝස වර්ග අතරින් ලස්සනම වර්ගය"

ජිමින් මල් හා දැහැන් වැදී කියවගෙන අයුරු දෙස ඔහු බලා සිටියේ නිහඩවය.

" මිස්ට ජිමින්. අපි කතා නවත්තලා මේක බලමු"

වරෙක ඔහු එසේ පැවසුවේ ජිමින්ගේ නොකඩවා කියවීම නවත්වා ගැනීමටය.

දෙදෙනාගේ කතා බහ අතරතුර දින දෙකකින් පවත් වන ඔහුගේ ප්‍රසංගය නැරඹීමට පැමිණෙන බවට ජිමින් ද පොරොන්දු වූවේය.

ස‍ංහ්‍රයක් ලෙස ලැබුණූ රෝස රස ගැන්වූ තේ පානයක් හා චොක්ලට් කුකීස් රස බලන ගමන් ඔහු බලා ගෙන සිටියේ ජිමින් දෙසය. ජිමින්ගේ පිරුණු තොල් හා පිරුණු ඇගිලි නැවතත් ඔහුව අතීතය වෙත කැටුව යන්නට උත්සාහ ගත්තේය.

ඔහුට මදක් එහායින් වන්නට සිටි ජිමින් සිටියේ රෝස පැහැ කැමීලියා ගසක් දෙස බලාගෙනය. එහි පිපී තිබූ කැමීලියා මල් ඔහු ඉතා සියුම් ලෙස ස්පර්ශ කරන්නට වූවේය.

ඔහුගේ ස්පර්ශයන් අතරින්ම කැස්සක්......

ඔහුගේ මුවින් නැවතත් කැමීලියා පෙති පිටවීය. ඔහු ඉක්මනින් ‍ඥාති නිවස වෙත දිව්වේය.

මෙතරම් වේලා ජිමින් දෙස බලාසිටියා මෙන් ඔහුගේ නෙත් බිම විසිරුණූ කැමීලියා පෙති දෙසටත් යොමු වූවා නම්............

...........................................................................................

-wind_road-

Delicate || YM || [Completed]Where stories live. Discover now