7

400 97 99
                                    

දෙමව්පියන්ගේ කීමටවත් ඔහුගේ මිතුරාගේ කීමටවත් ශල්‍යකර්මයක් වෙත යොමුවීමට ජිමින් තුළ කිසිදු අවැසියක් නොවීය. එහෙත් දිනෙන් දින වැඩෙන කැමීලියා පැළය ඔහුව මරණය වෙත ගෙනයන බව ඔහු හොදින්ම දැනසිටියේය.

ඔහුගේ ප්‍රේමයෙන් හටගත් හැගීම් කැමීලියා පැළය හා උදුරා දැමීම ඔහු තරයේ ප්‍රතික්ෂේප කළේය.

අවසානයට ළං වී හෝ තම ප්‍රේමය හා ගත් කිරීමට ලැබීම පිළිබඳව ඔහු පසු වූයේ මහත් සතුටකිනි. ඔහු කිසිදා නොසිතූ අයුරින් තම ප්‍රේමය ඔහු හා බොහෝ සමීප විය.

දිනය පුරාම ඔහුගේ කාමරය කැමීලියා පෙති වලින් වැසීගියේය.

.

.

.

.

.

ඔහු බලා සිටියේය.

ප්‍රසංගයට පෙරත්..........

ප්‍රසංගය අතරතුරේදීත්..........

ප්‍රසංගයට පසුවත්...........

ඔහු ජිමින් පැමිණෙන තුරු බලා සිටියේය. ප්‍රේක්ෂකාගරය පුරාම නෙත් යැවූවත් ඔහුගේ දෑස් මානයකට අසු වන කිසිදු තැනක ජිමින්ව දකින්නට නොලැබිණි.

ප්‍රසංගය අවසානයේ ඔහු වෙත දිව ආවේ ඔහුගේ මිතුරාය.

" යුන්ගියා. ජිමින්ව හොස්පිටල් ඇඩ්මිඩ් කරලා"

ඔහුට කිසි දෙයක් සිතා ගත නොහැකි විය. ඔහු වෙනදා මෙන් හොසෝක් වෙත ප්‍රශ්නාත්මක බැල්මක් යොමු කළේය.

" එයාට හනාහකි "

හොසෝක් ඔහුගේ පහත් හඩින් පැවසුවේය.

මිතුරා හා ඔහු රෝහලට පැමිණි විට එහි සිටි ජිමින්ගේ මවද පියාවද දකින්නට ලැබුණේය.

ජිමින් සිටි රෝහල් කාමරයට ඔහු ඇතුළු වන ඔහු දුටු දෙය ඔහුට අදහා ගත් නොහැකි විය. මුළු කාමරය පුරාම රුධිර තැවරුණු කැමීලියා පෙති.

ඔහුව දුටු ජිමින්ගේද දෑස් විශාල විය.

" මිස්ට යුන්ගි "

ඔහු අපහසුවෙන් පැවසූවත් ඔහුගේ මුවෙහි රැදී තිබූයේ සිනහවක් ය. කිසි දෙයක් නොපවසමින් ජිමින් සිටි ඇද වෙත පිය නැගූ යුන්ගි ජිමින් අසලින් හිදගත්තේය.

ප්‍රසංගය වෙනුවෙන් සැරසී තිබූ නිල් පැහැ කෝට් එකේ සාක්කුවෙන් ගත් කුඩා පෙට්ටිය ඔහුගේ අත් අතර රදවා ගත්තේය. එය විවෘත කළ ඔහු බොහෝ ප්‍රවේශමෙන් එය ජිමින්ගේ අත්ල මත රැදවීය.

" ඔයා එදත් හොරෙක්. අදත් හොරෙක්, මගෙ හිත හොරකම් කරපු..............

මේ වොන් පහට මට ඔය කැමීලියා මල දෙන්න පුළුවන් ද"

~නිමි~

.............................................................................................


ඉතින් මේ කතාව මේ විදියට ඉවර වුනා 😊

ලස්සන නම් නැතිව ඇති. ඒත් හිතේ තිබුණ ඔක්කොම දේවල් මේක දාගන්න පුළුවන් වුන එක ගැන නම් ගොඩක් සතුටුයි.

හනාහකි කියන්නේ මාව පුදුම විදියට ඇබ්බැහි කරපු දෙයක්. ඒ නිසාමයි මේ කතාව ලියන්නත් හිතුණේ.😁

වැට්පෑඩ් එක ඇතුළෙත් හනාහකි ගැන ලියවුණු ලස්සන කතා කීපයක්ම තියෙනවා. ඔයාලා හොයලා බලන්නකෝ ❤️

ඉතින් මේක ගැන පොඩි අදහසක් හරි කියාගෙන යන්න.😊

කියවපු හැමදෙනෙක්ටම ගොඩක් ස්තුතියි 💜️

මන් ගියා

Good night !!!😴😴

-wind_road-


Delicate || YM || [Completed]Where stories live. Discover now