01

625 59 14
                                    

ඈ............................
01


" අදත් පරක්කුයි "

" අනේ සොරි බබා,  අදත් චූටිපුතා ඩේ කෙයාර්  යන්න බෑ කියලා ඇඩුවනේ  "

" හරි හරි දැන් යමු "

" කේන්තිගන්න එපා මැණික , ඔයත් වෙලාවකට දරුවෙක් වගේනේ හැසිරෙන්නේ "
ඔරවගන ඉන්න හැටි .. රිලවියක් වගේ "

අපර්ණා  එසේ කියන අතරේ රාධිගේ එක් කම්මුලක් ඇද්දේ මුහුණේ සමාවක් ඉල්ලන සේයාවක් මවාගනයි.
අත රැදි හෙල්මටය අපර්ණාට දිගුකල රාධි  නැවතත් ස්කූටරය පණ නංවාගත්තාය. රාධිගේ සිතේ වූයේ අද වෙනදාට වඩා වේගයෙන් යාමටයි.

" පරක්කුයි කියලා කඩාගන බිදගන යන්න ඕන නෑ.. රස්සාව වගේ නෙවෙයිනේ අතක් පයක් බිදුනොත් .. එක්කො ඔයා ආයේ මම එනකම් බලන් ඉන්න එපා මම පරක්කුයි නම් යන්න , මට ටැක්සියකින් එන්න පුළුවන් "

රාධිගේ  වේගවත් බව අපර්ණාට දැනී ඇත්තේ දැන්ය . අපර්ණාගේ උපදෙස් මාලාව ක්‍රියාත්මක වන්නේ එබැවිනි තව මොන මොනවාදෝ කියෙව්වත් ඒ කිසිදෙයක් රාධිට  නම් ඇසුනේ නෑ. මෙ වෙලාවේ අපර්ණා  මොනා කිව්වක් රාධිට  අවශ්‍ය වන්නෙ ඉක්මනින් යාමටයි. නැත්නම් අදත් ඇයගේ ආයතන ප්‍රධානියාගෙන් කුණු බැනුම් අසන්නට වන බව ඇය දැන සිටියාය.

අපර්ණා රාධිගේ එක් අතක්  තදින් අල්ලගන ඇගේ එක් අතක්ද රාධිගේ  ඉනවටා දමාගත්තේ අපර්ණාට ඇතිවූ බය නිසාවෙනි . මෙතුවක් කාලයට රාධිගේ වූ පරිස්සම් ධාවනය අද නැති බව අපර්ණා වටහාගත්තාය. හුලං වේගය ගොඩක් වැඩි වුනත් අපර්ණාගේ හුස්ම වේගය වැඩිවුන බවත් රාධිට දැනෙන්ට වූයේ අපර්ණා ඇගේ පිටටම හේත්තු වී ඇයව තදින් අල්ලාගන සිටි බැවිනි.

පව් කෙල්ල බයවෙලා , ඔන්න ඔහේ කමක් නෑ පරක්කු වුන එකට පනිශ්මන්ට් එක තමා මේ. රාධි එසේ හිතුවත් කිසිවිටෙකත් අපර්ණාව බය කිරීමේ චේතනාවක් ඇය තුලමුලින් ඇති නොවීය නමුත් වේගවත් බව වැඩිවත්ම අපර්ණා , ඇයට තව තවත් ලංවූ නිසා ඇගේ තරුණ සිත ඇයටම පාලනය කරගත නොහැකිවිය.

"  ආයේ නම් මම එන්නෙ නෑ.. ආවා නෙවෙයි පියෑඹුවා වගේ .. "

ස්කූටරය නතර කල සැනින් බැසගත් අපර්ණා , පපුව මත අත තබාගන වේගයෙන් හුස්ම ගන්නෙ රාධිට  දෙස් තියමින්. . ඇගේ වචන ගනනකට නොගනම රාධි  ස්කූටරය ක්‍රියා විරහිත කර යතුරු කැරැල්ලද බෑගයේ දමාගත්තේ තවත් කාලය වැය නොකර ඉක්මනින් යාමටයි.

ඈ.............. || G×GWhere stories live. Discover now