04

332 48 30
                                    

ඈ.........................
04

දම් පැහැ සාරියක් ඇද  වීදුරු කන්නාඩිය ඉදිරිපස වූ ඈ ලා දම් පැහැ තොල්ආලේපන දෙතොල් මත ගැල්වූයේ සීරුවෙනි. ඇය කිහිපවරක්ම වීදුරු කන්නාඩියෙන් ඇගේ හැඩ බැලුවාය . නොදැනුවත්වම කිහිපවරක්ම ඈ සමගම සිනාසුන ඇගේ අඩ අදුරු පැහැ දෙනෙතෙහි වූයේ බලාපොරොත්තුවකි. කඨෝර ශීතයට පසු එලබෙන නවමු වූ වසන්ත හැගුම් ඇගේ හද තුල පොපියමින් ඇත.

වෙනදාට පැය කාලකින් පමණ ඇගේ කොන්ඩය සකසා ගත්තද අද ඈ වැඩිවෙලාවක් ගෙන ඇගේ කෙස්රැලි සමගද දොඩමළු විය.

ඈ තරුණ කෙල්ලෙකු නොවූවත් ඒ හැගීම් ඈට ආගන්තුක නොවූවත් ඈහට සිතෙන්නේම ඇය යලිත් ප්‍රාණය ලද ප්‍රේමයක පැටලී ඇති බවයි. ඇගේ සෑම ඉරියව්වකින් ඒ බව මනාවට දිස්විය.

ඒ අතර මේ සියල්ල දෙස කුතුහලාත්මකව බලා සිටියේ වියපත් කාන්තාවකි . ඈ ඇගේ දුවගෙන් අද දකින්නෙ තරුණ වියේ කාන්තාවකි . සිව් වසරකට පෙර සිට අද තෙක්ම  අපර්ණා මෙලෙස සතුටින් සිටින බවත් ඒ වියපත් කාන්තාව වූ අපර්ණාගේ මව දුටුවේ නැත.

අපර්ණා  සින්දුවක පද පෙලක් මුමුණමින් දෝණිගේ පාසල් බෑගය සූදානම් කර ඇයගේ දහවල් අහාරයට අද වෙනදාට වැඩියෙන් බත් එලවළු එක්කරගත්තේ රාධි සමග බෙදාගැනීමේ  අදහසිනි. වෙනදාටත් කලියෙන් නැගිට ඈ සැදූ පොලොස් වෑංජනයක් වෙනම භාජනයකට එක්කරගන එය වෙනමම අසුරා ගත්තේ රාධිට දීමේ අදිටනින්ය. අපර්ණා එහි සුවද විද මතකයට නංවාගන්නට උත්සාහ කරේ පොලොස් දුටුවිට රාධිගේ  මුහුණට එන සිනහවයි .

රාධිගේ ගැඹුරු මුහුදවැනි අදුරු තද  නිල් පැහැ දෑස් ඇය වඩාත්ම ප්‍රිය කරන දෙයක් දුන්විට කාන්තිමත් බබලන බව ඇය අත්දැකීමෙන් දැනසිටියාය. අපර්ණා එය දුටු පලමු අවස්ථාව වූයේ ඔවුන්ගේ පලමු සිපගැන්මයි , ඇය රාධිට තදින් බැදෙන්නට මේ කාන්තිමත් දෑසද එක් හේතුවකි.

අපර්ණාගේ අත් ඔරලෝසුවේ පොඩි කටුව හත ආසන්නයට ආවත් තවමත් රාධිගේ ජායාවක් හෝ නැත . අපර්ණා ඇගේ දෝණිව පරිස්සමින් පාසලට යවා පාසල ආසන්නයේම රෑදි සිටියේ රාධි ගේ කෙටි පණිවිඩය නිසාවෙනි .
වාහන තදබදය අද වෙනදාටත් වඩා වැඩිය ,බොහෝ විට සතියේ පලමු දින වාහන තදබදය මෙලෙස වැඩිවිම සාමාන්‍ය වුවද රාධිගේ මේ ප්‍රමාදය නම් සාමාන්‍ය නැත.  ඇය වෙනදානම් අපර්ණාටත් පෙර පැමිණ ඈ එනදෙස බලාසිටි .

ඈ.............. || G×GWhere stories live. Discover now