Football

127 47 8
                                    


"ආව්ව්....." ජන්කූක් ග්‍රවුන්ඩ් එක මැද්දේ ඇදගෙන වැටුනේ දනුස් දෙකත් බිම ඇනගෙනමයි.

"ජන්කූක්.....ඔයා හොදින්ද?....කෝ මගේ අත අල්ලන් නැගිටින්න." ටේගේ අත අල්ලන් ජන්කූක් නැගිට්ටා.

"අනේ සොරි බන්. මගේ කකුල පැටලුනා"

"ඒකට කමක් නැ ජිමිනෝ" තමන්ගේ ඉස්සරහා මුනත් බෙරි කරන් ඉන්න තමන්ගේ යාලුවා දිහා බලන් හිනාවකින් උත්තර දුන්නා.

"ඒ උබේ කකුල තුවාල වෙලානේ. සපත්තු දෙකත් කැඩිලානේ" ජන්කූක්ගේ අත අල්ලන්ම ටේ කියද්දී ජිමින් හිමින් ඉකිගන්න ගත්තේ මේක උනේ එයා නිසා.

"ඒක ගානක් නැ ටේ. මාව ග්‍රවුන්ඩ් එකෙන් එලියට අරන් යන්නකෝ"

"අහ්හ් යන්" ජිමින්ගේත් ටේගේත් උරහිසට අත් දා ගෙනයි.

"අනේ සොරි කුකී. ආ මෙන්න ඔයා මගේ සපත්තු දෙක ගන්න"

ජිමින් එයාගේ සපත්තු දෙක ගලවන්න හදනකොටම එයාව අල්ලලා නැවැත්තුව ජන්කූක් ජිමින්ව එයාගේ එහා පැත්තෙන් එන්දෝ ගත්තේ ටේ ජන්කූක්ගේ තුවාලේ ලේන්සුවකින් දින අතරෙයි.

"ජිමිනෝ මට ඔයාගේ සපත්තු දෙක ඕනේ නැ. ඔයාටත් තියෙන්නේ මේ දෙක විතරනේ. මන් මැඩම්ගෙන් පරණ දෙකක් ඉල්ලා ගන්නම්."

තාමත් අඩන්න ඔන්න මෙන්න ඉන්න ජිමින්ට ජන්කූක් කිවුවේ එයා වගේ අනාතයෙක් නොවුනත් ජිමිනුත් දුප්පත් කියලා දන්න නිසයි.

හැබැයි ජන්කූක් දැනන් හිටියා එයාට අනාත නිවාසෙන් වෙන සපත්තු දෙකත් ලැබෙන්නේ නැති බව. එයා ඒ ගැන කියන්න නොගියේ තමන්ගේ යාළුවො දෙන්නා දුක් වෙනවා දකින්න කැමති නිසයි.

"ආව්ව් ටේ. හිමීට දාපන් යකෝ. මන් හැදිලා ඉන්නේ යකඩෙන් නෙමේ"

ජන්කූක්ගේ කෑගැහිල්ලට මෙච්චර වෙලා අඩන්න හිටපු ජිමින් හිනා වුනා. ටේ තදින් බෙහෙත් දැම්මේ නැතත් ජන්කූක් කෑ ගැහුවේ ජිමින්ගෙයි ටේගෙයි මූඩ් එක හදන්න.

"ඔය දෙන්නා යන්න මට දැන් ප්ලේ කරන්න බැ වගේ. මූ මගේ කකුල කෑවනේ"

මූනත් බෙරි කරන් ටේට රවන ගමන් ජන්කූක් කියද්දී හිනා උන වීමින් ඩබල ජන්කූක්ව තනි කරලා ආපහු ග්‍රවුන්ඩ් එකට ගියේ ප්‍රැක්ටිස් වලට.

"ගොඩක් රිදෙනවද කුකී?" ජන්කූක් හඩ ආපු දිහාට හැරුනේ මුහුණේ ලොකු හිනාවක් එක්කමයි.

"ජින් හ්යුන්ග්"

ජන්කූක්ට ජිනාවකින් සංග්‍රහ කල ජින් කුකීගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් තමන්ගේ සපත්තු දෙක ගලෝලා ජන්කූක්ගේ කකුල් වලට දාන්න ගත්තා.

"හ්යුන්ග්.."

"කුකී මට කොහොමත් දැන් ආයේ ස්කොලේ එන්න විදිහක් නැනේ. ඒ නිසා ඔයා මගේ සපත්තු දෙක ගන්න. හ්යුන්ග් ඔයාට අලුත් සපත්තු දෙකක් ඉක්මනට අරන් දෙන්නම්....අරස්සෝ"

ජන්කූක්ගේ කකුල් වලට සපත්තු දාලා කුකී ඉස්සරහින් දණ ගහා ගත්ත ජින් ජන්කූක්ගේ අත් දෙක අල්ලන් කිවුවේ ජන්කූක්ට හිනා වෙන ගමන්.

"ඒත් හ්යුන්ග් හෙට මැච් එකට හ්යුන්ග් සෙල්ලම් කරොත් හ්යුන්ග්ට ස්කොලර්ෂිප් එකක් හම්බෙනවානේ"

ජින් සීනියර් ටීම් එකේ හොදම ප්ලේයර් වගේම ජන්කූක් කියන්නේ ජුනීයර් ටීම් එකේ හොදම ප්ලේයර්. ජින් දැනන් හිටියා එයා හෙට මැච් එකට ප්ලේ කරොත් එයාගේ හීනෙට යන්න පුළුවන් කියලා.

ඒ වගේම හෙට කුකීගේත් මැච් එක. ඉතින් එක සපත්තු ජෝඩුවකින් දෙන්නාටම ප්ලේ කරන්න බැරි බව වටහා ගත් ජින් එයාගේ හීනේ සහෝදරයා වෙනුවෙන් අතහරින්න තීරණේ කරා.

"හ්යුන්ග්ට මහන්සි කුකී. ඒ නිසා සෙල්ලම් කරන්න බැරි වෙයි. කුකී හ්යුන්ග් වෙනුවෙන් හොදට ප්ලේ කරන්න. අන්තිම මැච් එකට මන් මගේ හා පැටියට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්නම්."

"හ්යුන්ග්...." ඉස්සරහට පැන්න ජන්කූක් ජින්ව බදා ගත්තේ ඇස් වලින් කදුළු වැටෙද්දී. 

________________________________

මොනා හරි කියන්නකෝ....

ගෙම්බිගේ හොබී කියුට් නේ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ගෙම්බිගේ හොබී කියුට් නේ........

(Art by Gembii..)


~Manu~

SHOSE ⛸ //JINKOOK//✔️✔️Onde histórias criam vida. Descubra agora