Banana Milkshake

131 46 7
                                    


පෙට්ටියගේ දාපු අලුත් සපත්තු දෙකත් එක්ක ජින් ඊලග දවසේ එයාගෙයි කුකීගෙයි මීටින් ස්පොට් එකට ආවේ ගොඩක් සතුටින්. මොකද එයාට අන්තිමේට එයාගේ හා පැටියට සපත්තු දෙකක් ගන්න පුළුවන් වුනා.

වයස සම්පුර්න වෙලා ජින්ට අනාථ නිවාසෙන් යන්න උනාම ජන්කූක් එහෙ තනි වුනා. ජින්ටත් එයාගේ හා පැටියා නැතුව ගොඩක් පාලු දැනුනා.

ඒ නිසාම අනාථ නිවාසේටත් ලග ජින් නැවතිලා ඉන්න ගෙදරටත් ලග තැනක් දෙන්නා එක්කම තෝර ගත්තේ. ජන්කූක් ස්කොලේ ඉවර වෙලා හැමදාම එන්නේ ජින් එක්ක කෑම කලා ටික වෙලාවක් ඉදලා යන්න.

කොහොම හරි අන්තිමේට එයාගේ කුකී වෙනුවෙන් සපත්තු දෙකක් ගන්න පුළුවන් උන නිසා ජින් නම් හිටියේ රටක් රාජ්ජයක් ලැබුනා වගේ.

වෙනදට වඩා ටිකක් කලින් ජින් අද ගියේ කුකී එද්දී එයාට සපත්තු දෙක දීලා පුදුම කරන්න කියලා. පාර්ක් එකේ කෙලවරට වෙන්න තිබ්බ චෙරි ගහක් යට තමා එයාල හැමදාම හම්බුනේ.

චෙරි ගහ ගාව තියෙන බංකුවෙන් ඉද ගත්තු ජින් එයාගේ හා පැටියට ලියුමක් ලියන්න ගත්තේ සපත්තු දෙකත් එක්ක කුකීට ලොකු ආදර්ශයකුත් දෙන ගමන්.

විනාඩි කීපයක් ලියුම වෙනුවෙන් කැප කල ජින් ලියුම පොඩියට නමලා සපත්තු දෙක තියෙන බොක්ස් එක ඇතුලට දාලා එක වහලා පැත්තකින් තියලා බලන් හිටියේ කුකී එනකන්.

"ආහ්හ් මට අමතක වුනානේ කුකීගේ බනානා මිල්ක් එක."

එක පාරටම ඉදගෙන හිටපු තැනින් නැගිට්ට ජින් සපත්තු දෙකත් බංකුව යටින් තියලා දුවගෙන ගියේ හැමදාම ගෙන කුකීගේ බනානා මිල්ක් එක කලබලේට අද ගේන්න බැරි වුන නිසයි.

හදිස්සියෙන් දුවන් ආපු ජින් කිසිම බැලිල්ලක් නැතුවම පාර පැන්නේ කුකීව හම්බෙන්න තියෙන හදිස්සියටමයි.

 💥💥දඩාස් 💥 💥

කවුරුත් නොහිතු ලෙස වේගෙන් ආපු කැබ් එකකට ජින් හැප්පෙනවත් එක්කම පාරේ ඉස්සරහට විසික් උනේ බෝනික්කෙක් වගේ.

"ආහ්හ්හ්හ්හ්හ්............කුකී..........."

පාරේ මැද ලේ විලක් මැද්දේ වැටිලා ඉන්න ජින්ගේ දෑස් පිය උනේ වටේ ඉන්න මිනිස්සු එයා වටේ රොක්වෙනවාත් එක්කමයි.

________________________________

😶😶😶😶😶

අනේ මගේ ගෙම්බි අක්කා හරි ටැලන්ටඩ් නේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

අනේ මගේ ගෙම්බි අක්කා හරි ටැලන්ටඩ් නේ.....කාටද ඉතින් ආඩම්බර වෙන කාටද එයාගේ තිත්තා පැටියටනේ 😁😁

(Art by Gembii....)


~Manu~

SHOSE ⛸ //JINKOOK//✔️✔️Donde viven las historias. Descúbrelo ahora