පසුවදන 😁

139 31 87
                                    

2021.11.18

ඉතින් කොහොමද ළමයිනේ 🤗 ඉතින් මම මේ chapter එක ලියන්න හේතුව මේකයි මම මේ කතාව ලිව්වෙ 2021.10.01 , ඔව් මාසෙකටත් වඩා කලින් , හේතුව මේ කාලෙ වෙනකොට ඉස්කෝලේ පටන්ගෙන වැඩ වැඩිවෙයි කියලා මට හිතුණා ( හිතුව වගේම උනානෙ ඉතින් 🤧)

ඉතින් මම මේ කතාව ආයේ මාසෙකට විතර පස්සේ අද කියවලා බැලුවා , අනේ මන්දා මට මේක ලස්සන නෑ වගේ අප්පා 😣 අනික කතාව පුරාම මොකක්දෝ මහා ශෝචනීය ගතියක් තියනවා වගේ 🤔 මන් හිතන්නේ ඒකට හේතුව ඒදවසවල මගේ මූඩ් එක පොඩ්ඩක් සංවේදී ගතියක් තිබ්බ හින්දා වෙන්නැති 🌝

ඉතින් මම කලිනුත් කිව්ව වගේ මම මේක ලිව්වෙ මගේ බෙස්ටිගේ birthday එකට special gift එකක් විදිහට , ඒත් මේක එච්චර special නෑ වගේ ගතියක් තියනවා අප්පා 🤔 කමක් නෑ ඔන්න ඔහේ ඒඋනාට මන් මේක දානවා , ඇත්තටම මේක හරීගේ කතාවත් එක්ක ගත්තම පොඩ්ඩක් වත් ලස්සන නෑ වගේ , ඒඋනාට අඩුමගානෙ මේ මගේ පලවෙනි story එක නිසාවත් special කියලා හිතාගන්නකෝ 😁

මන් මේක ලියලා මෙච්චර කල් පරිස්සමෙන් තියාගෙන ඉදපු එකට මටත් පුදුමයි අප්පා , සාමාන්‍යයෙන් මම හෙන කලබලකාරී ලමයෙක් නේ ඉතින් ☺️ අනික මේ කතාව සැරින්සැරේ කියවනකොට මටම එපා උනා වගේ ගතියකුත් ආවා , මේ මාස එකහමාරට story එක delete කරන්න හිතුනු වාර අනන්තයි , ඒත් ලියන්න්න වැය කරපු කාලය අපරාදෙ හින්දා කොහොමහරි අද වෙනකන් delete නොවී මේක draft list එකේ තිබුණා 😊

.
.
.
.

හරි අවසාන වශයෙන් මේටික Lat අක්කෙ ඔයාට කියන්නෙ 😁 මන් හැමදාම කිව්වත් කොච්චර කිව්වත් එපා වෙන්නෙ නැති එක ආපහු කියනවා , thanks ගොඩාරියක් මගේ හොදම යාලුවා උනාට , ඇත්තටම ඔයා හිතනවටත් වඩා මගේ ජීවිතයට ඒක ගොඩාක් වැදගත් දෙයක් උනා අද මේමොහොතේ පවා මම සතුටින් ඉන්න එකේ credit එකෙන් 50% ක්ම අයිති ඔයාට ( ඉතුරු ටික මගේ පව්ලේ අයට 😁) මොකද මගේ ජීවිතයේ වැඩිපුරම කාලයක් මම ජීවතුඋනේ තනියම , ඔව් ඉස්කෝලේ මාව දකිද්දී මන් වටා ගොඩාක් අය හිටියා තමයි ඒත් මම ඇත්තටම තනිවෙලා හිටියේ , මම හිතන දේවල් මම කැමැති දේවල් කියන්න මට කවුරුවත් ම හිටියේ නෑ හැමදාම මම ඇහුම්කන්දෙන්නෙක් විතරක් උනා , ඒත් මට ඇහුම්කන්දෙන්න කවුරුත් ම හිටියේ නෑ , එහෙම මගේ ජීවිතේට මගේ අම්මටයි තාත්තටයි පස්සේ පලවෙනියටම ආපු කෙනා ඔයා
මම මාගේ කතාව සම්පූර්ණයෙන් ම ඔයාට කිව්වනේ ඉතින් මම ආයේ ඒක මෙතන කියන්න හදන්නේ නෑ , දවසක ඔයාම ඒක අනිත් අයට කියන්නකෝ ☺️

What is the meaning of best friend (Completed ✔✔ )Tahanan ng mga kuwento. Tumuklas ngayon