08

745 210 94
                                    

දහස් ගානක් ප්‍රේක්ෂකයො ඉස්සරහ මම මගෙ වයලීන් එක ගත්තා

මම දැකලා නෑ.... මම දැකලා නෑ අහස මොනවගේද කියලා........

මම වයලීන් එක තාලයට ගහන ගමන් හිමීට කෙඳිරුවා

දැක්කෙ නැති උනාට අහස කොච්චර විශාලද කියලා - මම දන්නවා අහස මගෙ හදේ ඔබ කෙරේ තියන ආදරය තරම් විශාල නැති වග

දැකලා නෑ මම අහසෙ පායන හිරු කොච්චර දිලිසෙනවාද කියලා - ඒත් මම දන්නවා ඒ හිරු ඔබ තරම් දිස්නෙ නොදෙන වග

දැකලා නෑ මම අහසෙ පායන සඳ කොතරම් සුසිනිදු ද කියලා
ඒත් මම දන්නවා ඒ හඳත් ඔබෙ සුසුනිදු බවට ඊර්ෂියයි කියලා

දැකලා නෑ මම වලාකුළු කොතරම් සියුමැලිද කියා - ඒත් මම එක දෙයක් දන්නවා... ඒ වලාකුලු ඔබට පරදිනවා කියලා

දැකලා නෑ මම තාරකා කොතරම් දිලි සෙනවාද කියා - ඒත් ඔබ තරම් ඒවා නෑ දිලිසෙන්නෙ

විදලා නෑ මම අහස තරු නැතිව පාලු උනාම දැනෙන හැගීම - ඒත් මම දන්නවා ඒ හැගීම ඔබ නැති උනාම දැනෙන පාලුව තරම් විශාල නෑ කියා

මම දන්නෙ නෑ හැමෝම වර්ණනා කරන අහස මොන වගේ ද කියලා - ඒත් මම දන්නවා එය ඔබ තරම් සුන්දර නෑ කියලා

මම දැක්කෙ නෑ මේ ලෝකය
කවදාවත් දැක්කෙ නෑ
දකින්න උවමනාත් නෑ
මොකද මම හැමදාමත්
ඔබේ ආදරය දකින නිසා





ආදරෙයි  හැමදාමත් අහස් තලය තරම්ම

-කිම් ටේහ්‍යුන්-

THE END

នƙƴ | Vmin ✓Donde viven las historias. Descúbrelo ahora