Chapter1

818 82 2
                                    

"ටේ කොහෙටද ගියෙ ම්ම්ම්. මෙතනින් මම ඉන්න කිව්වනෙ"

ටේව හොයන්න පංති කාමරයෙන් එලියට ජිමින් ආවා.

"ජිමිනි.., ජිමිනි.."

ජිමින් පිටිපස්සෙන්ම පොත් වගයකුත් උස්සගෙන ටේ දුවගෙනම ආවා... college එකෙ කඩවසම් ම තරුණයා නිසාම හැමෝම වගෙ ටේ දිහා හැම තත්පරයකම බලන්නෙ උනන්දුවෙන්. ටේ ට ඒ කිසිම දෙයක් ගානක් ගියෙ නැති උනත් හොදම යාලුවා විදියට ජිමින් නම් හිටියෙ ගොඩාක්ම ආඩම්බරෙන්..

" මොනවද ටේ .., මේ පොත් "
" ඔයා දන්නවානෙ මම music වලට ගොඩාක්ම කැමතියි කියලා "

" ඉතින් "

" ඒ නිසා මම ඒ පොත් වගයක් ගන්න library එකට ගියා ජිමිනි.. සමාවෙන්න නොකියා ගිය එකට "

" ඕක මොකක්ද ටේ.. ඔයා ගැන ඇහැගහගෙනම ඉන්න ඕනි තරම් අය ඉන්නෙ college එකෙ "

" එහෙම තමයි ඉතින්.. ආඩ්මබර නැද්ද අහ්"

ටේ ජිමින්ගෙ කරටත් අත දාගෙනම පංති කාමරයට ගියා.

" ටේ මටත් පොතක් දෙන්නකෝ.. හරිම කම්මැලියි "

" ම්ම්ම් ඔයා කියවන්න ජිමින් මම ගෙදර ගියාම බලන්නන් ඔය ටික "

" හරි එහෙනන්"

ජිමින් එකින් එක පොත පෙරල පෙරල රෑප හෙව්වා මිසක් තිබුනු කම්මැලිකමට පොත් නම් කියෙව්වෙ නැ .. ටේ හිනා වී ගෙනම බලන් හිටියෙ තමන්ගෙ යාලුවා කරන වැඩේ දිහා.

" මොකක්ද ජිමිනි ඔය කරන්නෙ .. ඔයා දැන් පුදුම කම්මැලියෙක් වෙලානෙ "

" ඔව් ටේ හරිම කම්මැලි .. ගෙදර ගිය ගමන් අද නම් හොදට නිදාගන්නවා"

" ඔහොම ගියොත් ඔයා ලොකු අල ගෙඩියක් වෙලා නවතින්නෙ ජිමිනි"

" එතකොට හොද නැද්ද ආ.. මම වගෙ cute යාලුවෙක් ඉන්න එකට "

"ම්ම්ම් ගොඩාක් හොදයි.මගෙ bodyguard කරගන්න නම්"

" එහෙමද ආ.. මෙන්න පොත් ටික"

" කෙනෙක්ට තරහ ගිහින් .. කෝ බලමු බලමු මූන .."

ජිමින් ටේ එක්ක බොරු තරහක් මවාගෙන කතා නොකරම හිටියා.. පාසලේ සීනුවත් නාද උනු නිසාම හැමෝම ගෙදර යන්න පිටත් උනා.. ජිම්නුත් බෑග් එකත් අරගෙනම ටේවත් ගනන් නොගෙන college එකෙ ගේට්ටුවෙන් එලියට ආවා..ටේ ජිමින් පස්සෙන්ම බෑග් එකත් උස්සන් දුවගෙනම ගියා.

Nothing Like UsWhere stories live. Discover now