Chapter 01

3.8K 415 12
                                    

'ටේහ්‍යුන්ග්, කලාව ඇතුළෙ ඕනෙ තරම් පැති තියෙනවා. ඒත් ඇයි ඔයා ඔය දේම තෝරගන්නේ.?'



'කරුණාකරල මාව තේරුම් ගන්න උත්සාහ කරන්න. නිරුවත කියන්නෙ කලාවක්. '



'ඔව් ඇත්තටම නිරුවත කියන්නෙ කලාවක්. කලාව ඇතුලෙ රස තැන් හොයාගෙන ගිය මං ඒක ඔයාට වඩා හොඳින්ම දන්නවා ටේහ්‍යුන්ග්. ඒත්-'



'මං මගේ ගමන ගැන තීරණය කරල ඉවරයි. මගෙ ගමනට උදව් කරන්න බැරි නම් දෙවියන්ගෙ නාමෙට මට බාධා නොකර ඉන්න හ්‍යුං.'


'ටේහ්‍යුන්ග් මං අනිවාර්යයෙන් ඔයාට උදව් වෙනවා. ඒත් ඔයා මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕනේ. '

'මට පුලුවන් දෙයක් නම් මං අනිවාර්යයෙන් කරන්නම්.'



'ඔයා කලාව එක්ක ජීවත් වෙන කෙනෙක්. ඔයා මගෙ සහෝදරයා උනත් මට අයිතියක් නැහැ ඔයාගෙ ජීවිතේට අනවශ්‍ය විදියට බලපැම් කරන්න. ඒත් මං කැමති නැහැ ඔයාට වරදිනවට. කරුණාකරල නිරුවත කියන කලාව ඇබ්බැහි වීමක් කරගන්න එපා. ඔයා චිත්‍ර ශිල්පියෙක් කියන එක හැම වෙලේම මතක් කරගන්න. කිසිම විදියකට හැගීම් වලට ඉඩ දෙන්න එපා.'


'මං අනිවාර්යයෙන් ඒ හැමදෙයක්ම මතක තියාගන්නම්.'



'පරිස්සමෙන් ටේහ්‍යුන්ග්. කලාවෙ රස තැන් හොඳින් ස්පර්ශ කරන්න. ඔයාගෙ දක්ශතාවය උපරිමේටම ප්‍රයෝජනයට ගන්න.'


'ස්තූති හ්‍යුං.'

Nude || vmin || ☘🖌️⚱️Where stories live. Discover now