'ඔයා ඇත්තටම ද කියන්නේ.?'
'මං මේ තරම් දවස් විහිළු කලා කියලද හිතුවේ ජිමින්ශි.?'
'කරුණාක-'
'මිනිස්සුන්ට කරදර කරන එක ඔයාගෙ දෛනික කාලසටහනේ කොටසක්ද.?'
'මොකක් ද.? අහ් එතකොට මං කරදරකාරයෙක් මට්ටමට වැටුණා. කමක් නැහැ ඒ ගැන මං දුක් වෙන්නේ නැහැ.'
'ඒත් ඔයාට මං කියන්න කැමති මං කවදාවත්ම කිසිම කෙනෙක් ඉදිරියේ මේ තරම් බැගෑපත් උන කෙනෙක් නෙවෙයි කිම් ටේහ්‍යුන්ග්. ඔයා ඒ ගැන දැනගන්නෙ නැතිව ඉන්න එක හොඳයි.
'ඇයි ඔයා nude photoshoot එකක් උත්සාහ නොකරන්නේ ජිමින්ශි.? ඔයාට ඒ වෙනුවෙන් අවශ්‍ය වත්කමටත් වඩා වත්කම් තියෙනව කියල මට හොඳටම විශ්වාසයි.'
'ස්තූති. මට ඕනේ ඡායාරූපයක් නෙවෙයි. චිත්‍රයක්. Pencil art එකක්. '
'මං දන්න විදියට මේ ලෝකේ. නැහැ ලෝකය ඕනෙ නැහැ. මේ කොරියාව ඇතුළෙ ඉන්නවා මං හැරුනම තව ඕනෙ තරම් nude චිත්‍ර ශිල්පියෝ.'
'ඒත් මට අවශ්‍ය කරන චිත්‍ර ශිල්පියා ඔයා නම්.?'
'ඇත්තටම ඒක ඔයාගෙ වැරදි තෝරා ගැනීමක්. මං ඒ තෝරා ගැනිම ගැන ඇත්තටම කණගාටු වෙනවා. ඕනෙ නම් මං වෙන ශිල්පියෙක්ව සම්බන්ධ කරලා දෙන්නම්.'
'ස්තූතී ටේ. ඒත් මට වෙන අය ඕනෙ වෙන්නෙ නැහැ. මට ඕනෙ ඔයා. ඔයයි මගෙ වැඩේට ගැළපෙන කෙනා. ඔයාගෙ පරිපූර්ණ දක්ශතාවයයි මං හොයන දක්ශතාවය.'
'මාව අගය කිරීම සම්බන්ධයෙන් ගොඩක්ම ස්තූතියි. ඒත් මට සමාවෙන්න ඔයාට සේවය කරන්න පුලුවන් කෙනෙක් නෙවෙයි මං'
'හරි. කමක් නැහැ. මං අදට යන්නම්. ඒත් මං ආයෙ
එනවා''කලින් අවස්ථා දොළහෙදි වගේම කාලය නාස්ති කිරීමක්.'
'කමක් නැහැ. ඔයා දන්නෙ නැතුව ඇති. දහතුන කියන්නෙ මගේ වාසනාවන්ත අංකය. අනිවාර්යයෙන්ම ඊළඟ අවස්ථාවෙදි ඔයා කැමති වෙනවාමයි. මං ඒ ගැන ඔයාට පොරොන්දු වෙනවා.'
'උත්සාහ කරලා බලන්න. මාත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන කෙනෙක් නෙවෙයි.'
'හරි. මං යනවා ටේ.'
'සුබ ගමන් ජිමින්ශි. ඒ වගේම සුබ පැතුම්'
'ඔයාටත්.'
(Underline කරපු කොටස් වලින් පෙන්නන්නේ හිතින් හිතන නමුත් කටින් පිට නොකරන වචන)
YOU ARE READING
Nude || vmin || ☘🖌️⚱️
Fanfiction𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ නිරුවත යනු කලාවක්.... නමුත්..... නිරුවත කියන කලාව ඇබ්බැහි වීමක් කරගන්න එපා. Start : 2021. 12. 01 End : 2021. 12. 12 01st Place Best Fan Fiction 2022 (B x B) Sl Competition