ඊලගට ජින් ඔප්පගේ ඇස් කැරකෙන්නේ මගේ දිහාවට කියලා තේරුන නිසා මං ජන්කුක් ගිය දිහා බලාගෙන කොලේජ් ගේට් එකෙන් ඇතුලට ගියේ ජින් ඔප්පා අනිත් සපත්තුවත් ගලවලා එලියට විසි කරනවා ඇස් කොනට පේද්දි.
අද තමයි මං කොලේජ් එකට එන මුල්ම දවස ගේට් එකෙන් ඇතුලට ඇවිත් හතර වටේ ඇස් කරකවන කොට මගේ ලගට දුවගෙන ආවේ ටේමින් ඩබල,
නුනා යමු අපි ක්ලාස් එක පෙන්නනම්
මේ නසරානියො දෙන්නා සත පහකට ෂුවර් කරන්න බැරි වුනත් මේ වෙලාවේ මට වෙන කරන්න දෙයක් නැති නිසා මමත් ඔලුව වනල මෝඩ ජෝඩුව ට එකතු වුනා.
නුනා මේක තමයි ඔයාගේ ක්ලාස් එක, එහෙනම් අපි ගියා 😘
ක්ලාස් රූම් එක ඉස්සරහ මාව දාලා මට flying kissඑකකුත් දීලා යන ටේමින් ජෝඩුව දිහා ටික වෙලාවක් බලන් ඉදලා හොද හුස්මක් ගත්ත මං ක්ලාස් එක ඇතුලට ගියා, කමෝන් යුන්හියා ඉඩ තියන හත්අට පොලක වාඩි වෙමු.
හිතුව තරම් යක්කු කලු නෑ කියන්න වගේ ක්ලාස් එකේ ලමයින්ට මාව වැඩිය ගානක් වුනේ නෑ, හිස් තැන් කීපයක්ම තිබුනත් කෙලවරේම තිබුන ඩෙස්ක් එකකින් මං වාඩි වුනේ එතන අනිත් ඩෙස්ක් දෙකෙත් කවුරුත් හිටියේ නැති නිසා.
මං වාඩි වෙනවත් එක්කම ඉස්සරහ ඩෙස්ක් දෙකේ හිටපු ගෑනු ලමයි දෙන්නා මගේ දිහාවට හැරුනා.
හායි, ඔයා අලුතින්ද?
හායි ඔව් අද first day
මං යුකී මෙයා සුකී
එතකොට යි මං ඒ දෙන්නා දිහා හරියට බැලුවේ, දෙයියනේ ආයෙත් නිවුන්නු. කාම් ඩවුන් යුන්හියා, කවුරුත් නැති කොට නිවුන්නු දෙන්නා ෂේප් කර ගමු. කිම් ආන්ටිගේ නිවුන්නු වගේ නෙවෙයි යුකී සුකී දෙන්නා තනිකරම photo copy දෙකක්,
ආම් හායි මං යුන්හී , පාක් යුන්හී.
යුන්හී මෙතන්ට එන්න, ඔතන කට්ටියක් ඉන්නවා..
ආ හා හරි
සුකී මගේ පැත්තට හැරිලා එහෙම කියල බිත්තිය අයිනට යද්දී මං ගිහින් දෙන්නා දෙපැත්තෙන් සාංචි මැද්දෙන් කියලා ඒ දෙන්නගේ මැදින් වාඩි වුනා. උදේ වරුව වැඩ ටික කිසිම අවුලක් නැතුව සිද්ධ වුනා. යුකී සුකී දෙන්නා ඇත්තටම ගොඩක් හොදයි කියලා මට තේරුනා, සුකී ටිකක් අහිංසක වුනාට යුකී නම් මට ගැලපුනා. ලන්ච් බ්රේක් එකට බෙල් එක රින්ග් වෙද්දි food court එකට යමූ කියාගෙන යුකී නැගිට්ටා.
YOU ARE READING
💥💥House of Bangtan 💥💥 ||JK MAIN || [Completed]
Fanfictionපිස්සු ම පිස්සු කෙල්ලෙක් ට, ඊටත් වඩා පිස්සු කොල්ලෝ හත් දෙනෙක් සෙට් වුනොත් කොහොම තියේවිද? පිස්සු කථා මැද හොරාට ගලාගෙන යන ආදර කතාවක් තිබුනොත් කොහොම තියේවිද?
![💥💥House of Bangtan 💥💥 ||JK MAIN || [Completed]](https://img.wattpad.com/cover/291806303-64-k55177.jpg)