"ආහ් මට කියන්න අමතක වුනානේ යුන්හියා මගේ ගෙදර පිරිමි ළමයි හත් දෙනෙක් ඉන්නවා ඔයාට තව ටිකකින් එයාලාව අදුර ගන්න පුලුවන් 🙂"
ආන්ටි කිම් මගේ පැත්තට හැරිලා එහෙම කියද්දී සෝමාලියන් ඔටු ලබ්බෙක් වගේ ෂටර් එකෙන් බෙල්ල දික් කරගෙන පහුවෙන සෝල් නගරේ සිරි නරබ නරබ හිටපු මට බිබී හිටපු ඇමරිකානෝ එක ඉස්මොල්ලේ ගියා.
"ම් වෝ?? කැහ් හ් "
"යුන්හී ඔයා හොදින් ද?
"දේ 🙂"
හොදයිද අහන්නේ හාට් ඇටෑක් එන කථා කියලා, හත් දෙයියනේ කොල්ලෝ එකෙක් දෙන්නෙක් නම් කමන් නෑ හතක්!!! සැලෙන්න එපා යුන්හියා ගිහිල්ලම බලමු..
මං යුන්හී. පාක් යුන්හී. මගේ ඔම්මා අප්පා දෙන්නම scientist ලා, මතක ඇති කාලේ ඉදන් අපි හිටියේ US වල , ඒත් ඔම්මයි අප්පයි හදිසියේම තීරනය කලා මාව කිම් ආන්ටි ලගට එවන්න .
ඒකටත් හේතුවක් තියනවා, ඔම්මායි අප්පයි ජීවිතේ මුල් තැන දීලා තිබුනේ එයාලගේ experiment වලට. පහුගිය දවස් වල එයාලා හෙව්වේ මොකක් හරි ලොකු දෙයක් ගැන ඒකේ ප්රතිඵලය උනේ කව්දෝ කෙනෙක් මාව කිඩ්නැප් කරලා එයාලා හොයාගත්ත දේ ඉල්ලපු එක..
ඒ මිනිස්සුන්ට ඕන දේ දිල පහුවදාම මාව කොරියා වලට එවන්න ඔම්මා හරි ඉක්මනට හැමදේම ලෑස්ති කලා, අනාථ නිවාසෙක හැදුන මගේ ඔම්මට හිටිය එකම නෑදෑයා තමා කිම් ආන්ටි , කිම් ආන්ටි ටත් එහෙමයි, අප්පගේ පවුලේ අය අප්පව පවුලෙන් අයින් කරලා තිබුනේ ඔම්මා ව මැරි කරපු නිසා...
ඉතින් හදිසියේ මගේ ආරක්ෂාව බාර දෙන්න ඔම්මා ටයි අප්පාටයි හිටපු එකම කෙනා කිම් ආන්ටි. ඔය විදියට තමයි මං කොරියා එන්නේ, එන්නේ කිව්වට තාම එන ගමන්..
◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇
උදේ ඇහැරුනත් ගේ ඇතුලේ වැඩි සද්දයක් තිබුනේ නෑ, ඊයේ රෑත් ගෙදර තිබුනේ සාමකාමී වාතාවරණයක්, කොල්ලෝ හතක් ඉන්න ගෙදරකින් මං මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනත් ඒ බලාපොරොත්තු වතුරේ යයි වගේ...උදේම ඇහැරලා කල්පනා ලොව මල් වනේ හිටපු මං උඩ විසි වුනේ මොකක් හරි බිම වැටෙන සද්දෙකින් ඒත් එක්කම කිම් ආන්ටි එයාගේ ටින් කිරි වොයිස් එකෙන් නම්ජුනා කියලා කෑ ගහන කොට මට වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටුනා...
![](https://img.wattpad.com/cover/291806303-288-k55177.jpg)
YOU ARE READING
💥💥House of Bangtan 💥💥 ||JK MAIN || [Completed]
Fanfictionපිස්සු ම පිස්සු කෙල්ලෙක් ට, ඊටත් වඩා පිස්සු කොල්ලෝ හත් දෙනෙක් සෙට් වුනොත් කොහොම තියේවිද? පිස්සු කථා මැද හොරාට ගලාගෙන යන ආදර කතාවක් තිබුනොත් කොහොම තියේවිද?