ℍ𝕠𝕦𝕤𝕖 𝕆𝕗 𝔹𝕒𝕟𝕘𝕥𝕒𝕟 03

1.4K 252 48
                                    

ℍ𝕠𝕦𝕤𝕖 𝕠𝕗 𝔹𝕒𝕟𝕘𝕥𝕒𝕟 03

බාල්දි පෙරලෙන එකේ අඩුවක් නැතුව ම දවස් ගෙවිලා ගියා.  දවසක් රෑ ජාමේ මගේ රූම් එකේ දොරෙන් ඇතුලට ඔලුව දැම්මේ ටේමින් ඩබල,

"යුන්හී නූනා නිදිද?"

හොරු දෙන්නෙක් වගේ කර්ටන් එකෙන් ඔලු ගෙඩි දෙක දික්කරලා අහපු විදිය ඇල්ලුවේ නැතත් මං

"නෑ ඇයි?"

ඒක කිව්වා විතරයි නෙලුම් කොලේ ඇවිදින කොරවක්කා වගේ මගේ ලගට ඇවිදගෙන ආපු ටේ,

"කැමති නම් එන්න පොඩි මිශන් එකක් තියනවා ඔම්මගේ බර්ත් ඩේ එකට"

කිම්ආන්ටි ගේ බර්ත් ඩේ එක අනිද්දට කියලා දැන ගෙන හිටියත් මෙහෙම දෙයක් මං දැනගෙන හිටියේ නෑ,  ඒ නිසාම මමත්  ටේමින් ඩබල එක්ක ජින් ඔප්පගේ කාමරේ ට ආවේ මොකක්ද වෙන්නේ කියලා දැන ගන්න.

අපි යනකොට ත් අනිත් කට්ටිය ඇවිත් හිටපු නිසා මමත් සද්ද නැතුව ම ගිහින් ඔප්පා ගේ ඇදේ කොනකින් වාඩි වෙද්දි බිත්තියට හේත්තු වෙලා වාඩි වෙලා හිටපු ජන්කුක් කකුල් දෙක දිග ඇරලා මගේ ඇගේ දෙපැත්තෙන් දැම්මා.  එක පාරටම වුන දේ නිසා ඇග හීරිවැටීලා ගියත් මං වෙනසක් නොපෙන්වා ඉන්න පරිස්සම් වුනා.

හැමෝම ඇවිල්ලා හිටියත් කට්ටිය හිටියේ තව කාව හරි බලාපොරොත්තුවෙන් කියලා තේරුනත් කවුරු එනකන් ද ඉන්නේ අහන් නැතුව ම අනිත් අය වගේම මමත් කාමරේ එහාටයි මෙහාටයි ඇවිදින ජින් ඔප්පා දිහා ඔහේ බලාගෙන හිටියා..

ටික වෙලාවකින් කර්ට්න් එකෙන් ඇතුලට ඔලුව දැම්මේ කිම් අංකල්,  ඒ එක්කම ඇවිදින එක නවත්තපු ජින් ඔප්පා ඉනට අත් දෙක තියාගෙන,

"අප්පා ඔයා පරක්කුයි "

"අයිෂ් ඔයාලගේ ඔම්මා  අර එහා ගෙදර ආන්ටි ඩොරතිට දෙහි කප කප ඉදලා දැන් තමයි නිදා ගත්තේ ෆූහ් දැන් මොකද්ද ප්ලෑන් එක"

කිම් අංකල් දිහාවට අනුකම්පා සහගත බැල්මක් පා කරපු ජින් ඔප්පා ප්ලෑන් එක විස්තර කරන්න පටන් ගත්තා..

"අපි හෙට කොලේජ් ඇරිලා එන ගමන් බඩු අරගෙන එනවා,  බඩු ටික වෑන් එකේ තියලා අපි ගෙදරට එනවා,  අප්පා ඔයා හවස ඔම්මා එක්ක එලියට යන්න ඕන රෑ දොලහ වෙනකන් කීයටවත් ගෙදර එන්න එපා "

💥💥House of Bangtan 💥💥 ||JK MAIN || [Completed]Where stories live. Discover now