HOUSE OF BANGTAN FINAL

1.5K 238 44
                                    

After 8 years.....

අප්පගේ අතින් අල්ලගෙන පල්ලියේ උස පඩි පෙළ දිගේ උඩට නගින ගමන් හිටපු මං වගේම අනිත් හැමෝමත් එක සැරේටම පිටි පස්ස හැරිලා බැලුවේ වේගෙන් ආපු කා එකක් පල්ලියේ කා පාක් එකට දාපු නිසා....

ලොකු වංගුවක් අරගෙන පාක් කරපු කා එකෙන් බැහැපු ජින් ඔප්පා ඉස්සර වගේම  සයිඩ් මිරර් එකට එබිලා කොන්ඩේ හදලා ඇගිලි දෙකක් ඉස්සරහට දික් කරලා තමන්ටම චියර් කරගෙන ආපිට හැරෙන කොට, පැසෙනජ්ර් සීට් එකෙන් විසිවී විසිවී බිමට බැස්සේ ලීසා ඔන්නි....

ලීසා ඔන්නියි ජින් ඔප්පයි මැරි කලේ මං කොරියා වලින් ගියපු අලුතමයි....එදා සුපර් මාකට් ගිහින් ආපහු එද්දි මගේ  ඔම්මයි අප්පයි ඇවිත් හිටියේ මාව ආපහු USවලට එක්කන් යන්න....

ගොඩනැගුන අලුත් බැදීම් අතරමග දාලා යන එක මට ලේසි දෙයක් නොවුනත්, ඔම්මයි අප්පයි ඒ දෙන්නගේ ජොබ් එකෙන් අයින් වෙලා මාත් එක්ක කාලේ ගෙවනවා කියලා පොරොන්දු වුන නිසාම පුංචි කාලේ ඉඳලම හරියට විදින්න  නොලැබුන ඒ ආදරේ වෙනුවෙන් මං ඔම්මයි අප්පයි වෙනුවෙන් ආපහු US ගියා...

එදා ඉදලා දැන් අවුරුදු අටක් ගෙවිලා ගිහින්,  ආ කියන්න අමතක වුනානේ, මං එන්න කලින් ජන්කුක් ට මගේ හිතේ තියෙන කැමැත්ත කිව්වා... කොලේජ් ස්ටඩීස් ඉවර වුනාට පස්සේ හැම අවුරුද්දකම සමර් වැකේෂන් එක මාත් එක්ක ගත කරන්න ජන්කුක් USආවා....

දැන් ජන්කුක් World famous football player කෙනෙක්.... එතකොට ජින් ඔප්පා තමා දැන් අපි ගිය කොලේජ් එකේ හෙඩ් මාස්ටර්, යුන්ගි ඔප්ප professor කෙනෙක්  විදියට එයාගේ යුනිවර්සිටි එකටම ජොයින් වුනා....

හේසෝක් ඔප්පා ඩාන්සින් ඇකඩමි එකක් පටන් ගත්තා,  ජූන් ඔප්පා එයාගේ සුපර් මයින්ඩ් එක උදව් කරගෙන දැනටමත් ටොප් ක්ලාස් බිස්නස් එකක් handle කරනවා... එතකොට පොඩි නසරානියො දෙන්නා ලෝකෙම කෙල්ලෝ පිස්සු වට්ටන Idolsලා දෙන්නෙක් දැන්.....

ජින් ඔප්පා කෝම හරි කකුල් දෙක දනිස ලගට ගෙවෙන කන් ලීසා ඔන්නි පස්සේ බඩගාලා ටොන් ගානක කේක් රෙසිපි අහගෙන අන්තිමට ලීසා ඔන්නිව මැරි කලා....
යුන්ගි ඔප්පා මැරි කලේ ඩොක්ටර් කෙනෙක්,  රෑ දවල් දෙකේම වැඩ කරලා නාරි ඔන්නි  ගෙදර එන්නේ යකා ගැහුවා වගේ නිදියන්න බලාගෙන, ඒකටම හරියන හිටගෙනත් නිදියන ඩයල් එක වුන  යුන්ගි ඔප්පා ට  මේ ආත්මේ නම්  අප්පා කෙනෙක් වෙන්න හම්බ වෙන්නේ නෑ කියලා ජන්කුක් කියන්නේ හරියට, දෙන්නා දෙපැත්තට වෙලා නිදාගෙන ඉන්නවා එයා බලාගෙන හිටියා වගේ 😏..

💥💥House of Bangtan 💥💥 ||JK MAIN || [Completed]Where stories live. Discover now