Part 07

247 82 3
                                    

නොවැම්බර් 20

"හ්‍යොන්ග්..... මට ආයෙ කියන්න තියන්නෙපා හ්‍යොන්ග් අර ගෑනිව අතෑරල දානවා හ්‍යොන්ග් .... බලනව තමුසෙගෙ හැටි දැන්.... කන්නෑ බොන්නෑ.... මොකද්ද හ්‍යොන්ග් මෙ ගෙවන ජීවිතේ...... හ්‍යොන්ග් ගෙ මාසෙ ෆුල් සැලරි එකම ගානට තමුසෙගෙ වයිෆ් කියන ගෑනි කාලා දානව... අන්තිමට ඔෆිස් එකේ වැඩ කරා මදිවට පාර්ට් ටයිම්උත් කරනවා....අනික මොන වයිෆ්ද හ්‍යොන්ග් තමන්ගෙ හස්බන්ඩ් ට ගෙදර තියෙන වොශෲම් එක පාවිච්චි කරන්න දෙන්නෙ නැත්තෙ.... දැන් හ්‍යොන්ග් මාස හතක් තිස්සෙ වොශෲම් යන්නෙ අපේ ගෙදර... දන්නවා එයා ගොඩක් සැප එක්ක ජීවත් උනු කෙල්ලෙක් කියලා ඒත් මනුස්සයෙක් ව මෙහෙම පහත් කරල සලකන්නෙ කොහොමද හ්‍යොන්ග්!!.... අනික එ...ඒ ගෑනි... හ්‍යොන්ග් එයාට වෙන සම්බන්ධයක් තියෙයි හ්‍යොන්ග් ඔයා අන්ධයෙක් වගේ හැසිරෙන්නෙපා...."

"යුංගියා... කට වහගනින්.... උබ මේ ගෑනි ගෑනි කියල කතා කරන්නෙ මගෙ වයිෆ්ට!!...... සාමාවෙයන් අදින් පස්සෙ මං අපාර්ට්මන්ට් එකේ පබ්ලික් වොශෲම් එක යූස් කරන්නම්..... මේ මාස හතට කරපු උදව් වලට ගොඩක් ස්තූතියි යුන්ගියා..... ඒ වගේම ඒ කෙල්ලට මං ගොඩක් ආදරෙයි.... මට එයාව නැති කරගන්න බෑ.... මං එයාගෙ සල්ලි වලට නෙවෙයි එයාටයි ආදරේ යුංගී.... ඉතින් එයාව සතුටින් තියන්න පුලුවන් ක්නම දෙයක් මං කරනවා..... මං ගිහින් එන්නම්..."

මින් යුන්ගී..... චූටි දේටත් පස්ස ගිනිඅරං වගේ කැගහන්නෙ නිකන් පොඩි එකෙක් වගේ..... ඒත් එයා කියපු එකේ කිසිම වැරැද්දක් දැක්කෙ නෑ මං...... මැරි කරලා ආපු දවසෙ ඉඳන් මගෙම ගෙදර කාමරේ වගේම වොශෲම් එකත් මට තහනම් තැනක් උනා....

එදා ඉඳන් අද වෙනකන් මේ මාස හතේම මං වොශෲම් එකකට පාවිච්චි කරේ යුන්ගිගෙ ගෙදර තිබ්බ වොශෲම් එක......

යුන්ගි හරි

ඇයි මං තමන්ගෙම හස්බන්ඩ්ව පිලිකුල් කරන ගැනුකෙනෙක් එක්ක පවුල් කන්නෙ.....

මායි සුන්හියි එකට එක ගෙදරක හිටියට..... ඒ පවුල් කනව නෙවෙයි ..... ඒක තනිකරම සුන්හිගෙ අප්පාගෙ ඕනකමකට කරපු දෙයක් විතරයි......

ඒකත් දේපල වෙනුවෙන් විතරයි..... දේපල අරගන්න මාව තුරුම්පුවක් කරගත්තා.....

මේ ඉන්නෙ ඉස්සර හිටපු කිම් සොක්ජින් නෙවෙයි..... ඒ සොක්ජින් මැරිලා දැන් මාස 7කටත් වැඩියි......

මාසෙ සැලරි එකෙන් බාගෙකටත් වඩා වැඩියෙන් යන්නෙ සුන්හිගෙ අකවුන්ට් එකට...... ඔෆිස් එකේ සැලරි distribute කරන්නෙ සුන්හි නිසා ඒකෙනුත් ගානක් කපාගෙන මට ඉතුරු රික දුන්නත් ගෙදර රෙන්ට් එකටම ඒ ගාන ඇති.....

හවස ඔෆිස් ඇරලා ඇවිල්ලා කෙලින්ම කොෆි ශොප් එකක පාර්ට් ටයිම් යනවා ..... ඒක ඉවර වෙලා ගෙදර එද්දි රෑ 10 පහු උනත් කලාතුරකින් තමයි සුන්හී ගෙදර ඉන්නෙ.....

ඉස්සර හැමතිස්සෙම මහ හයියෙන් හිනාවෙන අනිත් අයට කරදරයක් මගෙ හිනාව.... ඒත් දැන්..... ඒ හිනාව කොහෙද කියල මං වත් දන්නෑ..... මගෙ ඒ windshield wiper හිනාව නැත්තටම නැති වෙලා.....

හැමදාම මට රෑට අඬන්නැතුව නිදාගන්න ඕනෙ..... ඒත්..... මගෙ කඳුලු රෑට නවත්තගන්න බෑ......

මං මගෙ මේ ජීවිතේට වෛර කරනවා.....

මේ වගේ ජීවිතයක් හම්බවෙන්න තරම් මං කරපු පව මොකද්ද.....

තමන් මැරි කරලා ඉන්න කෙල්ල තමන්ව ඉග්නෝර් කරද්දි දැනෙන වේදනාව..... ඉවසන්න බෑ..... ගොඩක් අමාරුයි.....

වටේටම කලු වෙලා ඉදිමිලා තිබ්බ ඇස් රතු පාටයි.... මුහුන ඇදිල ගිහින්  අවුල් උනු කොන්ඩෙ එක්ක..... තනිකරම පිස්සෙක් වගේ.....

ඔෆිස් එකේදි උනත් මට ඕන උනේ තනියෙන් ඉන්න.... ඉස්සර හැමතිස්සෙම හැමෝම එක්ක කතා කරපු මට , දැන් ඕනෙ තනියෙන් ඉන්න......

ඔයා මාව එහෙම්පිටින්ම වෙනස් මිනිහෙක් කරා සුන්හී.....

චොම්මල් කුමාවො මට කරගන්න බැරි උනු දේ ඔයාම මට කරල දෙනවට......

Shatter Me | KSJ [Completed]Where stories live. Discover now