නොවැම්බර් 28
මං අද මගෙ ඔම්මාව හීනෙන් දැක්කා......
එයා මගෙ දිහා හිනා වෙලා බලන් හිටිය මිසක් එකම වචනයක්වත් කතා කරේ නෑ...... මං කොච්චර කෑ ගහලා කතා කරත් ඔයාට ඇහුන්නෑ වගේ හැරිලා ගියේ මං දිහා හිනාවෙලා බලන් ඉඳලා......
ඔම්මා ඇයි මේ දේවල් මෙහෙම වෙන්නෙ.....
මට මං ගාව කවුරුවත් නෑ..... ඔම්මාත් නෑ අප්පාත් නෑ.... හ්‍යොන්ග් නුත් නෑ..... ඔයාලා තුන්දෙනා එකට ඉද්දි මං තනියෙන් ඉන්නෙ ඔම්මා.... චෙබල් මට මෙ ඔක්කොම දරාගන්න තරම් ශක්තියක් නෑ.....
අවුරුදු 10ක් ඔම්මා.... අවුරුදු 10ක් මං ඔයා අප්ප හ්‍යොන්ග් නැතුව තනියෙන් ජීවත් උනා......
මට ගොඩක් පාලුයි ...... මට ඉක්මනටම ඔම්මා ගාවට එන්නෝනෙ ...... ඒත් මට බෑ..... මට මගෙ ජීවිතේ නැති කරගන්න තරම් හයියක් නෑ...... මට සමාවෙන්න ඔම්මා...... ඔයා හීන මැව්වා වගේ සාර්තක මනුස්සයෙක් වෙන්න බැරි උනා මට...... ඔම්මා ඉස්සර හැමතිස්සෙම කිව්ව වගේ ලස්සන ලේලි කෙනෙක් ඔම්මාට හම්බඋනත්..... ඔයාගෙ ලේලි ඔයාගෙ පුතාව එයාගෙ හස්බන්ඩ් විදිහට පිලිගන්නෙ නෑ ඔම්මා..... අප්පා මට සමාවෙන්න.... අප්පගෙ බිස්නස් මං දන්නෑ එදා ලෝයර් ගියා ගියාමයි අද වෙනකන් මට කිසිම ආරංචියක් නෑ......
බොගෝශිප්පස්සෙයෝ හ්‍යොන්ග් ..... නොමු නොමු බොගෝශිප්පස්සෙයෝ ...... මට ආයෙ ඔයාත් එක්ක ඉස්සර වගේම මට හ්‍යොන්ග් එක්ක රන්ඩු කරල ගහ මරාගන්න ඕනෙ හ්‍යොන්ග් .....
මට සමාවෙන්න ඔයාල තුන්දෙනාවම බේරගන්න බැරි උනාට..... චින්චා මියන්හේ.....
ක්(අ)රිගො.... නොමු නොමු සරංහේ......
මේ සතියට ගොඩක් දේවල් සිද්ද උනා..... මං දෙවෙනි පාරටත් සුන්හී හ්‍යොන්ග්ජන්ග් ව කිස් කරනවා දැක්කා.....
ඇයි මෙච්චර මං පවුකාර.... තමන්ගෙ බිරිඳ වෙන පිරිමියෙක් එක්ක ඉන්නව ඇස් දෙකට දකින්න තරම් මං පවුකාරයි.....
"මේ සුන්හීව අතාරින්න වෙලාව හ්‍යොන්ග් .... අතෑරපන් හ්‍යොන්ග් ඒකිව අතෑරපන්!!.... චෙබල් හ්‍යොන්ග් ..... මෙහෙම ගියොත් ඔයා ලෙඩ වෙයි!!"
දැන් මං හැමදාම වොශ් දාන්නෙ අපාර්ට්මන්ට් එකේ පබ්ලික් වොශ්රූම් එකෙන්.... මිනිස්සු මං දිහා අමුතු විදිහටබැලුවත්.... මං ඒ බැල්මවල් කොහොම හරි මගාරිනව .... වොශ්රූම් එකෙන් එලියට එද්දි එතන හිටියෙ යුන්ගි.....
"හ්‍යොන්ග්..... තමුසෙ මෙහෙම බයගුල්ලෙක්වගේ හැසිරෙන්නෙපා හ්‍යොන්ග්!!.... තනි තීරනයක් දැන්වත් ගන්න ඉගෙනගන්නව හ්‍යොන්ග්....!!"
යුන්ගි මගෙ පස්සෙන් කෑ ගගහා එද්දි
මං යුන්ගිව මගෑරලා පුලුවන් ඉක්මනට මං මගෙ කන් දෙක අත් දෙකෙන්ම වහන් පය ඉක්මන් කරලා මගෙ ගේ ඇතුලට ගිහින් පුලුවන් ඉක්මනට මගෙ ඇඳුම් දාලා තියෙන කාර්ඩ්බෝර්ඩ් පෙට්ටිය ඇතුලෙන් ඉන්හේලර් එක අරං කටේ ගහගත්තා..... හුස්ම හිර වෙලා මැරෙන්න වගෙ හැඟීමක් දැනෙද්දි මං එතනම බිම හාන්සි උනේ කකුල් පන නැතුව ගැහෙන්න ගද්දි......'බයගුල්ලා....'
යුන්ගි හරි.... මං මහ බයගුල්ලෙක්.....
සුන්හිව නැතිවෙයි කියන මහා ආත්මාර්තකාමී හැඟීම මාව තවත් මේ අපේ බොරු බැඳීමෙ පටලවනවා.....
මට සුන්හීව අතාරින්න ඕනෙ..... මට මගේ පරන ජීවිතේට යන්න ඕන..... මට පරන මාව ආයෙත් ගේන්න ඕන........ ඒ ව්ස්ගේම මට සුන්හිව මගෙ ලඟින් තියාගන්නත් ඕන..... ඒත්...........මට බෑ....
තීරණයක් ගන්න තරම් මං ශක්තිමත් නෑ......
මට කෙලින් තීරණයක් ගන්න තරම් කොන්ද පන නෑ......
මහම මහ බයගුල්ලෙක්.....
ප්‍රශ්න වලින් පැනල යන බයගුල්ලෙක්......
YOU ARE READING
Shatter Me | KSJ [Completed]
Fanfictionඔයා අද ඔප්පු කරල පෙන්නුවා මං මොන තරම් පරාජිතයෙක්ද කියල සුන්හී...... අද ඔයාගෙ අප්පා මගෙන් ඇහුවා ඔයා මාත් එක්ක ඉන්නෙ සතුටින්ද කියලා..... මං මොනව කියල කියන්නද සුන්හී..... ඔයා මාත් එක්ක මේ මාස 6ට එකම වචනයක්වත් කතා කරේ නෑ කියල කියන්නද??..... ඔයා සැපට ඇඳ...