🌸EP 1🌸

874 59 26
                                    

වෙනදා වගෙම ඉර මාමා ඇවිත් ඇරවපු හින්දා මං උදේම යුනි යන්න ලෑස්ති උනේ පරක්කු උනොත් මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් කෙසේ වෙතත් අතිජාත මිත්‍රයාගෙන් කන් පිරෙන්න අහගන්න වෙන බව හොදාකාරවම දන්න නිසා...
සුපුරුදු පරිදි කෙල්ලො වශි කරන ඇදුමකුත් ඇදගෙන මං මගෙ Alpina B7 එකේ යුනි එකට ගියා.. කාර් එක පාර්ක් කරලා බෑග් එක කරකලා අරන් එක අතකට දාගෙන ඈත ඉදන් පිස්සෙක් වගෙ අතවනන මගෙ යාලුවා මැටි ජිමිස්සි ඉන්න පැත්තට ගියේ , මං දිහා කටවල් ඇරන් බලන් ඉන්න අක්කලා නංගිලා ටිකට සයිඩ් හිනාවක් දාන්...මං හිමින් හිමින් එනවා දැකලා ජිමිස්සියි හොබ්බයි මගෙ පැත්තට අත දික් කර කර මොනවා හරි කියනවා...මං හිතන්නේ මට බනිනවා...😅වෙන මොකක්ද ඉතින් ඕකුන්ගෙ පැහැදිලි ඉරිසියාව...මං වගෙ හැන්ඩ්සම් කොල්ලෙක් දැක්කම අන්ධයෙක් උනත් දෙපාරක් හැරිලා බලනවා ඒකට මං පලියැ...😌 කොහෙද ඉතින් උන්ට ඒක තේරෙන්නෙ නෑනෙ...කමක් නැ මං අනුකම්පා කරනවා කොච්චර මැටී හරක් දෙන්නෙක් උනත් මගෙ යාලුවො නේ...😌
මං ජ්‍යන් ජන්කුක්...අවුරුදු 22යි...Green Garden Hotels & Restaurants වල අයිතිකාරයාගෙ එකම පුතා...මට ඉන්නෙ අක්කා කෙනෙක් ජ්‍යන් ජන්ග් ඉන්....එයාත් මැරී කරලා ඉන්නෙ ජැපැන් වල...ඒ හින්දා අම්මාගෙයි තාත්තාගෙයි ආදරය අවධානය මට ඕනවටත් වඩා ලැබෙනවා...එහෙමයි කියලා කවදාවත් මට නීති දාලා හිරකරලා නැ...මං ආස විදියට නිදහසේ ඇවිදලා කරලා යාලුවො එක්ක විනෝදෙන් ඉන්න මට ඉඩ දීලා තිබුනේ...ඒත් මගෙ සෙල්ලක්කාරකම් ගොඩක් කල් තිබ්බෙ නැ...මං යුනි ඇවිත් අවුරුද්දකට විතර පස්සෙ දැකපු ඒ පූස් පැටියා නිසා ජන්කුක් කියන මනුස්සයා සම්පූර්ණයෙන්ම වෙනස් උනා...කෙටියෙන්ම කිව්වොත් මගෙ සෙල්ලක්කාර නැත්තටම නැති උනාවෙලා අහිංසකකම දෝරේ ගලන්න ගත්තා...එහෙමයි කියලා ඉදලා හිටලා පොඩි පොඩි දග වැඩ නැතුවමත් නෙවෙයි ඉතින්...😁
මගෙ වෙනසට හේතුව අපේ ගෙදර අයට ලොකු ප්‍රශ්නයක් ඒ හින්දා මං අපේ ගෙදර අයටත් මගෙයි යුන්ගිගෙයි සම්බන්ධය ගැන කිව්වා...යුන්ගි සාමාන්‍ය පවුලක කෙනෙක් උනත් අපේ ගෙදරින් යුන්ගියට කැමති උනා...අපේ තාත්තාට වැදගත් මගෙයි අක්කගෙයි සතුට විතරයි....එයාලා හැමදේම කලේ අපි වෙනුවෙන්...

✿ WITHOUT HIM ✿| •JINKOOK•Where stories live. Discover now