Author pov :
ටේවත් ලෑස්ති කරගෙන ජින් හොටෙල් එකේ පහල තට්ටුවට ගියේ අමුත්තො ගැන බලන වගකීමෙන් කොටසක් එයාටත් තියෙන නිසා.ටේව ටේබල එකකින් වාඩි කරවලා කිචන් එකේ ඔහේ ඇවිද ඇවිද හිටපු ජිමින්වත් ගෙනල්ලා එතනින්ම ඉන්දෙව්වෙ 'විකාර නම් කරන්න එපා'කියන ගමන්මයි.ටේබල් කිහිපයක් පහු කරගෙන ගිය ජින් කිහිප තැනකම නතර වෙවී තමන්ගෙ පාරිබොගිකයන් සමඟ සුහද කතාවකද නිරත වෙන්න අමතක කළේ කලේ නෑ.ජින්ගෙ මීලග අවදානය යොමු වෙන්න තිබ්බෙ ජියෝන් ෆැමිලි එක හිටපු ටේබල් එකට වුනත් එයාට එතනට යන්න බැරි උනේ තමන්ගෙ නෑදෑ වෙන නෑදෑවෙන මාමාත් ඒ වෙලාවේ එතනට ඇවිල්ලා හිටියේ නිසයි .
තමන් අතින් ජියෝන් ෆැමිලි එක මගහැරෙන්න දෙන්න බෙරි බව දන්න නිසාම ජිමින්ට කතා කරේ එයා මේ වගේ වෙලාවට කරන්න ඕනදේ දන්න නිසයි.
" හරියට ඇවිදින්න ඕනේ.තාරා ගමන දාන්න එපා"
" විනීතව කතා කරන්න ගොන් ජෝක් කරල අහුවෙන්න එපා"
" විශේෂම දේ යද්දි ඇදගෙන වැටෙන්න තියාගන්න එපා"
ජින් ජිමින්ව ජියෝන් ෆැමිලි එක ගාවට යෙව්වෙ ඔය වගේ නීති සීයකින් විතර කන පුරවලා.ජිමින් ජින් තමන්ට කියපු විදිහටම ඉස්සරහට යන්න අඩිය තිබ්බා විතරයි ගිහින් පොළොව බදා ගත්තේ හරියට තමන්ගේ ගල්ෆ්‍රන්ඩ්ව බදාගන්නවා වගේ.හොටෙල් එකේ බගෙකම ඇස් තිබ්බෙ ජින් ගාව. මොකද ජිමින් වැටුන නිසා එයාව කටවත් පෙනුනේ නෑ.ඒත් එතන තවමත් ජින් හිටගෙන හිටපු නිසා හැමෝටම එයාව පෙනුනා.හැමොටම තමන්ගෙ වැඩ කරගන්න කියපු ජින් ජිමින්ට රවලා එයාව කොට් එකෙන් ඉස්සුවෙ දොබකරේකින් මොකක් හරි බර දෙයක් උස්සනවා වගේ.
ජිමින්ව ජියෝන් ෆැමිලි එක ඉන්න පැත්තට තල්ලු කරපු ජින් මාමලාගෙ ටේබල් එකට ගියෙ තමන්ගෙ එකම ඥාතියව තරහා කරගන්න බැරි නිසා.
Jimin pov :
ජින් හ්‍යුන් තල්ලු කරපු පාර මම ගිහිල්ලා නැවතුනේ වෙටර් කෙනෙක්ගේ පස්සේ වදින්න ඔන්න මෙන්න තියලා.වෙටර් දකින්න කලින් ඉක්මනට ඈත් වෙලා ජියෝන් ෆැමිලි එක ගාවට ගියේ ලැජ්ජාවීමෙත් සීමාවක් තියෙන නිසා.ජියෝන් ෆැමිලි එකේ ටේබල් එක ගාවට ගියත් එතන හිටියේ හිටිය තුන් දෙනයි.
YOU ARE READING
Our love
Fanfictionආදරයෙන් බැදුන හිත් හතක අයිතිකරුවන්ගේ කදුලින් ඇරබි කතවේ අවසානය සතුටින් නිම වේවිද කලින් කතාවම තමා. දැන් ඉදන් මේ account එකෙන් කතාව continue කරනවා