Wang Yibo's P.O.Vබස් එකේ එනකොට දැක්ක අහස උසට තිබුන බිල්ඩින් ටික ආයේම වතාවක් පහු කරලා මම ටැක්සි එකකින් පැය දෙකක් පරක්කු වෙලා උනත් TD Entertainment Academy එක ගාවට ආවා .මේ වෙලාවේ පිට කෙනෙක් හැටියට එලියේ ඉන්නේ මම විතරමද කොහෙද.ඔව් මම විතරයි වෙන කවුරුත් එලියෙ නැහැ මං හිතන්නෙ ඉන්ටර්විව් එකට ආව ඔක්කොම අය කලින්ම ඇතුලට ගිහින්..මට ටැක්සි එකෙන්ම ඇකඩමියට යන්න බැරි නිසා මම ඩ්‍රයිවර්ට සල්ලි දීලා ගියා ගේට්ටුව ගාව තියෙන මුරකුටියට.එතන ඉන්න අයට කිව්වම ඉන්ටර්විව් එකට ආවේ කියලා මගේ දිහා බලාගෙන හිටියේ හරියට කියපු දේ විශ්වාස කරන්න බැහැ වගේ.හොද වෙලාවට ඇකඩමියෙන් මට එවපු මැසෙජ් එකක් පෙන්නුවම එතන හිටිය කෙනෙක් කම්පියුටර් එකෙන් මගේ විස්තර බලලා ඇතුලට යන්න කිව්වා.
ගේට් එකෙන් ඇතුලට ගියාම කෙලින්ම තියෙන්නේ කාර්පට් කරපු පාරක්.ඒ පාර ඉස්සරහට වගේම දෙපැත්තට යන්න බෙදිලා තිබුනා.යන පාර දෙපැත්තේ,වටේට ලස්සනට පොඩි කෑලෑවක් වගේ ගස් වවලා.එනකොට දැකපු බිල්ඩින් වලින් පිරුණ කොන්ක්‍රිට් වනාන්තරය ඇතුලේ පිරිසිදු හුස්මක් ගන්න පුලුවන් මෙහෙම තැනක් තියෙනවා දැක්කම පුදුමයි.ඇත්තටම මේ තැන ගොඩක් නිදහස්.පරක්කු වෙලා තියෙනවා මදිවට මම මේක ඇතුලේ තිබුන ලස්සනත් බල බල අන්තිමට TD Entertainment Academy එකට පලවෙනි පාරට මම අඩිය තිබ්බා.
ඇකඩමියට ආවට කොහෙටද යන්න ඕනෙ කියලා මම දැනගෙන හිටියේ නැති වුනත් Receptionist ගෙන් අහගෙන මම යන්න ඕන කරන තැන හොයාගත්තා.ආයිශ්.! මෙතන ගොඩක් අය ඉන්නවනේ.පේන විදිහට එලියෙන් ඉන්නේ ඉන්ටර්විව් එකට ආව අයගේ භාරකාරයෝද කොහෙද.එයාලට ඉන්ටර්විව් කරන හරියට යන්න දෙන්නෙ නැහැ වගේ.මාත් එක්ක කවුරුත් ආවේ නැහැ නේ ඒක නිසා ඕවා ගැන වද වෙන්න ඕනෙත් නැහැ දැන් කොහොම හරි ඉන්ටර්විව් එකට ඉන්න විදිහක් හොයාගන්න ඕන.
YOU ARE READING
Dream ( Yizhan FF ) ✔️
FanfictionI believe that dreams come true.......... Because mine did when i met you..... ❤️💚 ******************************** මෙය මා විසින් ලියන ලද Ff එකක් පමණයි.මෙහි සදහන් චරිත වල සැබෑ ජිවීතය හා කිසිදු සම්බන්ධතාවක් නොමැත. ( ඩ්රාමා එකක් බලනවා වගේ කියලා හිතා...