☄️ Dream 33 ☄️

426 112 34
                                    

Author's P.O.V

'Zhan ge.... දැන් ඩ්‍රාමා එකේ ෂූටිං ස්ටාට් කලාම මම කොයිතරම් දුරකට ගියත් ඔයත් එක්ක කතා කරන්නේ නැතුව හිටියත්  මගෙත් එක්ක තරහ වෙන්නේ නැහැ නේද.... ආදරේ වෙනස් වෙන්නෙත් නැහැ නේද..... '

'ම්ම්.. චුට්ටක් විතර තරහ වෙනවා..... '

' හරි ඉතින් චුට්ටක් තරහ වුනාට කමක් නැහැ මම කොහොම හරි මගේ සුදූව යාලු කරගන්නම්.... ඒත් ඔන්න ආදරේ නම් වෙනස් වෙන්න බැහැ හාද........ '

' මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති දෙයක් තාම හොයාගෙන නැහැ Bo di.... අහලා නැද්ද ලෝකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම විතරයි කියලා.......... '

' ඔව් ඉතින් හැමදේම වෙනස් වෙනවා තමයි... ඕනේ නම් අපිට මෙහෙම හිතන්නත් පුලුවන් නේ  Zhan ge මට දැන් ආදරේ කරනවට වඩා තව ගොඩාරියක් මට ආදරේ කරන්න පටන්ගන්නවා වගේ.... මගේ ළඟින් ඉන්න තියෙන ආසාව තව වැඩි වෙනවා වගේ පොසිටිව් විදිහට වෙනස් වෙන්න බැරිද........ ??'

' වෙන්න පුලුවන්.... ඒත් තමන්ගේ හිතුමනාපේට වෙනස් වෙන අහස හින්දා වැස්සක් වගේ සැරෙන් සැරෙට කඩාගෙන වැටෙන්නේ නැතුව පුරුදු වෙන්න මහ පොලොවක් වෙලා හැමදේම දරාගන්න..... හෙන ගහන වැස්සකට වුනත්  ඉරි තලන නියගෙකට වුනත් ගස් කොළං මැරිලා ගියත් පොලොව ඒ විදිහමයි..... ඔයත් පොලොවක් වෙන්න Bo di.... වෙනස් වෙන මිනිස්සුන්ගෙන් පලිගන්න දුර්වලයෙක් නොවී සමාව දීලා අමතක කරන්න පුලුවන් තරම් ශක්තිමත් කෙනෙක් වෙන්න.... '

පෙර තමාට මෙලොව සිටි ලෙංගතුම මිනිසා නමුත් දැන් තවත් එක් ආගන්තුකයකයෙක් වූ තමා ඉදිරියේ සිටගෙන සිටින Xiao Zhan කලකට ඉහත පැවසු වදන් Yibo හට සිහි වෙද්දි ඔහු සිනාසුනි...

සැබවින්ම Xiao Zhan යනු අහසකි.... ඔවුන්ගේ ප්‍රේමය ආරම්භයේ සිටම Xiao Zhan යනු Wang Yibo හට ස්පර්ශ කල නොහැකි අහසක් විය.... මිරිගුවකට රැවටී ඔහු අසල සිටීමට හැකි වේයැයි සිතා තමා උමතුවෙන් මෙන් පෙම් කලද කිසි දිනක මහ පොලොව අහස හා එක් වුයේ නැත....

තව ඔහු පැවසූ ලෙසම Xiao Zhan  නම් අහස හරි ඉක්මනින් වෙනස් වුයේ Yibo ට සිදුවන්නේ කුමක්දැයි හරි හැටි වටහා ගැනීමටත් පෙරයි.... අන්ත දුක් විද තමා සමග සතුටින් සිටි ඔහු තමාව අතහැර යන්නේ හිටි හැටියෙයි...සියල්ල උඩු යටිකුරු වීමට පෙර Zhan දැන හෝ නොදැන පැවසු වදන් කොයිතරම් දුරට සත්‍ය වී ඇති බව සිතුණු විට Yibo ට තමාගේ සිනාව පාලනය කරගත නොහැකි විය....

Dream  ( Yizhan FF ) ✔️Où les histoires vivent. Découvrez maintenant