📌️Bela pov📌️
නම්ජූන්ට මේ වුන දේ මට දරාගන්න බෑ...මේ නැතිවුනෙ එයාගේ ජිවිතේ තියන වටිනම දේ...ඇයි මිනිස්සු මේ තරම් ජරා වැඩ කරන්නේ...මගෙ හිතේ තිබ්බ තරහා දුක වේදනාව කියන දේවල් නිසාම මං ජැක්සන්ට නම්ජූන්ව සල්ලි වලට ගන්නවයි කියලා කීවා...ඒත් කොහෙන්ද සල්ලි..මට ඒ වෙලාවෙ සල්ලි ගැන නෙවෙ මගේ නම්ජුන්ගේ ජිවිතේ ගැනයි හිතන්න සිද්ධ වුනේ...මං කොහොමද දැන දැනත් මේ අහිංසකයාගේ ජිවිතේ මෙහෙම විනාශ වෙන්න දෙන්නෙ...
" පුංචි සුරංගනාවි මට සමාවෙන්න..."
මං හිටියේ මෙසෙට ඔලුව තියන්...නම්ජුන්ගෙ කටහඩ ඇහුන නිසා මං ඔලුව උස්සලා බැලුවා...එයා මං දිහා බලන් හිටියේ ඇස් වල කදුලුත් පුරවන්...මං නැගිටලා නම්ජුන් ලගට ගිහින් එයාව මගේ පපුවට තුරුල් කරගත්තා....
" ඩිම්පල් බොයි ඇයි මේ...."
" ඔයා මෙහෙම කරදරෙන් ඉන්නෙ මං නිසානේ...මට ඕන වුනේ නෑ ඔයාට කරදරයක් වෙන්න ඇත්තමයි...මට සමාවෙන්න පුංචි සුරංගනාවි...."
නම්ජුන්ගේ ඇස් වලින් වැටෙන කදුලු එක දෙක මගේ උරහිස් දිගේ ගලාගෙන යනවා මට දැනුනා...මං නම්ජුන්ගෙ මූන මගේ පැත්තට හරවා ගත්තා...
" ඩිම්පල් බෝයි මේ අහන්න මං ඔයාට පොරොන්දු වුනා ඔයාව ආරක්ෂා කරගන්නවා කියල...ඉතින් මං මේ කරන්නෙ ඒක..මට ඒක කරදරයක් නෙවෙ තේරුනාද..."
" ඔයා දැන් මොකද කරන්න හිතන් ඉන්නෙ පුංචි සුරංගනාවි...."
" මොනවා ගැනද අහන්නෙ ඔයා....."
" මාස්ටර්ට ඔයා කියපුදේ ගැන...."
මං ලොකු හුස්මක් අරන් පාත දැම්මෙ මටත් ඒ ගැන හරියට තීරණයක් ගත්තෙ නැති නිසා...මං කොහෙන්ද සතියක් ඇතුලත ඒ වගේ එච්චර ලොකු මුදලක් හොයන්නෙ...එහෙමයි කියලා මට පුලුවන්ද ජුන්ගේ ජිවිතේ විනාශ වෙනවා බලන්න...නෑ මට බෑ ඒක කරන්න..
" ඩිම්පල් බෝයි..."
" ම්ම්...."
" ඔයා ආසද මං ලගට එන්න..."
" ඔව් ගොඩාක් ආසයි පුංචි සුරංගනාවි...මට ඔයා ලගට ආවොත් මට පුලුවන් ඔයත් එක්ක ඉන්න...ඔයා මට රිද්දන්නෙ නෑ...ඔයා මගේ කන් වලින් අදින්නෙ නෑ..ඔයා මගෙ නැට්ට පාගන්නෙ නෑ...කොටින්ම ඔයා මට හීරිමක්වත් කරන්නෙ නෑ...ඔයා ලග මට ගොඩාක් ලොකු ආරක්ෂාවක් දැනෙනවා පුංචි සුරංගනාවි..."
YOU ARE READING
Hybride Joon (Completed)
Romanceකිට්න් හයිබ්රිඩ් කොල්ලෙක්ගෙයි දගකාර කෙල්ලෙක්ගෙයි ආදර කතාවක් මේක.....කියවලාම බලන්න......😊 Nam_Dinu_Joon ✍️