💦07💦

586 131 84
                                    

📌️ Bela pov 📌️

මාසයක් දෙකක් නෑ මාස ගානක්  ගෙවිලා ගියා....හැමදේම වෙනස් වෙලා...ඔප්පා දැන් හැමොගෙම හිත දිනාගත්තු ආදරනීය නලුවෙක්....නම්ජුන් දැන් යුනි එකෙන් අයින් වෙලා...එයා දැන් අපේ යුනි එකේම ලෙක්චර් කෙනෙක්....මමත් යුනි එකෙ ඉන්න අවසාන අවුරුද්ද මේ....නම්ජුන් ඉන්නෙ මමයි මගෙ ඔම්මයි ඔප්පයි එක්ක...අපි හතරදෙනා දැන් එකම පවුලක්...මං නම්ජුන්ව ආරක්ෂා කරා වගේම නම්ජුන් දැන් මාව ආරක්ෂා කරනවා....හැබැයි ඉස්සර වගේ අපි ලග ලොකු බැදීමක් නෑ..මං දන්නෙ නෑ ඒකට හේතුව....සමහරක් විට ඒ එයාගේ යාලුවා මියා ඔන්නි නිසා වෙන්න ඇති....එයා අද වෙනකොට වෙනස්ම චරිතයක්....කිසිම කෙනෙක්ට බය නැති ඕනම කෙනෙක් එක්ක හැප්පෙන්න තරම් ශක්තිමත් වගේම බුද්ධිමත් කෙනෙක්.... මුලින් එයාව පිලිකුල් කරපු එයාට අපහාස කරපු හැමෝම දැන් එයා ඉස්සරහා ඔලුව පාත් කරනවා...ඔව් දැන් මගේ ඩිම්පල් බොයි ලෝකයම දිනලා ඉවරයි...අද එයා මේ සමාජය ඉදිරියෙ ගොඩාක් ශක්තිමත් කෙනෙක්......

" හරි ඔක්කොමලා පාඩමට ලෑස්ති වෙන්න...."

මට එ ඇහුනේ මං අහන්න ආසම කටහඩවල් වලින් එකක්...ඔව් ඒ නම්ජුන්ගෙ කටහඩ...දැන් එයා තමා අපේ ලෙක්චර්....මං එයා දිහා බැලුවා එයා හැමදාම වගේ ඇදන් හිටියේ හූඩි එකක්....මුන වැහෙන්නම දාපු මාස්ක් එක නලලට වැටිලා තියන කොන්ඩෙ කෙල්ලො පිස්සු වට්ටන ඒ හීනි ඇස් ඔව් මගේ ඩිම්පල් බොයි ගොඩාක් කඩවසම්....ඒත් එයා දැන් මගේමද....එක ගෙදර හිටියත් අපි දැන් දවසට කතා කරන්නෙ වචන දහයක් විතර....කාලයත් එක්ක හැමදේම වෙනස් වෙලා...හැමදේම.....මං ඉන්නෙ සතුටින්ද....නෑ මං සතුටින් නෙවෙ.....මං කොහොමද සතුටින් ඉන්නෙ මට මගෙ ඩිම්පල් බොයි නැති වෙලා තියනකොට...හැබැයි මං එක එයාට පෙන්නන්න යන්නෙ නෑ...මොකද නොලැබීම කියන්නෙ මගෙ ජිවිතෙ මට උරුම දේ....

මොකද නොලැබීම කියන්නෙ මගෙ ජිවිතෙ මට උරුම දේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Hybride Joon (Completed)Where stories live. Discover now