නැවතත් සිහිඑනවිට ටකේෂිට තරමක සුවයක් දැනෙන්නට තිබිණි.
බොහෝවිට ඒ සිහිනොමැතිව සිටිකාලයේදී පපුවේ වේදනාව නොදැනුණුනිසා වියහැකියැයි ඔහු කල්පනා කළේය. යන්තම් ඇස්හැර වටපිටබැලූ ටකේෂි දුටුවේ නිදාගෙනසිටි මෙට්ටය අසල දණගසාගෙන සිටින නොරිකො වෙදඅම්මා ය.
ඇය ඉදිරියේ කුඩා ලී කැටයම්කළ මේසයක උණුවතුර පෝච්චියකි. ඊට එහායින් කුඩා ඇඹරුම් වංගෙඩියක්මත කුඩුකරනලද ඖෂධ පැළෑටි කිහිපයකි. ටකේෂිට ජින්සෙන් සුවඳ නිදාසිටි කුටියපුරාම පැතිරඇතිබව දැනුණේ ඉන්පසුවය.
"ටකේශි සාන්, මට හරිම කනගාටුයි-" පුළුන් ගුදිරිය අසල දණ ගසාගෙනසිටි නොරිකෝ දෑත් කලවාමත තැන්පත් කරගෙන මොහොතක් නිහඬවුවාය. "ටකේශි සාන්ට අනංගය දෝසේ හැදිලා!"
නොරිකෝ කුමක්හෝ විහිළුවක් කරන්නට සුදානම්වන බවසිතාගත් ටකේශි, ඇගේ බැරෑරුම් මුහුණුවර සිනහවකින් බිඳීයනතෙක් බලාසිටි නමුත් එය විහිළුවක් නොවනබව ටකේශීහට ස්ථිරකලේ ඇගේ මුහුණේවූ මහත් අනුකම්පා බැල්මයි.
"අනංග දෝසේ? මොකක්ක්ද ඒ ලෙඩේ...? මම ඇහුවෙත් අදමයි!"
"ඒක ආදරවන්තයන්ට හැදෙන ලෙඩක්, සාන්."
"පිස්සු!" ගුදිරියමත එරමිනියා ගොතාගත් ටකේශි නොරිකෝ පිළිගැන්වූ ඔසුවතුර බඳුන දෑතින්මගෙන දෙතොලට ලංකොට මුමුණන්නටවිය. "මම හිතන්නේ නැහැ වෙඅම්මා කියනවාවගේ ලෙඩක් මට ඇතියි කියලා! ආදරවන්තයෙක්වෙන්න මට කවුරුහරි ආදරේකරන්න එපැයි!!"
නොරිකෝ සුසුමක් හෙළුවේ පළමුවරට කුඩාදරුවෙකුට මරණයයනු කුමක්දැයි තේරුම්කරදීමට අපොහොසත්ව ලතවෙන කෙනෙකුන්මෙනි. පැවසීමටයන විස්තරය ඇසූවිට ජීවිතය පිළිබඳවදැක්ම නොවෙනස් කළහැකි ආකාරයකට පෙරළෙන නමුත් මරණය කවදාහෝ විස්තර කළයුතුය යනහැඟීමෙන් කුඩා දරුවෙකුට මරණයගැන කියාදෙන්ටයන වැඩිහිටියකුසේ නොරිකෝ අත්තම්මා කතාව ආරම්භ කලාය.
YOU ARE READING
කන්සකුරා කතන්දරේ
Romanceනොලද ආදරේනිසා හනාහකී පපුවේ මුල් බැහැගන්න්වාලු... පස්සේ, ඒ වේදනාවනිසාම මුල්ගිය ආදරේ දලුදාලා... අතු ලියලලා... මල් පිපෙන්න ගන්නවලු... මැරෙන්න කලින් එකමඑක වතාවක් දයාබර යුකීව දකින්නට ලැබුණොත් ඒ හොඳටමඇතියි කියලා සමුරායි ටකේශි කල්පනාකලා. (සිංහල බසින් ලියැව...