දහනව වෙනි දිගහැරුම ...💝

2.1K 449 105
                                    

💝💝 Because of you 💝💝.........

🌞 🌞🌞🌞🌞

පුරුද්දට මෙන් සියල්ලන්ටම පෙර සීන් ඇහැරුනේ ය .... ඔහු හෙමින් නැගිට යන්නට සූදානම් වෙද්දී යීබෝ අවදිවූ නිසා යලිත් සීන්ව තදකර අල්ලාගෙන පපුවට තුරුලුකරගත්තේය ...

" මං තේ හදන්නම්...."

" තාම එයාලා නිදි....."

යීබෝ සීන්ව අත නොහැරම කීවේය ...

" මං මල් කඩාගෙන එන්නම්..."

" අද මල් යාය බලන්න යන හින්ද දැන් මල් කඩන්න යන්න ඕනෙ නෑ කට වහගෙන ඔන්න ඔහොම තව ටිකක් නිදා ගන්න මගෙ මැණික..."

සීන් යලිත් නිහඩ විය.... යීබෝ සෙමින් සීන්ගේ හිස අතගෑවේය ... සීන් සෙමින් යීබෝගෙ පපුව මත හාදු කිහිපයක් තැවරුවේය ....ඒ ඉතින් සීන් මේ ලෝකයේ රැදෙන්නට කැමතිම ස්ථානයයි.... ඒ පපුමතින් එන උණුසුම .... ඒ හදවතේ ශබ්දය සීන්ට ගෙන එන්නේ වෙනස්ම ආදරණීය හැඟීමකි....ඉතින් යීබෝගෙ බලකිරීමට සීන් යලිත් දෙනෙත් පියාගත්තේය ....

⏰ ⏰⏰⏰

උදෑසන 10 වනතුරු යීබෝ රෝහලේ රැඳී සිටි අතර ඉරිදා දිනයක් වන බැවින් එදිනට බාහිර රෝගී අංශය පවත්වන්නේ නැති නිසා චාඕ රෝහල තුළ රැඳෙමින් පැමිණ සිටි අය සමග ඇවිදින්නට යීබොව පිටත්කලේය ...

මුලින්ම සිව්දෙනාම පිටත් වුනේ ලැවෙන්ඩර් මල්යාය බැලීමටයි....

" අනේ..... හරිම ලස්සනයි ...."

යූයී මල් යායෙහි මෙන්ම වටපිටාවේ ඇති සුන්දරත්වයට වශී වී බලාගෙන සිටියේය ....

" එන්න ඇල්ල ලඟට යන්න ..."

යීබෝ රෑන්ග් සමඟ මග නතරවෙද්දී සීන් යූයී සමඟ ඇල්ල අසලට ගියේය ...

"උඹ මෙච්චර සතුටින් ඉන්නවා මං මේ දැක්කමයි යීබෝ ..."

ලැවැන්ඩර් මල් යාය කෙළවරෙහි දිය ඇල්ලට මෙහායින් ඇති ගසක කඳක් මත වාඩිවෙමින් රෑන්ග් කීවේය ...

"ඇත්ත මචං ....මං පුදුමාකාර සතුටකින් සැහැල්ලුවකින් ඉන්නෙ.... "

යීබෝත් එතැනින් වාඩිවෙමින් කීවේය ...

"ඒකට හේතුව අර නෙලුම් මල නේද..."

රෑන්ග් ඇසූ විටත් යීබෝගෙ දෑස් දිදුලන්නට පටන්ගත්තේය ...පිළිතුරක් අවශ්‍ය නැත.... ඒ දෑස් සියල්ල පවසයි.. නමුත් රෑන්ග් යීබෝ කතාකරන තුරු බලා සිටියේය ...

💝💝 BECAUSE OF YOU 💝💝    yizhan ff ( Complete )Where stories live. Discover now